නාසා ආටිමිස් II මෙහෙයුමේ ගගනගාමීන් සිව්දෙනා රැගත් ඔරායන් යානය, සඳ වටා ගමන් කිරීමට සූදානමින් සිටී. යානය සඳ දෙසට යන මාර්ගය වෙත යොමු වී ඇති බවත්, මෙය පෘථිවි ගගනගාමීන් පිරිසක් අභ්‍යවකාශයේ වැඩිම දුරක් ගමන් කනරන පළමු අවස්ථාව බවත් නාසා ආයතනය පැහැදිලි කර ඇත.

ඔරායන් යානය, අද සඳුගේ ඉහළ කක්ෂයට පිවිසීමට නියමිතය. එය සඳ වටා කැරකෙන්නේ එම කක්ෂයේ සිටය. යානය සඳට ගොඩබෑමක් නොකර ආපසු පැමිණෙයි. ආටිමිස් 2 යනු ඔරායන් යානයේ පද්ධති පරීක්ෂාවකන් සිදු කිරීම සඳහා කරන පුහුණු පර්යේෂණ මෙහෙයුමකි.