සිංහල දෙමළ හා මුස්ලිම් ආගමික නායකයන්ගේ ආශිර්වාද මැද චිරාගත සිරිතට පැරිසියේ නිදහස් උළෙල පැරිසියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේදී පැවැත්විණි. තානාපති ආචාර්ය දයාන් ජයතිලක ජාතික ධජය එසැවීය. විරුවන් සමරා ජාතික ගිය ගයා පොල්තෙල් පහන දල්වා ජනපති හා අගමැති නිදහස් දින පනිවුඩ තෙබසින්ම ඉදිරිපත් කැරිණි.
විරාගය ඇතුළු නවකතා රැසක් ප‍්‍රංශ බසට පෙරළු මණ්ඩාවල පක්‍ද්ක්‍ඳාවංශ හා පූජාපිටියේ සන්තුෂිත හිමි ආගමික වතාවත් ඉටු කළහ. නිදහස ලැබූ වසර හැට හතරෙන් අඩක්ම යුද්ධයට ගෙවීගිය බව කී තානාපති ජයතිලක යළි එවැනි පරිසරයකට ඇදී නොයාමට නම් සියලූ දෙනා එකමුතුවිය යුතු යැයිද ගෞරවනීය ලෙස ජීවත්වීමේ මඟ බුදු දහමින් පෙන්වා දී ඇතැයිද කීවේය.



1
මුස්ලිම් කොංග්රස් මන්ත්රිනිය බේරාගන්න ආණ්ඩුව උසාවි යයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"සිංහල දෙමළ හා මුස්ලිම් ආගමික නායකයන්ගේ ආශිර්වාද " කොහෙද මහත්තයෝ සිංහල දෙමල මුස්ලිම් ආගම්.. ඒ ජතින්නෙ
සියලුම ආගම්වලට ගරු කරන එක හොදයි. නමුත් තමන්ගෙ රට, තමන්ගේ රටේ සංස්කෘතියට අපි හිස නැමිය යුතුයි. රජය නියෝජනයට තමන්ගෙ රාජකාරිය ගැන අවබෝධයක් ලබාදීම ඉතාමත් වැදගත්
ධර්මපාල මහත්තයගෙ ප්‍රකාශය බොහොම ලස්සනයි. ඕනෙම රටක සංස්කෘතිය සහ විවිධ ආගම් පටලැවිල්ලක් නැතිව හොදට තේරුම් ගත යුතුයි