කිසිම අධ්‍යාපන හෝ වෙනත් සුදුසුකමක් නොමැතිව පාර්ලිමේන්තු මන්ත්‍රීන් තෝරා ගන්නා ක්‍රමය සහ විධායක ජනාධිපති ක්‍රමය ශ්‍රී ලංකාවට මහත් විනයක් බව කෝට්ටේ නාග විහාරාධිපති මාදුළුවාවේ සෝභිත හිමියෝ අද ගම්පහදී පැවසූහ.
හිටපු ජනපති චන්ද්‍රිකා කුමාරතුංග හා වත්මන් ජනපති මහින්ද රාජපක්ෂ යන ජනපතිවරුන් දෙදෙනාම බලයට පත්වීමට පෙර විධායක ජනපති ක්‍රමය අහෝසි කරන බව පැවසූ නමුත් එය ඉටු නොකළ බව ද ඒ හිමියෝ කීහ.
විධායක ජනපති ක්‍රමය නැති කර පාර්ලිමේන්තුවට මන්ත්‍රීන් තෝරා ගන්නා ක්‍රමය ද වෙනස් කරන ලෙසට ආණ්ඩුවට බල කර සිටින බව ද සෝභිත හිමියෝ පැවසූහ.
1
මුස්ලිම් කොංග්රස් මන්ත්‍රිනිය බේරාගන්න ආණ්ඩුව උසාවි යයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකවේ ඕනැම රජයේ රස්සාවකට යන්න සුදුසුකමක් ඕනේ. විශ්‍රම යන්නට අවුරුදු 60 වෙනකන් ඉන්න ඕනැ. ඒත් මන්ත්‍රී, ඇමති, ජනපති වෙන්න කිසිම සුද්සුකමක් නැහැ. අවුරුදු 5 කට පස්සෙ ජීවිතය තියනතුරු විශ්‍රාම වැටුප්. හොදම හරිය කියන්නෙ පාර්ලිමීන්තුවෙ ඉන්න මහලොකු දේශප්‍රේමියො කවුරුත් මේවට විරුද්ද නැහැ.ඔක්කොම හොරු.
ඔය බණ අහන්න දැන් කවුරුවත් නැහැ ස්වාමීනි.
ජේ ආර් ගෙ කාලෙ ඉදන් කිව්වෙත් ඕක,කියන්නෙත් ඕක.ඒත් බලයට ආවාට පස්‌සේ අමතක කරන්නෙත් ඕක.
දැන් ඇමැතිකමකුත්, මන්ත්‍රී කමකුත් දැන් රැකියාවක් වගේ.
කොන්ද කෙලින් තියාගෙන කතා කරන මෙහෙම හාමුදුරුවරු තවමත් අපේ රටේ ඉන්න එක ගැන ඇත්තටම සතුටුයි.