බදාදා රාත්‍රී 11.05ට මහරගම නිවසට ඉදිරිපත් කළ යාචකයන් හය දෙනකු පසුදා පහන්වන තුරු කෑම බීම, ඇඳුම් පැළැඳුම් හා නවාතැන් පහසුකම් දී පොලිසියේ රඳවා ගන්නැයි කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා කොටුව පොලිසියට නියෝග කළේය.
යාචකයන් පිරිස ඉදිරිපත් කළ අවස්ථාවේ මහේස්ත්‍රාත්වරයා විසින් ප්‍රශ්න කළේ ඔවුන්ගේ බල ප්‍රදේශයේ මේ වෙලාවේ වෙනත් කිසිම අපරාධයක් සිදු නොවන්නේ ද යන්නයි.
රාත්‍රී 11.05ට බන්ධනාගාර නිලධාරීන්ට ඔවුන් භාර දීමට නොහැකි හෙයින් ඔවුන් පොලිසියේ නවතා ගන්නැයි මහේස්ත්‍රාත් ඔවුනට උපදෙස් දුන්නේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුදුම රටක්නේ මේ (දී)
ලංකාවේ යාචකයන තහනම් කළා නේද (දී)
හිඟන මිනිස්සු අල්ලලා හිරේ යවන එක වැඩක් ඇති දෙයක්ද? ලංකාවෙ හිඟා කන්න තහනම් කරල නෑ නේද? එහෙම තහනම් කරනවා නම් ඉතින් මේ රට කේතුමතී පුරය වගේ සකල සෞභාග්‍යයෙන් ආඪ්‍ය වූ රටක් කියල ලෝකයේ ප්‍රසිද්ධ වෙයි. (දී)
වැඩක් නැත්නම් අර යකඩ හෝරාව අල්ලගන ආවනම් ඉවරයිනේ (අ)
ඒ අතින් නම් පැරණි කොමියුනිස්ට් රටවල් වගේ අපේරටත් දැන්. ඒ කාලේ එවැනි රටවලත් රාත්‍රියේ යමෙක් බීමතින් හෝ වෙනත් හේතුවකට මහමග රැඳුනාද පොලිසිය ඔවුන් රැගෙනගොස් නවාතැනක තබනවා. පසුදා නවාතැන් ගාස්තු ගෙවා ආපසු යන්න හෝ මුදල් නැතිනම් උසාවියට යන්න පුළුවන්. හැබැයි කොමියුනිස්ට් රටක කිසිම යාචකයෙකුට ප්‍රසිද්ධියේ හිඟන්න දුන්නේ නැහැ. සිඟා කෑම අපේ රටේ ප්‍රධාන ආගමෙන්ම අනුමතකරල නිසා ලංකාවේ යාචක උවදුර නැතිකරන්න විශේෂ උපක්‍රම අවශ්‍යවේවි.(අ)
අර යකඩ වරෙන්තුකරුව රෑට අල්ලන්න අමාරුද? (නි)
පොලිසියේ අයගේ ගෙදරවල් වලට ගෙනිහින කන්න අදින්න දෙන්න කියලා නියෝග කරන්න තිබුනේ.වැඩ නැත්තන් අල්ලන්නකෝ අර යකඩ යකා... (නි)
නියමයි. පැසසිය යුතු උතුම් තීන්දුවක් ..... (නි)
හොඳම කට්ටියකට බාර දීලා තියෙන්නේ කෑම බීම දෙන්න. දිරවගන්න අමාරු වෙන්න ඇති. (නි)
දෙයියන්ගේම පිහිටයි යාචකයන්ට. (නි)
මේ අභීත, වීර,එඩිතර සහ බුද්ධිමත් ක්‍රියාව කරන ලද පොලිසිය කොහෙද කියලා දැන ගන්න අපහසුද? (නි)
හු ලංකාවේ පොලිසියට හූ.... (නි)
ඉස්සර හිගන්නෝ කියන්නේ වැරහැලි ඇදගෙන අත පාන අයට.දැන් හිගා කන්න වෙලා තියෙන්නේ රැකියාවකුත් කරන වේලක් හැර වේලක් දරුවන්ට කන්න දෙන්නවත් බැරි අය.අපිට දෙවියන්ගේම පිහිටයි. (නි)
පොලිසිය කෙරුවොත් ඔයවගේ හිඟන වැඩක් තමා ඉතින් (නි)
ඉල්ලන් කාලා (අ)
දෙකේ පන්තියේ ළමයි වගේ අපේ පොලිසිය දැන්. (නි)
ඉතා හොඳ තීරණයක්, කියන්න තිබුනේ පොලිසියේ වියදමෙන් තරු 5 හෝටලයක නවතලා පහුවෙනිදට නිදහස් කරන්න කියලයි. (නි)
හිගා කෑම නීතියෙන් තහනම්. යාචකයන් ඉවත් කිරීම පොලිසියේ කාර්යයක්. (නි)
පුදපි ගමන් කාපී යකා කීවලු ! (නි)
අපේ උගත් මහේස්ත්‍රාත්තුමාගේ නියෝගය මම අනුමත කරමි. රටේ ඕනෑතරම් අපරාද තියෙද්දී යාචකයන් අල්ලා මහා රෑ පිස්සු නටන අපේ පොලිසිය (නි)
පොලිසිය මේ වගේ වැඩක් නැති වැඩ වලට කාලය නාස්ති කරනවා. (නි)
පොලිසිය ඔය වගේ දෙකේ පන්තියේ වැඩ තමා කරන්නේ. අර යකඩ හොර වරෙන්තු පිටින් පොලිසියේ ලොක්කෝ එක්ක ඊයේ පෙරේදත් ප්‍රසිද්ධියේ හිටියා. ඒවා අල්ලන්න බයයි. නියම මහේස්ත්‍රාත්තුමෙක්. හොද පරිප්පුව පොලිසියට (නි)