හම්බන්තොට දී ජනතාව සාමකාමිව පැවැත්වු විරෝධය මර්දනය කිරිම සදහා භික්ෂුන් වහන්සේලාට පවා පහරදීමෙන් යහපාලනය, ප්‍රජාතන්ත්‍රවාදය, නීතියේ අධිපත්‍යය යහපාලන රජය මේ වන විට අවසන් කර ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (08) මහනුවරදී දළඳා වහන්සේ වැඳ පුදා ගැනීමෙන් පසු පැවැසිය.
අස්ගිරි හා මල්වතු මහ නාහිමිවරුන් ද බැහැ දැක මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ ඒ මහතා පැවසූයේ හම්බන්තොට ගැන කිසිම දැනීමක් නොමැතිව නිලධාරින් විසින් කියන දේ කියන බවත් එසේ පැමිණ මහනායක හිමිවරුන්ට පවසන භාගයක්ම බොරු බවත් කීවේය.
රජය පෙරළීමේ ලක්ෂණ මේ වන විට පෙන්වා ඇති බවත් විජයකලා මහේශවරන් කළ ප්‍රකාශය බරපතල බවත් ආණ්ඩුවට එය නොතේරෙන බවත් රාජපක්ෂ මහතා කීය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තමන්ගේ ගම්පළාතේ කොල්ලන්ට රැකියා ලැබෙනවටවත් මෙතුමා කැමති නැහැ වගෙයි (නි)
කාට අමතක වුණත් අපට නම් 88,89 කාලේ හොඳට මතකයි (නි)
ඔබතුමා හරිම බලලෝබියි. (නි)
පසිඳු, දේශපාන වාසි වලට යටවෙලා ලංකාව තවත් දුර්දාන්තයකට ගෙනියන්න එපා. හැකියාව, දක්ෂකම නිරෝගිකම නෙමෙයි, රටේ නීතියක් තියෙනවනේ. බලන්න දැන් මොහුගේ වයස කීයද කියලා. දෙපාරක්ම ජනාධිපති වුණා. තවත් රටේ තරුණ උගතුන්ට අවස්ථාවක් දෙන්න කැමතිම නැහැනේ. පසිදුලා වගේ අය ඉන්නතාක් කල් අපේ රට සිංගප්පුරුවක් වෙන එකක් නම් නැහැ (නි)
මොහු දන්නවා කර තිබෙන විෂමාචාරයන් එළියට විත් අහුවුණොත් ඇඩ්රස් නැතුව යනවා කියා. ඉතින් මොන ක්‍රමයෙන් හරි ආණ්ඩුව පෙරලගන්න තමයි කැසකවන්නේ (නි)
මෙතුමා පන්සල් යන්නේ බුදුන් වඳින්නද ආණ්ඩු පෙරලන්නද? (නි)
පසිඳු, දක්ෂකම තිබෙන්නේ හොරකමට දුෂණයට නම් ප්‍රශ්නයක් තමයි (නි)
යහපාලනය ගෙනා අයත් දැන් කිසිම කතාවක් නැහැ (නි)
ඔබතුමා පෙරමුණ ගන්නවා නම් අපි එක පයින්! (නි)
ඔබලා සිල් රෙදි, සිවුරු ඡන්ද අල්ලස් ලෙස බෙදපු හැටි අමතකද? (නි)
මහත්තයෝ උද්ඝෝෂණයට උසාවියෙන් තහනම් නියෝගයක් තිබ්බකියල අමතකවුනාද? (රේ)
වුර්කයා හා බැටළු පැටවාගේ කතාව, ආපහු මෙයාගේ පාලනය ගේන්නද හදන්නේ.(රේ)
ගිය ආණ්ඩුව කාලේ සිවුරු අන්දලා පල්ලි කඩන්න ඇරියේත් නිල් බළකාය නේ. මේත් ඒවගේම එයාලගේ සෙනගක් තමා නටවන්නේ. (බ)
දැන් නැවතත් යම පාලනය (බ)
දැන් ඔබතුමා දේශපාලනයෙන් විශ්‍රාම ගත්තොත් හොඳ නැද්ද?(හේ)
අධිකරණ නියෝග කමින්, ගල් වලින් ආරක්ෂක අංශ වෙත ගසමින් කළ උද්ඝෝෂණය මෙයා කියනවා සාම කමිලු.(හේ)
රතුපස්වලදී ඒ සිද්ධියට කිසිසේත්ම සම්බන්ධයක් නැති තුන් දෙනෙක්ගේ ජිවිත අහිමි කරපු,කටුනායකදී තමන්ගේ අර්ථසාධකය රැක ගන්ට ආ චානකගේ ජීවිතය අහිමි කළ හලාවතදී ඉන්ධන සහනාධාරය ඉල්ලු ඇන්තනීට ජීවිතය අහිමි කරපු කාලයේ ඔබ තුමා හිටියේ නැද්ද?(හේ)
දැන් මොන දේවල් කිව්වත් වැඩක් වෙන්නේ නෑ.(හේ)
උසාවියේ තහනම් නියෝගයක් තියෙද්දී පෙළපාලි යාම නීතියට පටහැනි නොවේද? එය ප්‍රජාතන්ත්‍රවාදයට විරුද්ධයි නේද? (බ)
වර්තමාන පාලනයෙන් රටට උණු යහපත් දේ කුමක්ද ? තිබුණු සංවර්ධන වැඩ හිතුමතේට නවතා, ඒවාට වන්දි ගෙවා නැවත පටන් ගැනීමට යාම හැර වෙනත් කිසිදු සංවර්දනයක් දැනට කෙරෙන්නේද ? (ම)
මොන පාලනය ආවත් ඔබ තුමා එන්නේ නෑ කියලා විශ්වාසයි.(හේ)
මිනිස්සුන්ට අතීතය අමතක වෙනවා හරි ඉක්මනටම.. කොච්චර සාමකාමිද කියනවනම් ඩලස් පන්සිල් ගත්තෙත් කැප් එක දාගෙන (ම)
යෝග ව්‍යායාම කරන මන්ත්‍රීතුමාට සංඝයා වහන්සේනමකට පසඟ පිහිටුවා වඳින්න බැරි ඇයි (ම)
වඳින හැටි මම පෙන්වමි. (අ)
සුදුවතින් සැරසී,බුදුන් වැඳීමෙන් පසු හිතට විරුද්ධව මෙසේ කතා කරන දේශපාලකයන් තව කොපමණ කලක් අපි දකින්නද? බුදුන් වැඳීමෙන් බල තන්හාව තව තවත් ලැබෙන්නේද යන්නත් තේරුම් ගත නොහැකිය. (බ)
මංජුල හැකියාව, නිරෝගීකම, දක්ෂතාවය ඇත්නම් වයස ප්‍රශ්නයක් නෑ.(හේ)
කවුරු මොනවා කිව්වත් මෛත්‍රී ජනාධිපති තුමා ආයේ ජනපති වෙන්නේ නෑ.(හේ)
දෙයියනේ පිරිමි නේද ? ආත්ම ගෞරවයක් නැද්ද .බලයේ රස වැටුනහම මාළු කෑල්ලට රස වැටුන බළල්ලු වගේ බල තණ්හාවෙන් පොරකනවා.මට ප්‍රශ්නයක් රටට ඇත්තටම ආදරයක් තියෙනවද කියලා.. (හේ)
මේ වගේ උද්ඝෝෂණ පසුගිය කාලේ සිදුවුණා නම්,(හේ)
අනේ මෙහෙම තණ්හාවක්! අනේ මෙහෙම ආසාවක්! ඔබතුමා තමන්ගේම හෘදසාක්ෂියට තට්ටු කරලා බලන්න. (බ)
ඔය බල තන්හාව අයින් කරලා පිනක් දහමක් කරගෙන ඉතුරු කාලය ගත කළොත් නරකද ආයේ කවදාවත් බලේට එන්න ඔබට දෙන්නේ නැති වෙයි (බ)
පන්සල් ගිහින් කියන්නෙත් බොරුනේ. මේ සදහා අදහස් දක්වා ඇති වින්සන්ට් සහ ගමගේ මහතා සමග මා එකග වෙමි. (බ)
මේ මන්ත්‍රීතුමාට දැන් දැන් සමහර දේවල් ගැන අමතක වේගෙන එනවා වගේ (හේ)
ඔබතුමා ගැන අපිට කණගාටුයි (නි)
ඉඊර්ෂ්‍යාව හා කුහකකම. රටේ උග්‍රවන විරැකියා ප්‍රශ්නයට හා රට වැටි සිටින ආර්ථික අගාධයෙන් ගොඩගැනීමට හැමෝම සහයෝගය දෙන්න ඕනෑ. හැමදාමත් ණයට කන්න බැහැ (නි)
තණ්හාය ජායතී ශෝකෝ කිවුවලු (නි)