(ජයන්ත සමරකෝන්)
යහපාලන ආණ්ඩුවේ ගිවිසුම් කාලය අවසන්වූ වහාම තමා ආණ්ඩුවෙන් මෙන්ම නියෝජ්‍ය ඇමැති ධුරයෙන් ද ඉල්ලා අස්වන බව ගම්පහ දිස්ති‍්‍රක් එක්සත් ජනතා සන්ධාන මන්තී‍්‍ර තැපැල් සහ මුස්ලිම් කටයුතු නියෝජ්‍ය ඇමැති ඩුලිප් විජේසේකර මහතා ”ලංකාදීප”යට බදාදා (12) පැවැසීය.
තමාගේ මෙම තීරණය පිළිබඳව ජනාධිපතිවරයා ද දැනුම්වත් කර ඇතැයි ද නියෝජ්‍ය ඇමැතිවරයා කීය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තවත් මැති ඇමැතිවරුන් 17 දෙනකු තමා දරණ මතයේම සිටින බව ද සඳහන් කළේය.
ජනතාව වෙනුවෙන් යමක් කිරීමට යහපාලන ආණ්ඩුව එක්ව තමාට මෙතෙක් එය ඉටු කිරීමට නොහැකි වී යයි කී විජේසේකර මහතා තමා කවදත් සිටින්නේ ගම්පහ ජනතාව සමඟ යැයි ද ඔහු කීවේය.
රටේ සම්පත් විකිණීම ශ්‍රීලනිප ප‍්‍රතිපත්තිය නොවන බවද විජේසේකර කියා සිටියේය.
දොම්පෙට කුණු ගෙනැවිත් දැමීමට එරෙහි විරෝධතාවයේදීත් තැපැල් වැඩ වර්ජන අවස්ථාවේදීත් තමා සිටියේ ජනතාව පැත්තේ බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර පැත්තෙන් මේ පැත්තට. මෙහෙන් අරහෙට. එහෙම තමයි ජනතාවට සේවය කරන්නේ අපේ අය.
ගිවිසුම ඉවරවෙන්න එච්චර කාලයක් නැහැනේ. දැන්ම ගියානං ඉවරනේ
පාඩු පිට පාඩු ලබන, යල් පැනපු තෑපෑල කොහොමද ජාතික සම්පතක් වෙන්නෙ?
ඔබතුමාලගේ විගඩම් වැඩ නවත්වන්න. ඔබතුමාල හදන්නේ අපිව ආයිත් රවටන්නයි. පාර්ලිමේන්තුවට අලුත්ම පුද්ගලයින් පත් කරමු. මුළු පාර්ලිමේන්තුවටම ඉන්නේ හොඳ මන්ත්‍රීවරු 2.
කව්ද මේගොල්ලෝ කියන කතා අහන්නේ. අපරාදේ වෙලාව.
තමන් අකමැති නම් දැම්මම අයින් වෙන්නකෝ.
රට කෙසේ වෙතත් තමන්ව නම් සංවර්ධනය කර ගත්තා. හදල තියෙන ගේ බැලුවොත් තේරෙනවා.