IMG-LOGO

2025 අගෝස්තු මස 15 වන සිකුරාදා


‘‘යළ කන්නයට පොහොර නිසි කලට දෙන්න‘‘

(සුජිත් හේවාජූලිගේ)

යළ කන්නයට අවශ්‍ය පොහොර නියමිත කාලයේදීම ගොවි ජනතාවට ලබා දීමට පියවර ගන්නැයි ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරින්ට උපදෙස් දුන්නේය.

පොහොර කාර්ය සාධක බළකාය ජනාධිපති කාර්යාලයේ දී රැස්වූ අවස්ථාවේදී ජනාධිපතිවරයා මේ බව පැවසීය.

විවිධ තාක්ෂණ ක්‍රම යොදා ගනිමින් දේශීයව කාබනික පොහොර වර්ග  භාවිතය පිළිබඳ ගොවීන් නිසි ලෙස දැනුම්වත් කිරීමේ අවශ්‍යතාව පැහැදිළි කළ ජනාධිපතිවරයා ඒ සඳහා පොහොර කාර්ය සාධක බළකායේ නිලධාරීන් යොදාගත යුතු බව මෙහිදි අවධාරණය කළේය.

කාබනික පොහොර භාවිතය පිළිබඳ නිසි ලෙස දැනුම්වත් නොකිරීම පසුගිය කන්නයේ දී ඇතැම් ගොවීන් අසාර්ථකවීමට හේතු වී ඇතැයි ද එහිදි සාකච්චාවට බඳන් විය.

මෙවර එම අඩු පාඩු මගහරවා ගනිමින් කෘෂිකර්ම පර්යේෂණ සහකාර නිලධාරීන් මගින් ගොවි ජනතාව නිසි අයුරින් දැනුම්වත් කළ යුතු බවත්  අදාළ සියලුදෙනා දැනුම්වත් කිරීමේ වැඩසටහන්වලට සහභාගී වීම අනිවාර්ය කළ යුතු බවට ජනාධිපතිවයා උපදෙස් දුන්නේය.

කුමන හේතුවක් මත හෝ ගොවියාගේ ආදායම අඩු වීමට ඉඩ නොතබන ලෙසත් ගොවි ජනතාව තුළ විශ්වාසය තහවුරු කරන ලෙසත් නිලධාරීන් දැනුම්වත් කළ අතර කාබනික වගාවන්ට යොමුවීමට ගොවීන් මැලිකමක් දැක්වීම කෙරෙහි විවිධ කාල වකවානුවල ලද අසාර්ථක අත්දැකීම් බලපා ඇති බව ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙහිදි සඳහන් කළේය .



අදහස් (7)

‘‘යළ කන්නයට පොහොර නිසි කලට දෙන්න‘‘

dasa Friday, 04 February 2022 06:32 AM

නින්දෙන් නැගිට කතා කරයි...

:       0       0

ගජමිතුරු Friday, 04 February 2022 06:32 AM

කාබනික පොහොර ගැන දැනුවත් කිරීම තියා කෘපනිසලා දකින්නත් නැහැ.. ඔවුන්ගේ තනතුර කෘෂිකර්ම නිෂ්පාදන පරයේෂණ සහකාර නම් ඔවුන් ගොවිබිම්වලට නොගොස් කරන පර්යේෂණ මොනවද? කාබනික වගාව සාර්ථක වීමට නම් කෘපනිසලා කුලී ත්‍රීවීලර් පදවලා කාර්යාලයේ දින පමණක් එහි ඉඳලා වැඩක් නැහැ. ඔවුන් ක්‍රියාශීලී වෙන්න ඕනෑ... ඔවුන් අධීක්ෂණය කරන්න ඕනෑ...

:       0       0

Sunil Friday, 04 February 2022 07:24 AM

සීතල කාමරවල ඉඳගෙන කෙරෙන සාකච්ඡා අනන්තයි.. යල වගාවත් එහෙනම් විනාශයි. දිගින් දිගටම රසායනික පොහොර යොදා පිටරැටියන් වගාකළ සහල් කන්න අපේ රටවැසියන්ට වාසනාව තියෙනවා.

:       0       0

jayath Friday, 04 February 2022 10:27 AM

මේකේ සරල තේරුම මේ පාර ගියපාර වගේ අනාගන්නේ නැතුව ගොවීන්ට අවශ්‍ය අකාබනික පොහොර ටික ඉස්සර වගේ කලට වෙලාවට දෙන්න කියන එක.. ඕක ඉතින් ජනපති උතුමාණන්ට කියන්න පුළුවන්ද? බැහැ නොවැ!

:       0       0

Pradeep Kumara Friday, 04 February 2022 12:16 PM

ඔබතුමා හිතන්නේ 100%ක්ම කාබනික පොහොර වලින් පමණක් වගාවන් කරන්න පුළුවන් කියලාද?

:       0       0

ඛි ,ජි ආනන්ද අජිත් කුමාර Sunday, 06 February 2022 07:12 AM

කාබනිකව වාගාකළ හැක. පරීක්ෂණ අවසානයේදී හොඳ අස්වැන්නක් ලබාගත හැකිය...

:       0       0

සුරංග Monday, 07 February 2022 06:57 PM

මිනිස්සුනේ, නුඹලාට තේරෙන්නේ නැද්ද? මේ කරන්නේ තනිකර වංචාවක්... කාබනික පොහොර දානකොට අස්වැන්න අඩුවෙනවා. එතකොට හාල් හිඟයක් එනවා. ඒක නැති කරන්න පිටරටින් හාල් ගේන්න වෙනවා. හාල් ගෙන්නන්න විශාල පිරිවැයක් පෙන්නලා කොටසක් තමන්ගේ සාක්කුවලද දමා ගැනිමට පුළුවන්... දැන්වත් තේරුම් ගනිල්ලා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 103 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 884 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 380 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site