
(අංජුල මහික වීරරත්න)
18 වන වතාවටත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යාමට තමා කිසි සේත්ම බලාපොරොත්තු නොවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
ඕනෑම ප්‍රශ්නයකට විසඳුමක් දිය හැක්කේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි රාමුව තුළ පමණක් බව කී ජනාධිපතිවරයා එයින් පිට යන්න හැකියාවක් නැතැයි ද මාස හයක රාමුවක් ලබා දී තිබෙන අතර වැඩ කටයුතු කළ යුත්තේ ඒ රාමුව තුළ පමණක් බවද සඳහන් කළේය.
පෞද්ගලිකරණය කරන්න එපා යැයි වෘත්තීය සමිති කියන බවත් මෙිවාට වියදම් කරන මුදල්වලින් තුනෙන් එකක් විශ්වවිද්‍යාලවලට සහ පාසල්වලට දුන්නා නම් මීට වඩා දියුණුවක් තිබෙන බවත් පැවසූ ජනාධිපතිවරයා වෘත්තීය සමිතිවලට ඕන විදිහට වැඩ කරන්න බැරි බව කීය.
. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන පිළිබඳ විශ්ව විද්‍යාල ආර්ථික විද්‍යා අධ්‍යනාංශයන්හි ආචාර්යවරුන් දැනුවත් කිරීමේ අවස්ථාව අමතමිනි.
යළිත් ඇෆ්ගනිස්තානයෙන් පිටුපස්සට ශ්‍රී ලංකාව වැටෙන්න දෙන්න බැරි බවද ජනාධිපතිවරයා කීය.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත් කෙටුම්පත , සත්‍ය හා ප්‍රතිසන්ධාන කොමිසම සහ දූෂණ විරෝධී පනත් කෙටුම්පත යන කෙටුම්පත් තුනම ජූනි මාසය වන විට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඊට සහාය දෙනවාද? නැද්ද? යන්න පිළිබඳව ඡන්ද විමසීමක් සිදු කිරීමට බලාපොරොත්තු වන බවත් අනතුරුව එම එකඟතාවයේ ඇති ප්‍රධාන කරුණු නීතියක් ලෙස ගෙන ඒමට කටයුතු කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
මුදල් අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී මෙම හමුව පැවැත්විණි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සෙනග සූ ගාලා ..
ඔය කොහේ නොගියත් කමක් නැහැ .. හැබැයි ගෙදර නම් යන්න සිද්ද වෙනවා නොඅනුමානයි .
ඇයි යකෝ බිත්තර ,කුකුල් මස් රටින් ගේන්නේ .ලෝකෙන් ණය
තමාට කොහොමත් අයි.එම්.එෆ් කොහෙවත් යන්න ඕන වෙන්නේ නෑ .ගෙදරට වෙලා ඉන්න සලස්වයි රටේ ජනතාව
පවු නොදී ගෙදර යන්න
රැවටෙන්න එපා.දක්ෂ නායකයෝ බිහිවෙන්නේ ඉදිරි තරුණ පරපුරෙන් මිස පරණ ඉස්කෝල වලින් නොවේ
මේ හාදයාගේ මොලේ ( හිසේ නැතිබව කවුරුත් දන්නවා ) ශරීරයේ පස්චාත් භාගයේත් නැහැවගේ. මිනිහා ආයේ අයි එම් එෆ් යන්නේ නැහැයිලු. ආයේ යන්නේ කොහොමද හෙට අනිද්දා රටේ මිනිස්සු ගහලා පන්නා ගත්තාම ? නැත්නම් අල්ලලා අමුඩයක් ගස්සලා හිරේ දැම්මාම ?
අනෙ ජනාධිපති තුමනි තවත් වතාවක් අය් යම් එෆ් යන්න නම් එපා. එක් වතාවකින් ම කර ගහන්න බැරි බරක් පටවලයි තියෙන්නේ.
18 වන වතාවටත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත නොගොස් සියල්ල කරගත හැකිනම් එය ගෝලීය වසයෙන් සහ දේශය වසයෙන් ඉතාමත්ම වැදගත්වේ. 1992 මිලියන 907.6 ජනගහනය සිටිනා ඉන්දියාවට කල හැකිනම්, සියලු සම්පත් තිබෙනාවූ මිලියන් 22.5 සිටින ලංකාවට එය කලහැකිවේ. අවශ්‍ය වනුයේ දැඩි මුල්‍ය කළමනාකරණයකි.
පනත් සහ නීති ක්‍රියාත්මක කරන්නේ තමන්ගේ වාසියට පමණයි. අනික් ඒවා උල්ලංඝනය කරනවා
මෙච්චර පුංචි රටක් පාලනය කරන්න පා.ම 225ක් / ප.ස, ප්‍රා.ස ම 8000ක් විතර ඕන නෑ කියලා පොදු මහජනතාව අවුරුදු ගානක ඉදලා කියන්නේ. එයාලාට වියදම් කරන ඒවයි, එයාලා කොමිස් ගහපුවයි, එයාලගේ පවුල් වල නිකමුන්ට වියදම් කරපු ඒවයි, අද්‍යාපනයට දුන්නා නම් තවත් දියුණු කරන්න තිබුනා. එහෙමනම් අපි අද සිංගප්පූරුවටත් ඉහලින් ඉන්න තිබුනා. දේශපාලනයත් ප්‍රතිව්‍යුහගත කරන්න ඕනා. වලවු මජර දේශපාලනය නැති කරලා දාන්න ඕන. පාසැල් විභාග ප්‍රතිපල මත පදනම්ව දේශපාලනයට තරගකාරිත්වය ඇති කරන්න ඕනා. තමන්ගේ පවුල, තමන්ගේ පරපුර , තමන්ගේ පංතිය පෝශනය නොකරන දේශපාලන සංස්කෘතියක් අවශ්‍යයි. මංත්‍රී වරප්‍රසාද නැති කරන්න පුලුවන් නම් ලොකු දෙයක්. ජනාධිපති මහත්තයා ,ඒ සදහා ප්‍රතිපත්ති ඉදිරිපත් කරන්න.
නැවතත් IMF යාමට නොසිතුවද, මෙ යන විදිහට නිකම්ම ඉන්දල, නම් එ ගමන වලකා ලිය නොහැක...තාමත් නිශ්පාදන ක්‍රියාවලියෙ දියුනුවෙ වෙනසක් නැත, ආන්ඩුවෙ අනිසි වියදම් කපා හැර නොමැත, ගසා කෑම්, අනිසි පරිපාලන වියදම්..මෙ කිසිවක අඩුවක් නැත. එත් මිනිසුන්ගෙන් අසීමිතව බදු නම් අය කරයි..බද්දෙන් විතරක් මෙ රට ගෙනියන්න හිතන් ඉන්නවනම්...ඔබ මහ පොල් බුරුවෙකි..
මෙ යන ආකාරයට ගියහොත් නුදුරෙදිම තව කිහිප වතාවක් IMF යන්න සිදු වේ. රටම තව තවත් නය වෙන එක තමය් සිදුවෙන්නෙ.
අයි.එම්.එෆ් කොන්දේසි ඉටු කරන්නේ නැති නිසා කොහොමත් ඊළඟ පාර අයි.එම්.එෆ් එකට යන්න බෑ ඔයගොල්ලන්ට.
ආයේ කොහේ යන්නද? අපායේ මිසක්...!
විවිඩ තනතුරු දරමින් පුරා වසර 46ක් පාර්ලිමේන්තුව නියෝජනය කරමින් 17 වතාවක් IMF ගිහින් රට ගොඩදාන්න බැරි මේ හාදයාව කොහොමද විශ්වාස කරන්න පුළුවන්...?