ඒකාධිපති රාජපක්ෂ රෙජීමය තණකොළ කැපීමට, කාණු සුද්ධ කිරීමට සහ පාරවල් අතුගෑමට යෙදවූ අපේ වීරෝදාර රණවිරුවන් වර්තමානයේ ජාත්‍යන්තර මානුෂීය මෙහෙයුම්වලට යොමු කිරීමට හැකිවී ඇතැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද (08) සිරිකොතේ දී පැවසීය.
‘රටත් ජනතාවත් ණය කර ‘එයාර් - බස්‘ මිලදී ගැනීම සඳහා කෝටි ගණන් වැය කළාක් මෙන් විශාල අහස් යානා දෙකක් අපේ ගුවන් හමුදාව වෙත මිලදී ගැනීමට එදා ක්‍රියා කළා නම් මීටත් වඩා සැලකිලි ජාත්‍යන්තරයෙන් අපට ලැබෙන්න තිබුණා.‘
නේපාලයේ ඇති වූ හදිසි භූමිකම්පාවේ දී නේපාලයට ගොස් එහි මානුෂීය වැඩ කටයුතු වලදී හැකි උපරිමයෙන් දායක වූ බව ද අගමැති කීවේය.
යහපාලනය යටතේ අපේ ත්‍රවිධ හමුදාවට නිසි ගෞරවය හා පිළිගැනීම ලබා දී තිබෙන බවත් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තව ටික කාලෙකින් ආපහු යුද්ධ කරන්නත් පුළුවන් වෙයි..(හේ)
අර මහා කැලය! මැදවච්චිය ! පාමංකඩ ! (බ)
කෙහෙල්මල තමා කඳවුරු ඉවත් කර මානසිකත්වය බිඳ දාල 2004 කළෙත් ඔය ටිකම බුද්ධි අංශය සමුල ඝාතනය කෙරෙව්වා ටීවී වල පෙන්නුවේ ප්‍රභාකරන් මහතාගේ පෙරහුරු හමුදාවට මුදල් දුන්නේ නැහැ අපි ලංකාවේ ඉන්නේ එංගලන්තේ නොවේ (බ)
රජය ණයක් ආපසු ගෙවනවා.(හේ)
අනේ ඔව්. ඒ ගැන හමුදාවෙන්ම අහලා බලන්නකෝ.(හේ)
පාර්ලිමේන්තුව විසුරවන්නකෝ. එතකොට අපි පාර්ලිමේන්තුව සුද්දකරලා දෙන්නම් (නි)
එයට අප ඔබ තුමාට ගෞරව කරනවා.(හේ)
රණවිරුවන්ට දැන් තමයි සැබෑ නිදහස ලැබුනේ.(හේ)
අපේ ..උත්තමාචාර්ය ...ඔබට පුදමි ... ඔබ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව ඔප්පු කළා..(හේ)
ඒකනම් අපේ විරෝධාර සෙබළුන්ට කරපු ලොකුම ගෞරවයයි.(හේ)
ඒකට සලකලා ඔයාට නිසි තැන වන ලගදීම දෙනවා එතෙක් ඉවසන්න. (නදී)
මෙතුමාගේ සටන් විරාමේ කාලේ කොටි රණ විරුවනට පෙන්නුවේ පස්ස පැත්ත (නදී)
ඇත්තෙන්ම අගයකල යුතු කරුණක් (නදී)
රට කොටියට නේද දුන්නේ (නදී)
ඒක අපි නොදන්නවැයි. අච්චර රටට සේවය කරපු දිගුදුර විහිදුම් බලකායටත් නිසි තැන දුන්නේ (පරලොව යැව්වේ) (නදී)
මෙය තමා, මගේ රටේ බුද්ධිමත් ජනතාව තේරුම් ගත යුතු සබැ තත්වෙය, මෛත්රී ජනාධිපති සහ රනිල් අගමැතිතුමාගේ මතු අනාගත මගේ පුංචි ලංකාවේ ලෝකය දින ගන්න සැලසුම් ! මගේ මතය අනුව ශ්‍රී ලංකාවේ සුබ අනාගත පෙර නිමිති ! (බ)
මේ කතාවේ එන "නිසි තැන" කියන වචනයට අර්ථ හුගක් තිබෙන බව අගමැතිගේ අත්සනින් ත්‍රිවිධ හමුදාපතිවරුන්ට වර්ෂ 2015 මැයි 7 වන දින යවපු ලිපියෙන් ඉතාමත් පැහැදිලියි. ඒ ලිපිය කියවපු මට හීන් දහදිය දාන තරමේ මහා පාවාදීමකට ඉඩ සලසන ලිපියක්.පහුගියදා ලංකාවේ දුක සැප බලන්න පැමිණි ජෝන් කෙරී නමැත්ත කියා ඇති නිසා ලංකාවේ නොයෙක් තැන්වල ඇති හමුදා මුරපොළවල් ඉවත් කරන්න කියායි අගමැති හමුදාවෙන් ඉල්ලා ඇත්තේ. රටේ ආරක්ෂාව, ඉදිරියේදී කොහොමට හිටීවිදැයි හිතාගන්නත් බැහැ. (බ)
අනේද කියන්නේ ? (නදී)