ජනාධිපතිවරණ ජයග‍්‍රහණයෙන් පසු මේ වන විට පස් මසක් ගතව අවසානය.නව දැක්මක් ඇතිව ඉදිරියට යන බව පවසමින් බලයට පත්වූවත් දැන් ජනපතිවරයා හා රජය යමින් සිටින්නේ කොයිබදටදැයි දන්නා කිසිවෙක් නැත. 19 සම්මත කරගැනීමෙන් පසු ජනපතිවරයා උත්සාහ කරමින් සිටින්නේ මැතිවරණ සංශෝධනයන් රැුගත් 20 ඒ ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගැනීමටය.නමුත් එය ඉක්මනින් සිදුකරගැනීමට හැකි අයුරක් පෙනෙන්නට නැත.ජනපතිවරයා මැතිවරණ ක‍්‍රමයට සිදුකළ යුතුවෙනස්කම් පිළිඹද වහාම සොයාබලන්නැයි අමාත්‍ය මණ්ඩලයට දැනුම්දී ඇතත් එයිනුදු ප‍්‍රගතියක් අත්ව නොමැති අයුරක් පෙනෙන්නට තිබේ.මේ නිසා ජනපතිවරයා හා රජය ශී‍්‍රලංකා නිදහස් පක්ෂය ඇතුලූ විපක්ෂයේ අප‍්‍රසාදයට ක‍්‍රමයෙන් ලක්වෙමින් සිටී.නව මැතිවරණ ක‍්‍රමයක් සකස් කිරීමට ජනපති සිරිසේනට තවත් කල් අවැසිය.නමුත් එසේ කාලය ලබාගැනීම දින සියයයෙන් දුන් පොරොන්දු වලට අනුව ගැටලූවකි.මේ හමුවේ ඔදවැඞී සිටින්නේ ඉක්මන් මැතිවරණයක් පැවැත්වුවහොත් ස්ථීරවශයෙන්ම ජයග‍්‍රහණය කරනු ඇතැයි සිතා සිටින එක්සත් ජාතික පක්ෂයයි.මැතිවරණ ක‍්‍රමය සංශෝධනයකින් තොරව පාර්ලිමෙන්තුව විසුරුවා හැර මැතිවරණයක් කැදවීමට ජනපතිවරයා කටයුතු කළහොත් දැන් පවත්නා තත්ත්වය හමුවේ ශී‍්‍රලංකා නිදහස් පක්ෂය ඔහුව ද්‍රෝහියෙකු ලෙස හදුන්වනු ඇත.මේ බැව් ජනපතිවරයා නොදන්නවා නොවේ.නමුත් උද්ගතව තිබෙන තත්ත්වය හමුවේ ඔහු සිටින්නේ කළයුත්තේ කුමක්දැයි සිතාගත නොහැකිවය.
නව මැතිවරණ ක‍්‍රමය පිළිඹදව එකගතාවයකට එළැඹිීමට දේශපාලන පක්ෂ අපොහොසත් වන්නේ නම් වහාම පාර්ලිමෙන්තුව විසිරුවා හැර මැතිවරණයක් කැදවීමට ජනපතිවරයා තීරණය කර තිබෙන බව පසුගිය සතියේ සන්ඬේ ටයිම්ස් මුල් පිටුවේම සදහන්ව තිබුණි.ජනපතිවරයාටද අවැසි මේ ගැටලූව ඉක්මනින් විසදා ගැනීමටය.දින සියයකින් පසු පාර්ලිමෙන්තුව විසිරුවන බව එදා ජනපතිවරණයේදී ඔහුට සහය දුන් දේශපාලන පක්ෂ වලට ඔහු දුන් පොරොන්දුවකි.ගතවූ මාස කිහිපයේ දින සියය ගෙවී අවසානවූ පසු පාර්ලිමෙන්තුව විසිරුවන බව එක්සත් ජාතික පක්ෂය නැවත නැවතත් පවසා සිටියේ මේ නිසාය.නමුත් එවැන්නක් සිදුනොවුනි.’අපි හුස්ම ගන්නේ අමාරුවෙන්.කවුරුහරි ඉක්මනටම ඔක්සිජන් බටේ උඩ කකුල තියයි වගෙ’්.පසුගියදා පැවති මාධ්‍ය සාකච්ඡුාවකදී අගමැති වික‍්‍රමසිංහ මහතා සිනාමුුසුව පැවසුවේය.පාර්ලිමෙන්තුව විසිරුවීම කල්ගතවීම ඔහුට හා ඔහුගේ පක්ෂයට යහපත් නොවන බව ඔහු දනී.ඒ නිසා ඉක්මන් මැතිවරණයකට යෑමට එක්සත් ජාතික පක්ෂය සිටින්නේ නොතිත් වුවමනාවකිනි.’අප ජනතාවට මුහුණ දෙන්න බයනැහැ’.ඔහු එම මාධ්‍ය සාකච්ඡුාවේදී වැඩිදුරටත් පැවසීය.
දේශපාලන පක්ෂ නායකයින් හමුවීම
මිීට සතියකට ඉහතදී ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක හා එම පක්ෂයේ දූත පිරිසක් ජනපතිවරයා හමුවිය.පසුදිනයේ මාධ්‍ය සාකච්ඡාවක් කැදවූ දිසානායක එහිදී පවසා සිටියේ එළැඹෙන මැතිවරණය පැවැත්වෙන්නේ පැරණි සමානුපාතික ඡුන්ද ක‍්‍රමය යටතේ බව ජනපතිවරයා තම කණ්ඩායම ඉදිරියේ සහතික කළ බවය.මැතිවරණය තවත් ප‍්‍රමාද කිරීම කළනොහැකි බවත් මැතිවරණ ක‍්‍රමයේ සංශෝධනයන් සම්බන්ධයෙන් එකගතාවයකට පැමිණීමට දේශපාලන පක්ෂ අපොහොසත් වන්නේ නම් වහාම පාර්ලිමෙන්තු විසිදුරුවා හරින බවත් ජනපතිවරයා වැඩිදුරටත් කියා සිටි බව ඔහු පැවසීය.නමුත් රජයේ නිල මාධ්‍ය ප‍්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න පසුගිය බ‍්‍රහස්පතින්දා පැවති මාධ්‍ය හමුවකදී පැවසුවේ පැරණි සමානුපාතික ක‍්‍රමය යටතේ පාර්ලිමෙන්තු මැතිවරණය පවත්වනවාද නැත්ද යන්න ගැන තවමත් අවසාන තීරණයක් ගෙන නොමැති බව පැවසීය.20 ඒ සම්මත කර ගැනීම කෙරෙහි රජයේ අවධානය යොමුව තිබෙන බව කියා සිටි ඔහු ඊට අමතරව තොරතුරු දැනගැනීමේ අයිතිය හා ජාතික විගනන කොමිසම පිළිඹද කෙටුම්පත්ද ඉදිරි පාර්ලිමෙන්තු හමුවකදී සම්මත කරගැනීමට සැළසුම් කර තිබෙන බවද කීය.ඔහුගේ මේ ප‍්‍රකාශය පාර්ලිමෙන්තුව විසුරුවා හැරීම අතළග බැවින් නැවත පාර්ලිමෙන්තු සභාවාරයක් නොපැවැත්වෙන බව කියා සිටි අගමැති වික‍්‍රමසිංහගේ ප‍්‍රකාශය හා සැළකීමේදී පරස්පර විරෝධීය.මේ හමුවේ නැවත වතාවක් මාධ්‍ය හමුවක් කැදවූ අගමැතිවරයා තොරතුරු දැනගැනීමේ පනත සම්මත කරගැනීමක් සිදුනොවන බව සහතික කළේය.
ගෙවුනු දින කිහිපයේදී ජනපතිවරයා වැදගත් හමුවන් දෙකකට සහභාගීවිය.එයින් එකක් පැවැත්වුනේ විජේරාම මාවතේ ඔහුගේ නිවසේදීය.එම හමුවට රටේ ප‍්‍රධාන පක්ෂ දෙක හැර අනෙක් පක්ෂවල නියෝජිතයෝ සහභාගීව සිටියහ.ජනපතිවරයා ඔවුන් හමුවේ පවසා සිටියේ ඉදිරි මැතිවරණය පැවැත්වෙන්නේ පැරණි ක‍්‍රමය යටතේ බවය.සදුදා දිනයේ දෙවැනි හමුව පැවැත්වුනේ ජනාධිපති ලේකම් කාර්යාලයේදීය.එයට සියලූ දේශපාලන පක්ෂ නායකයින් සහභාගීව සිටි අතර මැතිවරණයක් ගැන කිසිදු සදහනක් සිදුනොකළ ජනාධිපතිවරයා මැතිවරණ ක‍්‍රමයට සිදුකළ යුතු වෙනස්කම් පිළිඹදව සාකච්ඡුා කළේය.සිදුකළ යුතු වෙනස්කම් පිළිඹද නව අදහස් තිබෙන්නේනම් ඒවා බදාදා මධ්‍යහ්නට පෙර තමන්ට දැනුම්දෙන ලෙස ඔහු උපදෙස් දුන්නේය.එසේ ලැබුණු අදහස් අධ්‍යනය කිරීමෙන් පසු ජනපතිවරයා ඇමති මණ්ඩලය හමුවට පැවැත්වූයේ බදාදා සවස් යාමයේදීය.දීර්ඝ සාකච්ඡුාවකින් පසු මැතිවරණ ක‍්‍රමයට සිදුවිය යුතු වෙනස්කම් පිළිබඳ අධ්‍යයනය කිරීමට සාමාජිකයින් 9 කින් යුතු කමිටුවක් පත්කිරීමට තීරණය වුනි.සරත් අමුණුගම,ලක්ෂ්මන් කිරිඇල්ල,කබීර් හෂීම්,පාඨලී චම්පික රණවක,රවුෆ් හකීම්,පලනි දිගම්බරම්,ගයන්ත කරුණාතිලක,එස්.බී දිසානායක හා රිෂාද් බධුර්දීන් එහි සාමාජිකයෝය.
ඇමති මණ්ඩල හමුවේදී අදහස් දැක්වූ විදේශ අමාත්‍ය මංගලසමරවීර පාර්ලිමෙන්තු මැතිවරණය ජූලි මාසය වන විටදීවත් පැවැත්විය යුතුව තිබෙන බව කීය.එක්සත් ජාතීන් ශී‍්‍රලංකාවේ සිදුව තිබෙන බව පැවසුනු යුධ අපරාධ සම්බන්ධයෙන් සිදුකළ අන්තර්ජාතික පරීක්ෂණයේ වාර්තාව එළැඹෙන සැප්තැම්බර් මාසයේ ජගත් මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කිරීමට නියමිත බැවින් ශී‍්‍රලංකාව ඊට පිළිතුරු බැදීමට සකස් කරන බවට පොරොන්දුවූ දේශීය විමර්ෂණ යාන්ත‍්‍රණය කි‍්‍රයාත්මක කිරීමට පත්වන නව රජයකට කල් අවැසි බව ඔහු පෙන්වා දුන්නේය.මාර්තු මාසයේ විභාගයට ගැනීමට නියමිතව තිබූ මෙම වාර්තාව නව රජයේ ඉල්ලීම මත කල්දැමුණු බව සිහිකැදවූ ඔහු එදා දුන් පොරොන්දුව අනුව කටයුතු කළ යුතු බව අවධාරණය කළේය.නමුත් රාජිත සේනාරත්න අමාත්‍යවරයා ඊට විරෝධය දක්වමින් අපට එයාලාගේ පදයට නටන්න බැහැ යැයි කීය.ඇමරිකාවේ වුවමනාවට පාර්ලිමෙන්තු මැතිවරණයක් පැවැත්විය යුතු නැතැයි ඔහුගේ අදහස විය.
ගෙවුනු සතියේ කොළඹ විදේශ තානාපතිවරුන් හමුවූ මංගල සමරවීර යුධ අපරාධ පිළිඹද ගැටලූවේදී ශී‍්‍රලංකාව හා අත්වැල් බැදගැනීම සම්බන්ධයෙන් ඔවුන්ට ස්තූතිය පුද කළේය.පොරොන්දුවූ ලෙසටම නැගී ඇති චෝදනා විමර්ෂණය කිරීමට ස්වාධීන,වගකිීම් සහගත,දේශීය යාන්ත‍්‍රණයක් සකස් කිරීමට කාලය ලබාදීම සම්බන්ධයෙන් ශී‍්‍රලංකාව අන්තර්ජාතික ප‍්‍රජාවට කෘතඥ වන බවද ඔහු කීය.
සේනාරත්න පවසන දෙයට ජනපතිවරයා සවන්දෙන බව රහසක් නොවේ.ඇමරිකාවේ පදයට නටන්න බැහැ යැයි ඔහු කළ ප‍්‍රකාශය සැළකීමේදී පැහැදිලි වන්නේ පාර්ලිමෙන්තු විසිරුවා හැරීමට ජනපතිවරයාට ඉක්මනක් නොමැති බවය.පසුගියදා පැවැත්වුනු අමාත්‍ය මණ්ඩල හමුවේදීද මේ බව හොදින් පෙනුනි.මැතිවරණ ක‍්‍රමයේ වෙනස්කම් සාකච්ඡුා කිරීමට ප‍්‍රථමයෙන්ම ජනපතිවරයා අමාත්‍ය මණ්ඩලය අමතමින් කියා සිටියේ මැතිවරණ සංශෝධන රැුගත් 20 ඒ සංශෝධනය හදිසි පණතක් ලෙස නොව සාමාන්‍ය පණතක් ලෙසම පාර්ලිමෙන්තුවේ සම්මත කර ගැනෙනු ඇති බවයි.ඔහුගේ මේ ප‍්‍රකාශය හමුවේ 20 ඒ ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පෙත්සම් රාශියක් ගොනුවනු ඇතැයි පුරෝකථනයක් සිදුකළ හැකිය.දැනට ඉදිරිපත්ව තිබෙන ඇතැම් වෙනස්කම් වලට කුඩා පක්ෂ වල මනාපයක් නොමැති අතර 20 ඒ හදිසි පණතක් ලෙස සම්මත කරගතහොත් ජනමතයක් විමසෙන්නේ නැති නිසා එම වෙනස්කම් සම්බන්ධයෙන් තමන්ගේ අදහස්
ඉදිරිපත් කිරීමට අවස්ථාව නොලැබෙන බව එම පක්ෂ වල චෝදනාව විය.නමුත් දැන් අවැසි පරිදි වෙනස්කම් සිදුකරගැනීමට එම පක්ෂ වලටද අවස්ථාව සැළසෙනු ඇතැයි සිතිය හැකිය.
මෙවන් එක් අවස්ථාවක් ගෙවුනු බදාදා දිනයේදී පැවැත්වුනු අමාත්‍ය මණ්ඩල උප කමිටු හමුවේදීද දැකගත හැකිවිය.දැනට ඉදිරිපත්ව සිටින මැතිවරණ යෝජනාවක් වන පාර්ලිමෙන්තු මන්තී‍්‍රවරුන් 196 දෙනෙක් දිස්ති‍්‍රක්කය පදනම් කරගත් සමානුපාතික ක‍්‍රමයකිනුත් අනෙක් 59 දෙනා මුලූ දිවයිනම පදනම් කරගත් සමානුපාතික ක‍්‍රමයකිනුත් පත්කර ගැනීමේ යෝජනාවට ශී‍්‍රලංකා මුස්ලිම් කොංග‍්‍රසයේ නායක රවුෆ් හකීම් විරෝධය දැක්වීය.මෙම යෝජනාව ශී‍්‍රලංකා නිදහස් පක්ෂයේ හා ජාතික හෙළ උරුමය එක්ව ඉදිරිපත් කර ඇතැයි ඔහු චෝදනා කළේය.ජාතික හෙළ උරුමය නියෝජනය කරමින් හමුවට සහභාගීව සිටි එම පක්ෂයේ මහලේකම් පාඨලී චම්පික රණවක හා අතුරලියේ රතන හිමි එම චෝදනාව ප‍්‍රතික්ෂේප කළහ.ශී‍්‍රලංකා මුස්ලිම් කොංග‍්‍රසයේ යෝජනාව වන්නේ ඉදිරිපත් කර ඇති තෝරාගැනීමේ පද්දතීන් දෙනෙක් සම සමව එනම් නියෝජිතයින් 125 බැගින් තෝරාගත යුතුය යන්නයි.එක්සත් ජාතික පක්ෂය ඉදිිපත් කර තිබූ යෝජනාවේ සදහන් වූයේ නියෝජිතයින් 125 දෙනෙකු කේවල ක‍්‍රමය යටතේත් අනෙක් 100 දෙනා සමානුපාතික ක‍්‍රමයේ යටතේත් තෝරාගත යුතු බවය.එක්සත් ජාතික පක්ෂ නියෝජිතයින් හා එක්ව ජාතික හෙළ උරුමය හා ශී‍්‍රලංකා නිදහස් පක්ෂයට දොස් පැවරූ රවුෆ් හකීම් මෙයාලට වුවමනා වෙලා තියෙන්නේ මෙයාලගේ කට්ටිය ලේසියෙන් පත්කර ගන්න පුලූවන් ක‍්‍රමයක් හදාගන්න යැයි කීය.මෙවැනි ක‍්‍රමයක් ස්ථාපිත කළහොත් ජනතා විමුක්ති පෙරමුණට පාර්ලිමෙන්තුවේ කිසිදු නියෝජනයකට ඉඩනොලැබීමේ ඉඩක් තිබීමේ අවදානමක් තිබීමද මෙහිදී සාකච්ඡුාවට බදුන් විය.අතීතයේදී අරගල දෙකකටම නායකත්වය දී තිබෙන ජනතා විමුක්ති පෙරමුණ නැවත වරක් එවැනි ඉරණමකට තල්ලූ කිරීම කිසිසේත් සුදුසුනොවන බව සියලූදෙනාගේ අදහස විය.
20 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ ගැටලූව
මැතිවරණ ක‍්‍රමයට අන්තර්ගතවිය යුතුයැයි ඉදිරිපත්ව ඇති ඇතැම් යෝජනා මුල් කරගෙන උප කමිටුවේ සාමාජිකයිනුත් සිටිනුයේ ගැටලූකාරී තත්ත්වයකට මැදිවය.එනිසා එම යෝජනා පදනම් කරගෙන දළ කෙටුම්පතක් පවා සකස් කිරීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවන බව මේ වන විට සියලූ පාර්ශවයෝ තේරුම් ගෙන සිටිති.උප කමිටු සාමාජිකයෝ මේ පිළිඹද සාකච්ඡුා කිරීමට අද දින සවස් යාමයේ ජනපතිවරයා හා
අගමැතිවරයා හමුවීමට නියමිතය.ජනපතිවරයාගේ නියමයෙන් විශේෂ නියෝජිතයෙකු ලෙස සෞදි අරාබිය බලා යන රවුෆ් හකීමේ මේ හමුවට සහභාගී නොවනු ඇත.
මැතිවරණ ක‍්‍රමයට සියලූ දේශපාලන පක්ෂ වල එකගතාවය පළවීමටත්,එම යෝජනා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විමසීමටත් කාලය අවැසිය.ජනපති සිරිසේනට අවශ්‍ය වන්නේද එයයි.කාලය ඔහුට කරුණු දෙකක් නිසා වැදගත්ය.ඉන් පළමුවැන්න ඔහුගේ ප‍්‍රතිවාදියා බවට පත්වීමට මානබලමින් සිටින හිටපු ජනපති මහින්ද රාජපක්ෂ දුර්වල කිරීමට ඔහුට මේ කාලයේ කටයුතු කළ හැකිවීමයි.දෙදෙන අතර පසුගිය සතියේ පැවැත්වුනු හමුවේදී තමන් පක්ෂයේ අගමැති අපේක්ෂකයා කරන්නැයි මහින්ද රාජපක්ෂ ජනපති සිරිසේනගෙන් ඉල්ලා සිටද ඇත.දෙවැන්න මහින්ද රාජපක්ෂ හා ඔහුගේ පවුලේ සාමාජිකයින් සිදුකර ඇතැයි නැගෙන මූල්‍ය චෝදනා සම්බන්ධයෙන් වඩා විධිමත්ව පරීක්ෂණ කටයුතු දියත් කරවීමට ඔහුට අවස්ථාව ලැබීමයි.මෙය ජනපතිවරණයේදී මෛතී‍්‍රපාල සිරිසේන වෙනුවෙන් ඡුන්දය භාවිතා කළ බහුතරයකගේ වුවමනාවද වේ.මෙමගින් වියැකී යමින් පවතින කීර්තිය ගොඩනගා ගැනීමටත්,දෙපිළ බෙදී පවතින ශී‍්‍රලංකා නිදහස් පක්ෂය එක්සත් කර ගැනීමටත් ජනපතිවරයාට අවස්ථාව ඇත.
නමුත් පසුගිය සතියේ ශ්‍රේෂ්ඨාධිකරණ දුන් තීන්දුවක් ජනපතිවරයාගේ හා ඔහුගේ ආධාරකරුවන්ගේ හිතසුව පිණිස නොවුනි.මූල්‍ය අපරාධ විමර්ෂණ ඒකකයේ නීත්‍යානුකූලභාවය අභියෝගයට ලක්කරමින් තමන් අත්අඩංගුවට ගැනීම තමාගේ මූලික අයිතිවාසිකම් කඩවන්නක්යැයි පවසමින් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂව එම පෙත්සම විභාග කරනතෙක් අත්අඩංගුවට ගැනීමෙන් වැළකී සිටින්නැයි නියෝගයක් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වූ ඊවා වනසුන්දර හා සරත් ද ආබෲ නිකුත් කළේය.ඔවුන් නඩුව නැවත කැදවීමට නියෝග කළේ මාස 5 කට පමණ පසු ඔක්තෝබර් 6 වැනිදාය.
ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව
තීන්දුව හමුවේ ජනපතිවරයා හා රජය කලබලයට පත්විය.සන්ඬේ ටයිම්ස් හා අදහස් දැක්වූ අගමැතිවරයා තම නීතිඥයින් තමාට දැනුම්දුන් පරිදි ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව නිවැරදි නොවන බව කීවේය.
ව්‍යවස්ථාවට අනුව විනිසුරුවරුන් දෙදෙනෙකුට එවැනි නියෝගයක් ලබාදීමේ හැකියාවක් නැහැ.ඔවුන්ට පුලූවන් දැනුම්දීමක් කරන්න පමණයි.මේ අවස්ථාවේදී අනෙක් පාර්ශවයේ කරුණු විමසීමක් පවා සිදුනොකර තමයි තීන්දුව දී තිබෙන්නේ.මේ ගැන නීතිපතිවරයාට පැමිණිලි කරන ලෙස මා මගේ නීතිඥයින්ට උපදෙස් දුන්නා.අපි ඒ විනිසුරුවරුන්ට දුරකථන ඇමතුම් දෙන්නවත්,බලපෑම් කරන්නවත් යන්නේ නැහැ.ගැටලූවක් තිබෙනවනම් අපි ඒක විසදගන්නේ හරියට.මා දන්නා හැටියට පොලිසියත් මේ ගැන නීතිපති ඉදිරියට යන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ. යැයි ඔහු වැඩිදුරටත් කීය.
ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අභියෝගයට ලක්කරමින් අගමැතිවරයා හා අමාත්‍යවරුන් නියෝජනය කරන නීතිඥවරුන් නීතිපතිවරයා ඉදිරියට යෑමට නියමිත බව සදහන්ය.පොලිසියද මේ සම්බන්ධයෙන් නීතිපතිවරයා ඉදිරියේ චෝදනා ගොනු කිරීමට නියමිත බව පැවසේ.
රජයේ අවධානය මේ සම්බන්ධයෙන් යොමුව තිබියදී ජනතා විමුක්ති පෙරමුණ මාධ්‍යහමුවන් පවත්වමින් නැවත නැවතත් කීවේ පාර්ලිමෙන්තුව ඉක්මනින්නම විසිරුවාහැරිය යුතුව තිබෙන බවය.
ඉදිරිපත්වෙලා තියෙන මැතිවරණ යෝජනා වලට දේශපාලන පක්ෂ ටික එකගකරවාගන්න තවමත් ජනාධිපතිවරයාට හැකිවෙලා නැහැ.ජාතික විධායක කවුන්සිලයේ ආයු කාලයත් දැන් ඉවරයි.කවුරුවත් දන්නේ නැහැ පාර්ලිමෙන්තුවේ විපක්ෂ නායකයා කවුද කියලා.මේ ගැන අපි නොයෙක් අවස්ථා වල පෙන්වාදුන්නත් කථානායක තවමත් විපක්ෂ නායකයා හදුන්වලා දීලා නැහැ.අගමැතිවරයා හැටියට ඉන්න රනිල් වික‍්‍රමසිංහට තවදුරටත් අයිතියක් නැහැ.අලූත් පාර්ලිමෙන්තුවක් පත්වීම අවශ්‍යයි.
සන්ඬේ ටයිම්ස් හා අදහස් දැක්වූ පක්ෂ නායක අනුර කුමාර දිසානායක කීවේ එළෙසය.
ගෙවුනු සතියේ ජනතාව ඇසුවේ දුටුවේ රජයේ එක් නියෝජිතයෙකු කුමන හෝ ප‍්‍රකාශයක් කළ විට ඊට හාත්පසින්ම වෙනස් දෙයක් රජයේම තවත් නියෝජිතයෙකු පවසා සිටින ආකාරයයි.අන්දමන්දව සිටින ජනතාවටද,වරදකරුවන්ට දඩුවම් දෙනවා යැයි පවසමින් රජය විරුද්ධ අදහස් දරන්නවුන්ව දඩයම් කරමින් සිටිනවායැයි චෝදනා කරමින සිටින විපක්ෂයටද මැදිව රජය කොහේයමින් සිටිනවාදැයි දන්නා කෙනෙක් නැත.නැගෙන චෝදනා වලට පිළිතුරු දීමට හෝ රජයේම ඇතැම් පුද්ගලයින්ගේ ප‍්‍රකාශයන් නිසා ජනතාව අතර ඇතිව තිබෙන ව්‍යාකූල ස්වභාවය සමනය කිරීම හෝ රජය නිසි කි‍්‍රයාමාර්ගයක් ගෙන ඇති බවක්ද පෙනෙන්නට නැත.යහපාලනය මේ යමින් සිටින්නේ කොයිබටද? සියලූ දෙනා දැන් නගමින් සිටින්නේ මේ පැනයයි.
ස්විස් ගිණුම් විස්තර එළියට - ශී‍්‍රලාංකිකයින් කිහිපදෙනෙකුත් ඒ අතර ප‍්‍රංශ පුවත්පතක් වන ලේ මොන්ඬේ යටතේ ගවේෂණාත්මක මාධ්‍යකරණයේ නියැළී සිටින ඇමරිකාවේ වොෂින්ටන් නුවර පදනම් කරගත් ගවේෂණාත්මක මාධ්‍යවේදීන් සම්බන්ධ අන්තර්ජාතික එකමුතුව (ඉන්ටනැෂනල් කොන්සෝර්ටියම් ඔෆ් ඉන්වෙස්ටිගේටිව් ජර්නලිස්ට්ස්* ප‍්‍රසිද්ධ කර තිබෙන රහස් සුවිස් බැංකු ගිණුම් පවත්වාගෙන ගිය පුද්ගලයින්ගේ ලැයිස්තුවක ශී‍්‍රලාංකිකයින් 40 දෙනෙකුගේ පමණ නම් සදහන්ව තිබේ.
මෙම සංවිධානය රටවල් 65 ක පමණ වෙසෙන මාධ්‍යවේදීන් 190 දෙනෙකුගෙන් සමන්විත වන අතර ඔවුන් කරනුයේ තමන් වෙසෙන රටවල මෙන්ම වෙනත් විදේශ රටවලද සිදුවන මහා පරිමාන දුූෂණ හා වංචා කටයුතු පිළිඹද තොරතුරු වාර්තා කිරීමය.මෙවන් වාර්තා සකස් කිරීමට ඔවුන්ට ඇතැම් විට සැළකිය යුතු කාලසීමාවක් ගතවන අතර ඔවුන්ගේ ජීවිත වලට එල්ල වන අන්තරායන්ද මෙතෙකැයි කියා කිව නොහැකිය.මෙම සංවිධානයේ සාමජිකත්වය ලබාගත හැක්කේද එම සංවිධානයේ දැනටමත් සාමාජිකත්වය ලබාසිටින මාධ්‍යවේදියෙකුගේ නිර්දේශය මත පමණි.
ඔවුන් මෙවර අනාවරණය කර තිබෙන්නේ රහස් සුවිස් බැංකු ගිණුම් පවත්වාගෙන ගිය පුද්ගලයින්ගේ තොරතුරුය.මේ පුද්ගලයින් අතර ජාත්‍යන්තර පොලිසියට පවා අවශ්‍යව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ,මූල්‍ය වංචාකරුවන්ගේ තොරතුරු තිබේ.මේ අතරින් අපට වැදගත් වනුයේ රහස් ස්විස් ගිණුම් පවත්වාගෙන ගොස් ඇති ශී‍්‍රලාංකිකයින් 40 දෙනෙකුගේ තොරතුරුය.
මේ පුද්ගලයින් ස්විස් ගිණුම්හි මුදල් තැන්පත් කිරීම සදහා යොදාගෙන තිබෙන්නේ මෙරට පෞද්ගලික බැංකුවක් වන එච්.එස්.බී.සී බැංකුවයි.එසේවුවත් මෙම තැන්පතු සම්බන්ධයෙන් එච්.එස්.බී.සී බැංකුව කිසිසේත්ම වරදකරුවෙකු නොවන අතර බැංකුවෙන් ලබාදී ඇත්තේ ගනුදෙනුකරුවන්ට ලබාදෙන සේවාවක් පමණි.
විදෙස් රටක බැංකු ගිණුමක් පවත්වාගැනීමට කිසිවෙකුට බාධාවක් නැත.නමුත් ශී‍්‍රලංකාවේ එසේ බැංකු ගිණුමක් පවත්වාගන්නේ නම් ඒ සදහා මහ බැංකුවේ අවසරය ලබාගත යුතුය.මුදල් හුවමාරු පිළිඹද පණතේ සදහන් වන පරිදි, ශී‍්‍රලංකාවේ වාසය කරන කිසිදු ශී‍්‍රලාංකික පුරවැසියෙකුට බැංකුවේ අවසරයකින් තොරව, විදෙස් බැංකුවක ගිණුමක් විවෘත කිරීමට හෝ විදෙස් බැංකුවක් හා ගනුදෙනු කිරීමට හෝ දැනටමත් විවෘත කර ඇති ගිණුමකින් මුදල් ලබා ගැනීමට හෝ තැන්පත් කිරීමට හෝ ගිණුම අත්හිටුවීමට හෝ අවසර නොමැත.
ගිණුම අත්හිටුවීමක් සිදුකළහොත් එම ලැබෙන මුදල් නැවත වරක් එම ගිණුම පිහිටුවා තිබුණු බැංකුවේම තැන්පත් කිරීමට අවස්ථාවක් නොමැති අතර එසේ කිරීමට හැකිවන්නේ මහ බැංකුව අදාළ ගිණුම් හිමියාට ලබාදෙන උපදෙස් ප‍්‍රකාරවය.
මහ බැංකුවේ ඉහළ නිළධරයෙක් සදහන් කළ ආකාරයට මෙසේ විදේශ බැංකු වල මුදල් තැන්පතු තබාගැනීමට පුද්ගලයින් පෙළඹෙන්නේ බදු අයකිරීම් වලින් නිදහස් වීමටය.මේ වගේ ගිණුම් බදු වලින් නිදහස් වෙන්න යොදාගන්න ක‍්‍රම ඔහු හදුන්වාදුන්නේ එළෙසය.අප පුවත්පතේ මුල් පිටුවේ සදහන්ව ඇති ආකාරයට ස්විස් ගිණුමක ශී‍්‍රලාංකිකයෙක් තැන්පත් කර ඇති මුදල ඇමරිකා ඩොලර් ලක්ෂ 160 කි.එඞ්මඞ් විජේසූරිය බාලසූරිය නම් තැනැත්තෙකු හා ඔහුගේ බිරිද,දියණිය හා පුතුන් තිදෙනා එක්ව පවත්වාගෙන යන ගිණුමක් ලෙස එය සදහන් වේ.එච්.එස්.බී.සී බැංකු වාර්තා වල සදහන් වන පරිදි ඔහු තමන්ව හදුන්වාදී ඇත්තේ කී‍්‍රඩා සම්බන්ධ අලෙවි සැළක හිමිකරු හා අධ්‍යක්ෂක ලෙසය.
බාලසූරිය යුවළගේ තැන්පතු වල වටිනාකම ඇමරිකා ඩොලර් 10ල668ල094 කි.ඔවුන්ගේ දියණිය යැයි නම් සදහන් වෙන ලක්ෂ්මි ප‍්‍රනාන්දුගේ තැන්පතුවේ වටිනාකම ඇමරිකා ඩොලර් 1ල989ල370 කි.එක් පුතෙකු වන රොහාන්ගේ ගිණුමේ වටිනාකම ඩොලර් 1ල975ල594 කි.අනෙක් පුතුන් දෙදෙනා යැයි සදහන් වන ලක්ෂ්මන් හා අසෝකගේ ගිණුම් වල ඩොලර් 1ල975ල319 බැගින් ඇත.
මොවුන් ගැන එච්.එස්.බී.සී බැංකු වාර්තා වල සදහන් වන්නේ මෙලෙසය.
මෙම පවුලට හෝටල හා මැණික් ව්‍යාපාරයක් අයත් අතර දැන් දේපළ වෙළදාම් ක්ෂේත‍්‍රයටද යොමුවෙමින් සිටී.ඔවුන් ශී‍්‍රලංකාව හා හොදින් සම්බන්ධව සිටී.කොළඹ,නුවර මෙන්ම දකුණු ප‍්‍රදේශයේද ඔවුන්ගේ ව්‍යාපාර කි‍්‍රයාත්මකය.අප හමුවූ අවස්ථාවේ ඔහු නැගූ එක් පැනයක් වූයේ බැංකුකරුවන් ඔවුන්ගේ සේවා කොළඹ නගරයට පමණක් සීමා කරගෙන සිටින්නේ මන්ද යැයි කියාය.ස්විට්සර්ලන්තයේ යූනියන් බැංකු නියෝජිතයින් පෙර මෙන් තමන් හමුවීමට පැමිනෙන්නේ නැති බවත් ඔහු කියා සිටියේය.එයින් පැහැදිලි වන්නේ මේ කලාපයට එම සේවාවන් තවදුරටත් ලැබෙන්නේ නැති බවය.
තවත් ගිණුම් දෙකක් සම්බන්ධව ඇත්තේ සුබ‍්‍රමනියම් සුරේන්ද්‍රන් නම් පුද්ගලයෙකුගේ නමටය.තමන් කොළඹ ව්‍යාපාරික කවයන්ගේ සාමාජිකයෙකු ලෙස හදුන්වාදී ඇති ඔහු සතුව ලංකා විදුලි බල මණ්ඩලයේ කොටස්ද ඇති බව සදහන්ය.එක් ගිණුමක තැන්පත් කර ඇති මුදලේ වටිනාකම ඩොලර් 6ල564ල952 කි.අනෙක් ගිණුම ඔහුගේ ඇත්තේ ඔහුගේ බිරිද බව කියන චාර්ලට් රන්ජිතා නම් කාන්තාවකගේ නමිනි.වෘත්තිය ලෙස ගෘහණියක් යැයි සදහන් වන ඇයගේ ගිණුමේ වටිනාකම ඩොලර් 6,495,287 කි.තමන් ඒජන්තවරයෙකු ලෙස රැුකියාව කරන බව සුබ‍්‍රමනියම් සදහන් කර ඇත.ඇතැම් අවස්ථාවන් වලදී ඔහු බැංකුව හා ගනුදෙනු කර ඇත්තේ ඔහු වෙනුවට අවසරලත් මැදිහත්කරුවෙකු යොදාගනිමිනි.
බණ්ඩාරවෙල පදිංචි අනුර ලෙස්ලි පෙරේරා නමින් ලියාපදිංචි කර තිබෙන තවත් ගිණුමක වටිනාකම පොලර් 1,622,959 කි.ඔහු එච්.එස්.බී.සී බැංකුව හා සම්බන්ධවී ඇත්තේ දුරකථන මාර්ගයෙනි.ශී‍්‍රලංකාවේ ලිපිනයක ලියාපදිංචිව සිටියද ඕස්ටේ‍්‍රලියාවේ පර්ත් නුවර සිට බැංකුව හා ගනුදෙනු කර ඇති වස්වනි අරුණ රාජේන්ද්‍ර නම් පුද්ගලයෙකුගේ ගිණුමේ ඇති මුදල ඩොලර් 1,384,149 කි.ඇගලූම් සම්බන්ධයෙන් මෙරට නමක් දිනාගෙන සිටින හිරාද්මානි පවුලේ සාමාජිකයින් තිදෙනෙකුගේද ගිණුම් විස්තර තිබෙන අතර ඒවා පිළිවෙලින් නිකිල් කිෂෝර් ඩොලර් 817,446 විනෝද් කිෂෝර් හා ඔහුගේ දියණිය ලීනා විනෝද් ඩොලර් 646,243 වේ.ලීනා විනෝද් තවත් ගිණුමක් පවත්වාගෙන ගොස් තිබෙන අතර එහි වටිනාකම ඩොලර් 646,243 කි.
මිීට අමතරව ස්විස් ගිණුම් පවත්වාගෙන ගොස් ඒවා අත්හිටුවා ඇති අයගේද තොරතුරු ඇත.
ඉහළින්ම සිටිනේන සෙලින්කෝ සමූහ ව්‍යාපාරයේ අධිපති ලිලිත් භූපේන්ද්‍ර කොතලාවලයි.දහස් ගණනක් තැන්පත් කරුවන් අතරමන්කරමින් කඩාවැටුනු ගොල්ඩන් කී ක්‍රෙඩිට් කාර්ඞ් සමාගමේ හිමිකරු වන්නේද ඔහුය.ඔහු එච්.එස්.බී.සී බැංකුවේ ගිණුමක් ආරම්භ කර තිබෙන්නේ 1988 වසරේ දෙසැම්බර් 21 වැනිදා වන අතර අවුරුදු 8 කට පසු එනම් 1997 මාර්තු මස 3 වැනිදා එය අත්හිටුවා ඇත.ඔහුට දේශපේ‍්‍රමිී ගරු නාමය ලැබුනේද මෙම රහසිගත ගිණුම පත්වාගෙන ගිය සමයේමය.සන්ඬේ ටයිම්ස් සොයාගෙන ඇති පරිදි මොහු මෙම ගිණුමේ තොරතුරු විනිමය පාලනය පිළිඹද දෙපාර්තමෙන්තුවට හෝ දේශීය ආදායම් දෙපාර්තමෙන්තුවට හෝ දැනුම්දී නොමැත.ඔහුගේ සහයකයෙකුවූ දයා රන්ජිත් සේනානායකද මෙලෙසම විදේශ බැංකු ගිණුමක් විවෘත කිරීම හා ඉක්මනින්ම එය වසා දැමිීම සිදුකර ඇති අතර ඒ පිළිඹදව අදාළ අංශ දැනුම්වත් කිරීම ඔහුද සිදුකර නොමැත.මේ තොරතුරු මුලින් හෙළිදරව් කළ මුල් අවස්ථාවේදී එච්.එස්.බී.සී බැංකුව ගවේෂණාත්මක මාධ්‍යවේදීන්ගේ අන්තර්ජාතික එකමුතුවෙන් ඉල්ලා සිට ඇත්තේ ඒවා විනාශ කර දමන ලෙසය.නමුත් එම තොරතුරු විමර්ෂණය කිරීමෙන් පසුව අද විදෙස් මුදල් ගනුදෙනු සම්බන්ධයෙන් පවතින නීතිරීති හා සැසදීමේදී එදා පැවතුනේ ඉතාම දුර්වල පද්දතියක් බව බැංකුව පිළිගෙන තිබේ.මේ සම්බන්ධයෙන් ඔවුන් නිකුත් කර තිබෙන ලිඛිත ප‍්‍රකාශයේ සදහන් වන්නේ මෙලෙසය.
‘අප දැන් ඉතාම සැළකිල්ලෙන් සොයා බලනවා අප බැංකුව හරහා විදේශ බැංකු ගිණුම් පවත්වාගෙන යන්නට අදහස් කරන පුද්ගලයින්් පිළිඹදව.ගෙවුනු වසර කිහිපයේදී අප ඉදිරිපත් කර ඇති නිර්නායකයන් හා නොගැලපුනු පුද්ගලයින් රාශියකගේ ඉල්ලීම් බැහැර කරන්න අප කටයුතු කළා.අප වෙත පැමිණෙන පුද්ගලයෙක් බදු ගෙවීම් වලින් නිදහස්වීමට මෙසේ විදේශ බැංකු ගිණුවක් විවෘත කිරීමට උත්සාහ කරන බවක් අපට පෙනී ගියොත් ඒ ගැනත් වහාම අප සොයාබලනවා.මේ වගේ කි‍්‍රයාමාර්ග නිසා අද අප හරහා කි‍්‍රයාත්මක වන ස්විස් බැංකු ගිණුම් හිමිකරුවන්ගේ සංඛ්‍යාව 1997 පෙර තිබූ තත්ත්වය හා සැසදුවහොත් සියයට 70 කින් පමණ පහත වැටිලා.’’
ස්විස් බැංකු ගිණුම් සම්බන්ධයෙන් මෙසේ හෙළිදරව් කෙරී තිබෙන තොරතුරු සම්බන්ධයෙන් මේ වන විටත් අදාළ රටවල් පරීක්ෂණ කටයුතු ආරම්භ කිරීමට කටයුතු කර තිබේ.මෙම තොරතුරු මුලින්ම එච්.එස්.බී.සී බැංකුවේ සිට ප‍්‍රංශ බළධරයින් අතට ලබාදී ඇත්තේ එහි සේවය කළ පුද්ගලයෙකි.ඒ 2008 තරම් ඈත කාලයකදීය.මෙම තොරතුරු ප‍්‍රංශයේ බදු අය කිරීම් හා සම්බන්ධ බළධරයින්ගෙන් ලබාගෙන ඇති ලේ මොන්ඬේ පුවත්පත ඒවා ගවේෂණය කිරීම සදහා ගවේෂණාත්මක මාධ්‍යවේදීන්ගේ අන්තර්ජාතික එකමුතුවේ අවධානය යොමුකිරීමේ අවසාන ප‍්‍රතිඵලය අද දැකිය හැකිය.බි‍්‍රතාන්‍යයේ,රුසියාවේ,යුක්රේනයේ,ජෛා්ර්ජියාවේ,කෙන්යාවේ,රුමේනියාවේ,ඉන්දියාවේ,පිලිපීනයේ,හා ඇල්ජීරියාව වැනි රටවල හිටපු දේශපාලඥයින් ඇතැමෙක් විදෙස් රටවල බැංකු ගිණුම් පවත්වාගෙන ගොස් තිබෙන බවටද මෙම තොරතුරු වලින් අනාවරණයව තිබේ.
‘මූල්‍ය පද්ධතියෙන් අපරාධකරුවන් හා වංචා කරුවන් ඉවත්කර තබාගැනීම බැංකු වල වගකීමක්’ යැයි ගවේෂණාත්මක මාධ්‍යවේදීන්ගේ අන්තර්ජාතික එකමුතුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා මරීනා වෝකර් සන්ඬේ ටයිම්ස් හා අදහස් දක්වමින් පැවසුවාය.
‘ජීනීවා වල එච්.එස්.බී.සී ශාඛාවට මේ දේ කිරීමට නොහැකිවෙලා තියෙනවා.ඔවුන් කියන උසස් තත්ත්වයේ සේවය ලබාදෙන්න ඔවුන් අසමත්වෙලා තියෙනවා.මේ නිසා වංචනිකයින්ට නීතිගරුක පුද්ගලයින් ලෙස පෙනී සිටිමින් තමන්ගේ ගිණුම් පවත්වාගෙන යන්න හැකිවෙලා තියෙනවා.’ ඇය වැඩිදුරටත් කීවාය.
2013 වසරේදීද ගවේෂණාත්මක මාධ්‍යවේදීන්ගේ අන්තර්ජාතික එකමුතුව රහසිගත බැංකු ගිණුම් පවත්වාගෙන ගිය ශී‍්‍රලාංකිකයින් පිරිසකගේද තොරතුරු හෙළි කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙතැන් මුලින්ම අදහස් ලියපු සළුවඩන නිළමේට මතක නැහැනේ ජනතාවගෙන් කොටියාව බේරාගන්න හිතාගෙන ඇමති ධුර දීලා සමහරු ඔවුන්ව ආරක්ෂාකළ විදිය. (නි)
මෙන්න ආයෙමත් තනි පුද්ගලයෙකුට පහර දෙනවා. සජාන්, චතුරි, රාජ්, විජිත, නලින්, කුපාන් සහ බුවනෙක කල්ලියේ සාමාජිකයන්ද කොහෙද? (නි)
රිතික්, මතක් නැද්ද ඔය පුද්ගලයා පසුගිය කාලයේ මෙතැන වෙනත් දේශපාලන මත දරන කට්ටිය පස්සේ හඹාගිහින් පහර දුන්නා. මෙතන එයාට විතරක් ගිය සභාවක් නෙමෙයිනේ. ඉතින් මොකද මේ ඔයා කුලප්පු වෙලා ? (නි)
මැරෙනතුරුම කොටි පෙන්වලා එදිනෙදා අරමුණු සඵල කරගන්නා කට්ටියත් ඉන්නවා වගේ. (නි)
රජය කරමින් සිටින්නේ වත්මන් ජනපති සහ රජය බලයට පත් කිරීමට මුල් වුනු රටට සතුරු බලවේග සමග ගිවිසගත් කොන්දේසි ඉටු කරමින් අපේ රට වල පල්ලට යැවීමට කටයුතු කිරීමත් කොටින්ගෙන් රට බේරා ගැනීමට මුල් වුණු රාජ්‍ය නායකයන්, නිලධාරීන් සහ රණවිරුවන් දංගෙඩියට යැවීමට කටයුතු කිරීමත් මිස අන් කිසිවක් නොවේ. (බ) .
කෝ අනේ මහින්දගේ එකෙක්වත් මේකේ නැහැනේ. මදැයි බලා හිටියා (බ)
මෙල්වින්, මෙතන තිබෙන ප්‍රශ්නය නම් දැන් සිදුවෙමින් තියෙන්නේ කුමක්ද? තමන්ගේ රටට මේ වෙලාවේ යහපතක් කළ හැකි නායකයා කවුරුන්දැයි වටහා ගැනීමට ඔබට හැකියාවක් නොමැතිවීමයි. හිටපු ජනාධිපතිද අප සැම මෙන්ම පුහුදුන් එනම් රහත් නොවුණු පුද්ගලයෙක් වන නිසා ඔහුද සර්වතෝභද්‍ර නොවුණත් මේ වෙලාවේ අපේ රටට ඔහුගේ නායකත්වය නිසා වියහැකි යහපත සාපේක්ෂව වැඩිහෙයින් මේ වෙලාවේ නැණවත් තෝරාගැනීම ඔහු වෙයි. ඒ හැර මෙහි පෞද්ගලික න්‍යාය පත්‍ර නැත. හැරත් එබඳු න්‍යාය පත්‍ර ඇත්තෝ මේ වනවිට පෙරලුණු පිට හොඳයි කියමින් පෙර රජයෙන් සේම වත්මන් රජයෙන්ද වරදාන ලබා ඉහළින් වැජඹෙන බව සිහිබුද්ධියෙන් යුතුව වටපිට බැලුවහොත් ඔබට පෙනෙනු ඇත. (නි)
හොරකම් කළේ අහුනොවන්න.තමාගේ නමට හොරා කාපුවා දැම්මේ ඉස්සර (බ)
ලොකු ලොකු වචන වලින් හැඳින්වෙන සංවිධානවල මාධ්‍යවේදීන් හුඟදෙනෙක් කොහොමත් කොටින්ට කත් අදින්නෝ තමයි. (බ)
සුමුදුහේවා මහත්තයා කියන දේවල් විවේචනය කරන්න පුළුවන්කමක් නැති මේ නඩය කලිනුත් ඔය වගේ කල්ලි ගැහිලා අපවාද අවලාද වලින් ඔහුට පහරදෙන්න ආ හැටි මටත් මතකයි ජීවක. (නි)
වෙනසක්නෙ ඕනෑ කිව්වෙ. මේක තමයි නියම වෙනස (නි)
මැරෙනතුරුම හිඟන්නාගේ තුවාලය වගේ යුද්ධය වවාගෙන විකුණගෙන කන්න හදපු කට්ටිය ගැන පොළොවේ පයගහලා ජීවත්වෙන අපිට තවම හොඳට මතකයි (නි)
දුල්මි නගාත් එතකොට අපේ රටේ ඉන්න අහුනොවෙන්න හොරකම් කරන හෙරක්ද? ඔයා කියන්නේ ඔයාගෙම අත්දැකීම් වෙන්න ඇති නේද? (නි)
මෛත්‍රිපාල තනතුරේ අතරමන් වී ඇත. (බ)
නලින්, කොටින්ගෙන් රට බේරාගැනීමේ මෙහෙයුමේදී ඔයාගේ ෆොන්සේකාට මෙන්ම සෙසු ත්‍රිවිධ හමුදාපතිවරුද එක්ව කළ මෙහෙවරට ඔවුන් සැමටම සම්මාන පිරිනැමූ ගිය රජය පසුව ඔහුව පමණක් සිරගත කළේ ඔහු සුදුකොඩි කතාව කියා මවුරටට ද්‍රෝහී වී කිරි කළයට ගොම බාල්දියක් මුසුකළ නිසයි. මේ බව දැන දැනත් නොදන්නවා වගේ සිටිනු වැරදිය (නි)
කම්බා හොරු කවදාවත් තමන්ගේ නමින් මුදල් තැන්පත් කරන්නේ නැත ! තව ටිකක් නිවිහැනහිල්ලේ හිටියොත් බලාගන්න පුළුවන් (බ)
ෆොන්සේකා රට බේරාගැනීමේ සටනේදී කළ මෙහෙවර නිසා ඔහු පසුව කළ ක්‍රියාව නොතකා හැරිය නොහැකි බව නොදන්නවා වගේ කතාකරන අයත් දේශද්‍රෝහින් බව මම පවසමි (නි)
මේ අය බලය ගත්තේ රට හදන්නට නොව මේ අයව කිසිසේත් විශ්වාස කරන්න එපා.එයාලගේ න්‍යාය පත්‍රය කොටින් කරගෙන ගිය වැඩ පිළිවෙල වෙන ක්‍රමයකට කරදීමයි. (බ)
ජාත්‍යන්තරය ත්‍රස්තවාදයට යහපාලනය හරහා සහාය දීමක් පමණි දැනට ලංකාවේ සිදුවෙලා තියෙන මේ දින ටිකට (බ)
රටත්, ජාතියත් , හමුදාවත් පාවාදීල තමා මේ ගොල්ලෝ නවතින්නේ (බ)
සුමුදු හේවා, ඔයා හිතාගෙන ඉන්නේ අලි ඔලුවෙන්. ඔයා කවුද මෙතන දේශද්‍රෝහීන් කවුද දේශප්‍රේමින් කවුද කියලා තීරණය කරන්න. දේශපාලන බත් බැලයෙක් වුණ පළියට නිකම් මෝඩකතා කියන්න එපා. මහින්ද පරාදවුණ බව පිළිගන්න. (නි)
ඡන්දෙ දීපු අයම දැන් දුක් වෙනවා. (නදී)
රටට අවශ්‍ය නායකයා කවුද කියල ඔයා මෙතන බෙරිහන් දුන්නාට අපි බයට තෝරාගන්නේ නැහැ සුමුදු. අපිට ඕන මහජන සේවකයෙක් මිසක් රාජාණ්ඩුවක් නෙවෙයි. (ර)
සුමුදු හේවා, කරුණාකර මේකට කෙලින් උත්තර දෙන්න. ඔබ රට වෙනුවෙන් යුද්ධයට ගිහින් තිබෙනවාද. මගේ පවුලේ දෙන්නෙක් රට වෙනුවෙන් යුද්ධයේදී ජීවිතය පුජා කර ඇති අතර හෙටත් අවශ්‍ය වුනොත් ඒ ටික කරන්න ලෑස්තියි. (ර)
අපි දැනගෙන හිටියා මේ දෙය වෙන බව කලින්ම, එකම විසදුම, මහින්ද අගමැති අපේක්ෂකයා කිරීමයි. එතකොට විතරයි එජාපෙ පරාද කරලා අනතුරට පත් වී ඇති රට බේරා ගත හැක්කේ, මුදා ගත් රට ආපසු කොටියට දෙන්න එපා.(බ)
රිතික් , අහු නොවෙන්න හොරකම් කරන පොරවල් තමයි අර අමුතු විදියේ හැඳුනුම් පත් වලින් බැංකු ගිණුම් විවෘත කරවාගෙන වයසත් අඩුවෙන් ලිය කියවිලි වල දමාගෙන තියෙන්නේ. නිකම් හෙරවල් කම්බ හෙරවල්. බලන්න ඔයාගෙත් මොනවා හරි නැති වෙලාද කියලා. (බ)
රටට අවශ්‍ය නායකයා තමයි පසුගිය කාලයේදී ජනතාව තෝරා ගත්තේ. සුමුදු හේවා කවුද ජනතාවගේ ප්‍රජතාන්ත්‍රික අයිතියට අභියෝග කරන්න? ඔබට අවශ්‍ය නායකයා අනෙකාටත් අවශ්‍ය විය යුතුයි කියල හිතන ආකල්පයෙන් අයින් වෙන්න සුමුදු. ඔබට තිබෙන්නේ ඔබ කැමති කෙනාගේ පුද්ගලික න්‍යාය පත්‍රයක් අනුව මෙතැන් ලියන එක තමයි. (ර)
සුමුදු හේවා ඔබ කියන දේ මේ රට පාවා දෙන කණ්ඩායමේ ඉන්න අයට තේරුම් ගන්න බැහැ (කේ)
අපේ මුදල් හොරකම් කල එදා හිටපු ඒ දුෂිත පාලකයින් කරලා තිබෙන්නේ අනුන්ගේ නමින් ගිණුම් පවත්වා ගැනීම සහ අනුන්ගේ නමින් හෝටල් ඇතුළු විවිධ ව්‍යාපෘතීන් කරගෙන යාමයි. ජනතාවගේ මුදල් හොරකම් කළ මේ හොරුන්ට නම් හොඳක් වෙන්න එපා.. අර හැමදාම අදහස් දමන කෙනා උදේ පාන්දරම පාඨකයින්ව නොමග යවන්න මෙතන ගඳ ගස්සවලා. (නදී)
යහපාලනය මැවූ වෙනස සුන්දර නෑ නේද ? නැවතත් මහින්ද යුගයකට සැරසෙමු! (නදී)
නදිනි රණවිර කාපු ලනු තාම වමාරන්න බැරුව ඉන්න බව පේනවා. (නදී)
හරි වැඩක් නේ. ලංකාවේ මිනිස්සුන්ට පිටරට ගිණුම් තියා ගන්න බැරි ද ? මේ සල්ලි සාධාරණව හම්බ කරපුවා නෙවෙයි කියල එක පාරට කියන්නේ කොහොමද? පිටරට වැඩ කරන බිස්නස් කරන අපි කි දෙනෙක් ගේ සල්ලි ඒ ඒ රටවල බැංකු වල තියෙනවද ? මේකේ ලියන අයගේ ගිණුම් නැද්ද ? ස්විස් බැංකු ගිණුම් වල තියෙන සල්ලි ඔක්කොම හොර සල්ලි නොවේ. (නදී)
මෙම ලියුම් කරු කෙසේ කිවත් ලංකාවේ දේශපාලන සංස්කෘතියේ වෙනසක් ඇතිකිරීම තුළ රටේ මහජනතාව අපේක්ෂා කළ දෙයක් තමයි දූෂණය වංචාව පිටුදැකීම. ජනාධිපතිවරණයෙන් පසුව අලූත් ආණ්ඩුවක් නිර්මාණය වුණත් දූෂකයන්ට වංචාකරුවන්ට දඬුවම් නැතැයි යන මැසිවිල්ල මහජනතාවගෙන් ගොඩනැගුණා. ඒ නිසා දූෂණ වංචා විමර්ශනයට නිසි ක්‍රමවේද සකස් කළ යුතු වුණා. එහෙම වන්නේ වසර හයක් පුරා නීතිය ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක නොවුණ පොලිසිය ස්වාධීන නොවුණ රටක මේකට විරුද්ධව ඉන්නේ හිටපු මැති ඇමතිවරු හා නිලධාරීන් කීපදෙනෙක් පමණයි. මේ අයගේ ඒකායන අරමුණ සිදුවෙන පරීක්ෂණ නතර කරවීමයි. මම කියන්නේ මේ අයගේ තරාතිරම නොබලා නීතිය ඉදිරියට පැමිණවිය යුතුය යන්නයි. ඕනෑම පුද්ගලයකු නීතිගරුකව ජීවත්වෙනවා නම් සාපරාධී ලෙස කටයුතු කර නැත්නම් බයවෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ. සැමවිටම බියවන්නේ තමන් වරදකාරීයැ’යි සිතන අයයි. හිටපු ජනාධිපති මාධ්යයට පවසනවා ඒ අයගෙන් පළිගන්නවා කියලා. ඒකෙන් දෙයක් පැහැදිලි වෙනවා. ඒ තමයි ඒ අය වැඩකළ හැටියට යම්කිසි දෙයක් සිද්ධවෙලා තියෙන බව. නීතිය බලපාන්නේ දූෂණ වංචා කළ අයටයි. එහෙම නොවුණ අය කලබල වෙන්න අවශ්‍ය නැහැ. පොදු ජන යහපත වෙනුවෙන් මෙබඳු ආයතනයක් ස්ථාපිත කිරීම ඉතාම වැදගත්. නීතියට බයවන්නේ අපරාධකාරයෝ. අනිත් එක මේ ආයතනය නීතිය අබිමුවට ගේන්නේ බරපතළ මූල්‍ය අපරාධකාරයොයි. අධිකරණය තමයි අවසන් තීන්දු ගන්නේ. ඇයි මේ නීතිය ක්‍රියාත්මක වෙන එකට සේරටම කලින් කීපදෙනෙක් බයවෙලා තියෙන්නේ. ඒ අයම දන්නවා තමන් බරපතළ මුල්‍ය අපරාධ කළ බව. මේ අපරාධකරුවන් පුළුල් නීතිමය රාමුවක් තුළ අනාවරණය කිරීම හා අධිකරණයට ඉදිරිපත් කිරීම අනිවාර්යයෙන් සිද්ධ විය යුතුයි. එහෙම නොවුණොත් ඕනෑම අවස්ථාවක දේශපාලනඥයන් හා නිලධාරීන් හතරවරං කෙලින්න බයවෙන්නේ නෑ. (නදී)
ශ්රී ලංකා දේශපාලනයේ 1970 සිට බලයට පැමිණි සෑම දේශපාලන පක්ෂයකම එක් මැතිවරණ පොරොන්දුවක් වූයේ දූෂිත දේශපාලනඥයින්ට දඬුවම් ලබා දෙන බව යි. එතෙක් මෙතෙක් එසේ දඬුවම් ලද දේශපාලනඥයෙක් පිළිබඳව මම නම් නොදනිමි. 1970 දී සිරිමාවෝ බණ්ඩාරනායක අග්‍රාමාත්‍යවරිය අපරාධ යුක්ති විනිශ්චය කොමිසම නමින් අධිකරණ බලතල සහිත කොමිසමක් පිහිටුවා ජේවීපී කැරලිකරුවන්ට මෙන්ම විදේශ විනිමය වංචාකරුවන්ට දඬුවම් කිරීමට කටයුතු කළත් 1977 බලයට පැමිණි ජේආර් විදේශ විනිමය වංචාවලට හසුව සිරගතව සිටි තම හිතවතුන් ඉන් මුදා ගැනීමට එම කොමිසමත් කොමිසම මගින් දෙන ලද තීන්දුත් බල රහිත කරන ලදී. ඒ අනුව විදේශ විනිමය වංචාකරුවන් මෙන්ම ජේවීපී නායකයින්ද නිදහස් විය. 1994 දී චන්ද්‍රිකා බලය ගත්තේද දූෂිතයන්ට දඬුවම් දෙන බවට පොරොන්දු වෙමිනි. දූෂිත දේශපාලනඥයින් ගොල්පේස් පිටියට ගෙනවිත් ප්‍රසිද්ධියේ දඬුවම් කරන බවට ඇය පොරොන්දු දුන්නා මතකයි. ඒත් ඇය අන්තිමට සමහර මාධ්‍යකරුවන්ගේ හැඳින්වීමට අනුව චෞර රැජින විය. අද යහපාලනයට ආවඩන ශ්‍රීලනිප මැතිඇමතිවරු අතර දූෂිතයන් නැතැයි එජාපය පැවසීම විහිලුවකි. මන්ද දූෂිත දේශපාලනඥයින් සැමදා කළේ බලයට එන පක්ෂයට හේත්තු වී තමන් ආරක්ෂා වීමයි. පවතින චන්ද ක්‍රමය තුල දූෂිත දේශපාලනඥයින් බිහිවීම සිදුවන අතර, 1990 දී දෝෂාභියෝගය හරහා පාතාල සාමාජිකයින් දේශපාලනයට පිවිසීම සිදු වූ බව මගේ අදහසයි. අද ශ්‍රී ලාංකික දේශපාලනය මෙම දූෂිත තත්වයෙන් මුදවාගත නොහැක්කේ එසේ මුදවා ගන්නා බවට පවසා බලය ලබා ගන්නේද දූෂිත දේශපාලනඥයින්ම වීම නිසයි. (බ)
දේසපාලුවන්ගේ කටයුතු වල හැටි ,මන්නාරම මහ දිසාපතිවරයා ප්‍රමුඛ ජනාධිපති කාර්ය සාධක බළකායේ හොර නඩය මේ සිදුකර ඇත්තේ පරම්පරා ගණනකට සහගහන දේශයේ හදවත බඳු වටිනා සම්පතක් විනාශ මුඛයකට ගෙන යාමය. මන්නාරම මහ දිසාපතිවරයා රිෂාඩ් බදියුදීන් ඇමැතිවරයා අනුව යමින් මෙම ඉඩම් මුස්‌ලිම් ජනතාවගේ පාරම්පරික අම්මා මුත්තා කාලයේ ඉඩම් බව පැවසීම මුසාවක් මෙන්ම, හිතා මතා කරනු ලබන වංචා සහගත ප්‍රකාශයකි. එසේම මාධ්‍යයට ප්‍රකාශයක් කරමින් ඔහු කියන්නේ මේ ඉඩම් මුස්‌ලිම් ජනතාව සතුන් මරාගෙන කන ලද භූමිය බවය. රජයෙ වැදගත් තනතුරක් දරණ සිවිල් නිලධාරියෙකු වන සතුන් මරාගෙන කන බව කියන රටේ නීතිය උල්ලංඝනය වන ප්‍රකාශ නිකුත් කිරීම දඬුවම් දිය යුතු වරදක් සේ අපි දකින්නෙමු. (බ)
චින්තක මහත්තයෝ, නදිනි රණවීරට කාපු ඒවා වමාරන්න බැහැයි කියන ඔබ තුමා පහසුවටත් එක්ක අනිත් අය වමාරපුව කාල වගේනේ පේන්නේ. (නදී)
කලින් ගියේ නීතියක් නැති, හොරුන්ට රජකළ හැකි, පවුල්වාදයෙන් සපිරි දේශයක් ස්ථාපිතවෙන දිශාවටනේ. (නි)
හොඳ ලිපියක් (නි)
සුමුදු හේවා, අපෝ ඔයා හැමදාම නාගන්නවනේ මෙතන. (නි)
සුමුදු හේවාට තියෙන්නේ මහින්ද මේනියාව. හොඳට කඩේ ගිය බව පේනවා. මහින්ද සමඟ නම් තුනක් නිතර කියනවා. හතරවෙනි තැනට ඉන්නේ සුමුදු (නි)
සුමුදු හේවා දඟලන්නේ මහින්දගේ කාලයේ ලැබුන වරදාන ටික ආරක්ෂා කරගන්න. ඔය කොටි කතාව කිය කියා මැරෙනකම්ම හම්බු කරගන්න සුමුදු. ඔයගොල්ලෝ වගේ කට්ටිය තමයි මහින්ද මහතා බලයේ නැතිකොට එයාගේ ගෙදර අයටත් වැඩිය බයවෙලා දඟලන්නේ. (නි)
වැඩියෙන්ම මහින්ද මහතා බලයට ගෙන්න දඟලන්නේ එයාගේ පාලන කාලයේ හොඳ හොඳ සෙල්ලම් දාල දැන් වැඩ වරදීවි කියල බයේ නලියන ඇත්තෝ. එක්කෙනෙක් තමයි බක පණ්ඩිත සුමුදු හේවා. (නදී)
ලංකාව සුද්දට යටවෙන්න කලින් මොනවා හරි කරන්න වෙනවා (නදී)
අනේ ඇත්තට සුමුදු හේවා රෙදිත් ඇඳගෙනද කොටින් ගෙන් රට බේරා ගත්ත කට්ටිය ගැන කතා කරන්නේ. රට බේරා ගත්තු හමුදාපති කුදලාගෙන යනකොට හෝයියා කියල දැන් මෙතන එනවා අනිත් මිනිස්සු ටික බේරා ගන්න එ්ක ගැන අපට මතක් කරන්න. (නදී)
ඇයි අර සුද්දොත් නොකළ වැඩ සිද්ධවුණ කාලයේ සමන්ට ඔය දේශානුරාගය පහළවුණේ නැද්ද? සුද්දෝ මාළිඟාව ඉදිරියේ රේස් කාර් සංදර්ශන තිබ්බා කියලා නම් අපි දන්නේ නැහැ. (නි)
සුමුදු හේවාගේ අදහස් වලින් මට නම් තේරෙන එකම දේ රට වෙනුවෙන් නෙවෙයි තමන්ට ඥාති හෝ කිට්ටු සම්බන්ධයක් ඇති කෙනෙකුගේ පුද්ගලික න්‍යාය පත්‍රයට අනුව මෙතන ලියන බවයි. එයාගේ එකම ප්‍රශ්නය රටට සහ පොදු ජනයාට යන කලක් නෙවෙයි . මහින්දට යන කල ගැනයි. මෙතෙක් මෙතන ලියපු හැම දෙයක්ම ඒ ගැන මිසක් වෙන දෙයක් ගැන නම් නෙවෙයි. (නදී)
අහුවෙන්න වැඩකරන හොරු වෙන රටවල් වල ඉන්නවා. ඒත් අපේ රටේ නැහැ. (නි)
ජනතාව පැරද වුයේ එ්කාදිපති ව්‍යවස්ථාව සහ ඇතුලින් බිහිවීමට ගිය පවුල්වාදී ආත්මාර්ථකාමී එකාදිප්තිත්වයි. ලැබුණු චන්ද හැට දෙලක්ෂය එම ඒකාදිපතිත්වයට විරුද්ද චන්ද මිස එජාපයේම චන්ද නොවේ. දැනටම සිත් රිදීම් සිදු වී ඇත. එබවින්න් එහි ප්‍රතිපල ඡන්දයකින්ම බලාගන්න. (නදී)
මෙල්වින් සමග මම එකඟ වෙනවා. සුමුදුහේවාගේ කන් කෙඳිරිය හරියට පුතාව කොළඹ රාජකීය විද්‍යාලයට දමාගන්න බැරිවුණ තාත්තා කෙනෙකුගේ වගේ . හරිනේ සුමුදු? (නි)