IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


යළි කිසිදාක උතුරේ දකුණේ යුද්ධ නෑ

(අංජුල මහික වීරරත්න)

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (19) පෙරවරුවේ අත්තිඩිය ‘මිහිඳු සෙත් මැදුර’- සුවතා නිකේතනය වෙත ගොස් එහි නේවාසිකව ප්‍රතිකාර ලබන නේවාසික සෙබළුන්ගේ සුවදුක් විමසා බැලීය. 

සෙබළුන් හමුවට ගොස් ඔවුන් සමඟ සුහද පිළිසදරක නිරත වීමෙන් අනතුරුව ජනාධිපතිවරයා සෙබළුන් විසින් අඳින ලද සිතුවම් හා නිර්මාණ නැරඹීමටද එක් විය. 

තිස් අවුරුදු යුද්ධය හේතුවෙන් උතුරේත් දකුණේත් විශාල පිරිසකට තම ජීවිත මෙන්ම අත්පා හා ශරීර කොටස් අහිමි වී සදහටම ආබාධිත තත්ත්වයට පත් වීමට සිදු වූ බව පැවසූ ජනාධිපතිවරයා යළිත් කිසිදු දිනෙක මෙවන් තත්ත්වයක් ඇති වීමට ඉඩ නොදෙන බව අවධාරණය කළේය.

අබාධිත තත්ත්වයට පත් සෙබළුන් මෙන්ම ඔවුන්ගේ පවුල්වල අභිවෘද්ධිය වෙනුවෙන් තමා අඛණ්ඩව කැප වන බවද ජනාධිපතිවරයා සඳහන් කළේය. 

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මිහිඳු සෙත් මැදුර - සුවතා නිකේතනයෙහි සේවයේ නිරත වෛද්‍යවරුන් ප්‍රමුඛ කාර්ය මණ්ඩලය සමඟද අදහස් හුවමාරු කර ගත්තේය. සෙබළුන්  වෙනුවෙන් තවදුරටත් ලබා දිය හැකි වෛද්‍ය හා සේවා පහසුකම් සැපයීම පිළිබඳව මෙහිදී විශේෂ අවධානය යොමු විය. 

ආරක්‍ෂක ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් තුයියකොන්තා, යුද හමුදාපති ලුතිනන් ජනරාල් ලසන්ත රොද්‍රිගෝ, මිහිදු සෙත් මැදුරේ සේනා විධායක බ්‍රිගේඩියර් ඩබ්ලිව්. ජී. එස්. ඩී. එස් රාජකරුණා, යුද හමුදා රණ සේවා හා පුනරුතථාපන අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් ඩබ්ලිව්. ඒ. එස් විජේදාස ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරී පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගී වූහ. 

 

 



අදහස් (10)

යළි කිසිදාක උතුරේ දකුණේ යුද්ධ නෑ

ගුණරත්න Monday, 19 May 2025 01:48 PM

මිනිස්සු බනින්න ගත්තාම බිසී නැති වෙනවා, කාලසටහනේ ඉඩ මැවෙනවා, තීරණ වෙනස් වෙනවා, කොයි ලොක්කත් දෙකට නැවෙනවා...

:       14       130

බණ්ඩාර රත්නායක Monday, 19 May 2025 02:41 PM

මොනවද දොඩවන්නේ ගුලි කාලාද? ජනාධිපතිතුමාට මිනිස්සු බනිනවා නෙමෙයි ඒ. ආබාධිත රණවිරුවෝ බලන්න ගිහින් පිළිසඳර කතා ඒ...

:       93       17

යෝගා Monday, 19 May 2025 02:41 PM

ඔව් මෙයා කොටි ඩයස්‌පෝරාවට පොරොන්දු වෙන්න ඇති යුද්ධයකින් තොරවම උතුරට පෙඩරල් දෙන්න. මෙයාට අනුව නම් අතපය අහිමිව ඉන්නේ නිකම්ම නිකන් සෙබලු. රණ විරුවන් නෙමෙයි.

:       13       78

කුකුල් චමින්ද Monday, 19 May 2025 03:20 PM

යෝගා බයියට මතක නැතිව ඇති, යෝගා බයිය කඩේ යන ෆෙරාරි සීයා අගමැති වෙලා ඉන්න කාලේ, යුද්ධයකින් තොරව උතුරු-නැගෙනහිර කොටින්ට සින්නක්කරවම ලියලා දෙන්න ලෑස්ති වුණා. චන්ද්‍රිකා පාර්ලිමේන්තුව විසුරුවලා යන්තම් රට බේරාගත්තා.

:       14       70

Lalith Monday, 19 May 2025 04:05 PM

බලාගෙන ගියාම යුද වැදීමේ එකම සාධකය පචේ..

:       3       67

Neel Monday, 19 May 2025 04:27 PM

යෝග , ගුණේ ඔය දෙන්නා... ලබන ආත්මයේදී අනිවාර්යයෙන්ම අපාගත වේනවා කියන බොරුවලට, කටුඉඹුලේත් අනිවාර්යයෙන්ම නගින්න වෙනවා... ජාතිවාදය පතුරනවාට...

:       64       6

Rawidu Monday, 19 May 2025 04:42 PM

කයිය නම් තවම අඩුවක් නැහැ.

:       4       57

Gavin Monday, 19 May 2025 04:53 PM

කිව්වොත් ඉතින් පරම සත්‍යය තමයි.

:       1       46

fairoos Monday, 19 May 2025 06:44 PM

බයියෝ තාම රට බංකොළොත් කරපු පට්ට හොරුන්ටමයි කඩේ යන්නේ...

:       0       0

සිංහල නිංජා Monday, 19 May 2025 11:25 PM

නයට කහින නජුංසකයින්ට සිංහල මිනිස්සු නගේ අයිතිය ගැන කථා කිරිම ජාතිවාදය ද, කොන්ද නැති නායකයන් රට පාලනය කිරිමේ විපාක.

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 675 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 551 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 446 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site