(ඩයනා උදයංගනී)
යහපාලන කිරි කලයට දවසින් දවස ගොම බින්දු එකතු වෙමින් තිබෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ තරුණ පෙරමුණේ සභාපති ශාන්ත බණ්ඩාර මහතා කියයි. බැඳුම්කර සිද්ධියෙන් එයට ගොම තලියක්ම එක්වූ බව ද සභාපතිවරයා කියයි.
ශාන්ත බණ්ඩාර මහතා මේ බව පැවසුවේ කොළඹ ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී.ල.නි.ප මූලස්ථානයේදී අද(28) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
සම්මුතිවාදී ආණ්ඩුවේ දැනට ප‍්‍රශ්නයක් නැතත් සමහර නායකයින්ගේ ක‍්‍රියාකාරකම් පිළිබඳ ගැටළු ඇති වී තිබෙන බව පවසන බණ්ඩාර මහතා ආණ්ඩුව ඉදිරියට ගෙනයාමේ වගකීම තිබෙන්නේ ජනාධිපතිතුමාට පමණක් නොව අගමැතිතුමා, කැබිනට් මණ්ඩලය සහ ආණ්ඩුව නියෝජනය කරන සියලූ දෙනාටම එම වගකීම තිබෙන බව ද කියයි. ඔවුන් යහපාලන ප‍්‍රතිපත්ති ආරක්‍ෂා නොකළොත් ඉදිරියේ දී යම් යම් තීන්දු ගැනෙනු ඇතැයි ද සභාපතිවරයා පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කිරි කලේට ගොම නෙවෙයි අපිටනම් පෙන්නේ ගොම කලේට තව තවත් ගොම එකතු වෙන බවයි. කිරි කියල මිනිස්සුන්ට පෙන්නුවට තියෙන්නේ ගඳගහන ගොම සම්පුර්ණයෙන්ම!
ගොම බින්දු ? එහෙනම් පිදුරුතලාගල කන්ද තරම් ලොකු බින්දුවක්ද ?
කිරි කාලෙට ගොම නෙමේ,අසුචි එකතු වෙලා.ජනතාව පහරපු අසුචි ගොඩ කිරි කාලෙට දා ගත්තේ අපිද?ඕක ගිහින් ලොකු තැනට කිවුවොත් නේද හොද?අපිට කොකා පෙන්නනේ නැතිව.
මොහුට තේරෙනව රට හිතන හැටි. තවත් ඔය ආණ්ඩුවේ ඉදගන ඉන්න එක හරිද. මෝඩ කතා.
ඕක කිරි කලයක් කියල කියන්නෙ ඔබතුමාලමනෙ. අපිට නම් ඕක තනිකරම ගොම කලයක්
යහපාලනයේ තියෙන්නේ කිරි කියල කියනවනම් කිරිවලට අපි මොනවද කියන්නේ?
නෑ හලෝ මේක ගොම ගොඩක්.