සමෘද්ධි ලාභී ජනතාවගේ අරමුදල් යහපාලන ආණ්ඩුව තම දේශපාලන වැඩට යොදා ගත්තේයැයි කියමින් බස්නාහිර පළාත් මන්ත්‍රී එස් ඒ ඩී ජගත් කුමාර මහතා ඇතුළු පිරිසක් මෝදර කාලි දේවාලයට ගොස් දේව කන්නලව්වක් කර පොල් ගැසූහ.
සමෘද්ධි ලාභී ජනතාවගේ අරමුදල් යහපාලන ආණ්ඩුව තම දේශපාලන වැඩට යොදා ගත්තේයැයි කියමින් බස්නාහිර පළාත් මන්ත්‍රී එස් ඒ ඩී ජගත් කුමාර මහතා ඇතුළු පිරිසක් මෝදර කාලි දේවාලයට ගොස් දේව කන්නලව්වක් කර පොල් ගැසූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආණ්ඩුවට විතරක් නෙමෙයි ජනතාව රැවටු අයටත් පොල් නෙමෙයි, ජනතාව ගල්ගසන දවස වැඩි ඈතක නැහැ. (නි)
බැසිල් රාජපක්ෂ මහත්තයාවත් එකතුකර ගත්තොත් නරකද? (නි)
සමුර්දි සේවකයන් කියන්නේ ආණ්ඩුවෙන් පඩි අරගෙන මහින්දගේ ජන්ද වැඩ කරපු පිරිසක්. (නදී)
මේඅය ජීවත් වෙන්නේ ගල් යුගයේද ? අනේ මම දන්නේ නෙහෙ මින් ගන්න පුළුවන් ආදර්ශය මොකක් ද කියල. ද්වේශය වපුරනවා.(නදී)
සියලු දෙවිවරු ඉන්දියාවේ නිසා ලංකාව ගැන අනුකම්පාවෙන් නොබලයි (නදී)
අනේ ගොන් රැල. අවුරුදු 10ක් තිබුන ආණ්ඩුවේ කරපු දුෂණ වලට උඹල පොල් ගැහුවානම් අද ලංකාවේ පොල් ගෙඩියක් හොයාගන්න ලැබෙන්නේ නැහැ. ඒ තරමට හොඳට ගිය ආණ්ඩුව ඒ දේවල් කලා. උඹල ඒ දවස්වල නිදාගෙනද උන්නේ බොලව් ? (නදී)
වැඩක් නැතිවට කරන වැඩ අපි මුල් සියවස් වලට යන්න දඟලන හැටි ලෝකයටම පේනවා (නදී)
දැන් ඔක්කොම අනාගෙන ඉන්නේ... (ර)
මම මෙතෙක් දන සිටියේ නැත දෙවියෝ පොල් කනවා කියා. පරිස්සම් වෙන්න ඕන පොල් ගහන අය දෙවියෝ පොල් මදි උනාම පොළ් ගහන උන් පස්සේ අායේ එන්න පුළුවන් ඒ හින්දා ඒ ගොල්ලෝ නිදා ගන්නකොට පරිස්සම් වෙන්න ඕනා. (නදී)
මිත්‍යාදෘෂ්ටියෙන් තොරව යෝනිසෝමනසිකාරයෙන් යුතුව ඕනෑම ප්‍රශ්නයක් දිහා බලන්න. ප්‍රශ්නය මොකක්ද, එය හටගත්තේ කෙසේද, එයට විසඳුමක් තිබෙනවද, එසේනම් එය කළයුත්තේ කෙසේද... ලෙස. එසේ කටයුතු කළොත් විසඳුම සොයන්න පුළුවන්. පොල් ගැහුවට වැඩක් තිබෙනවද? (නි)
අපරාදේ පොල් ටික (නදී)
බලමු වැඩක් වෙයිද කියලා (නි)
අනේ ඇත්තට මෙහෙමත් වැඩ? (නි)
අපරාදේ! ඔය පොල් ටික දුප්පත් අයට බෙදාදුන්නා නම් ඔයිට වැඩිය යහපතක් වෙයි (නි)
මෙහෙමත් මිනිස්සු! (නි)
ජනතාවත් අගෝස්තු වල පොල් ගසාවිද? (නි)
ඔය සල්ලි වලින් සමෘද්ධිලාභීන් කී දෙනෙකුට කන්න දෙන්න තිබුනාද? (නි)
පටු දේශපාලන අදහස් තියන අය, මෝඩ ජනතාව උසි ගැන්වීමක් (නදී)
මේ පොල් ගණන් කාලේ අපරාදේ මිනිසුන්ට කන්ඩ තිබුන පොල් ටික ගහලා නාස්තිකලේ. පොල් නැතිව වෙන මොනවා හරි ගහන්න තිබුනා ඔච්චරම ඕනෙනම්.(නදී)
අපගේ එක සංස්කෘතික අංගයක් වන පොල් ගැසීම පිළිබඳව අවඥාවෙන් බලන්න එපා. එය පුද්ගලික වශයෙන් පේවී කරන ප්‍රජාතන්ත්‍රවාදී විරෝධ පෑමක්. එය තුලින් ගොඩනැගෙන මානසික ශක්තීවල කම්පනය පුද්ගලිකව මෙන්ම සමාජමය ලෙස ක්‍රියාත්මක වෙනවා. දෙවියන් සැඟව සිටින්නේ එම ක්‍රියාත්මක ශක්තිය තුල. (නදී)
දෙවියෙක් සිටිනවා නම් සිටින්නේ අනුකම්පාව , කරුණාව , දයාව ඇති මිනිසාගේ මනස තුළයි (නි)
රටේ අහිංසක ජනතාව කඩේ යවනවා අපේ සිංහල ජනතාවට හරි ඉක්මණට මුල අමතක වෙනවා (ම)
කව්ද මේ? කාලි දේවාලේ පොල් ගහලා එයාටම වැදෙයිද දන්නේ නැහැ (නදී)
ගිය ආණ්ඩුව සමෘද්ධිය දේශපාලන ආයුධයක් කරගත්තා. (නි)
මේ අයට පිස්සු (නදී)
පරණ දේව කන්නලව් එහෙමත් තිබුනොත් තමා වැඩේ. (නි)
දෙවියන්ට දැන් ලංකාවේම නඩු විසඳලා එපාවෙලා ඇති. දෙයියෝ කියයි ඔය නඩු හබ එතුමා ලඟට ගේන්න එපා කපුරාලටම විසඳන්න කියලා.(නදී)
පොල්වල මිල අඩු නොකළ එකටත් පොල් ගහන්න ඕනේ. (ස)
අපරාදේ පොල් ටික. වෛරයෙන් කරන කන්නලවු මොන දෙවියටද ඇහෙන්නේ. (බ)
[යහපාලන ආණ්ඩුවට එරෙහිව පොල් ගසති....] දෙවි දේවතාවෝ ඔය කන්නලව් වලට ඇහුම්කන් නොදුන්නොත් දේව කෝපය වැටෙන්නේ ඔය පොල් කාරයොන්ගේ ඔලු උඩට..... පොල් ගහන්නේ පරෙස්සමින්.... (ස)
එකම කල්ලියක් විසින් රටම විකුනම් කාපු කාලේදී මේ අය කොහෙද හිටියේ ? (නදී)
බැසිල් මහ්තයව අගමැති කලොත් සමෘද්ධි ව්‍යාපාරය රැකගත හැකියි. (ස)
මේවා බලන අපිටද පිස්සු මෙයාලටද පිස්සු , පසුගිය ආණ්ඩුව සමෘද්ධි සල්ලි කෝටි ගණනක් ගසා කෑවා. (ස)
2014 දී මේ දෙවියන්මද හිටියේ ? (බ)
බලාගෙන වැඩි හරියක් අර ඡන්දෙ පැරදිලා රට ගිය අයටත් වදී (ස),
දෙවියන් වැරදි කරන අයට දඬුවම් දෙන්නේ පොල් ගහන අය ඉල්ලන නිසාම නොවෙයි. අපේ සමහර නඩුකාරයෝ වගේ නෙවි, දෙවියන් තීන්දු දෙන්නේ...දෙපැත්තේම කරුණු කාරණා ගැන හොඳට විමසා බලාලයි දේව තීන්දු දෙන්නේ..... (ස)
කල්ලි කීපයක්ම එකතු වෙලා රටේ මුහුදු කරෙන් 3/4 ක්,උතුර,නැගෙනහිර, වයඹ නිකම්ම සින්නවෙන්න ඉඩදීලා හිටපු කාලේ තිලක් කොහෙද දන්නේ නැහැ හිටියේ. දින 100 ආණ්ඩුව භාර ගත්තේ එහෙම විකිණිච්ච රටක් නොවෙයි. (බ)
ඔය විනාශ කරන පොල්ටික අහිංසක මිනිසුන්ට දෙන්න තිබුනනේ......!! (බ)
බලාගෙන ජගත් කුමාර බාප්පොච්චිට වැහි නැති ඒවා පාත් වේවි ,අනේ එහෙම උනොත් අප්පච්චි අනාතයි, (ස)
මෙයාලා සමෘද්ධි කන්නේ. මූන් පස්සේ ගියේ සමෘද්ධි නිලධාරීන් දැන් අනාථ වෙලා ඉන්නේ. (ස)
සමෘද්ධි සල්ලි හොරකම් කරලා (ස)
ඔය "එකම කල්ලිය" විසින් දෙවියෝ බුදුන් පවා විකුනම් කෑවා.දෙවියන්ව ඇවරයි දැවරයි කරලා වැඩිම ලන්සුව දුන්නු කපු මහතාට විකුනම් කෑවා.මාසෙකට රුපියල් කෝටි ගානක් හම්බ කළා. ලැජ්ජයි කියන්නත්. (බ)
මහත්වරුනේ,දෙවියන්ටත් වඩා සාමිගේ අතේ තමයි වැඩේ තියෙන්නේ. මොනවද කිව්වේ කියලා ඇහුනද? (නි)
කලබල නොවී ඉන්න. පොල් ගැහුවත් නොගැහුවත් දෙවියෝ දඬුවම් දෙන්න ඕනෑ වෙලාවට කාට වුණත් දඬුවම් දෙයි. එතකොට පොල් ගැහුවා, නොගැහුවා කියලා වැඩක් නැහැ. (නි)
මේ හොරුන්ගෙ පස්සෙන් යන මෝඩ මිනිස්සු දිහා බලපුහම දුකයි අප්පා.කවදා මොලේ පෑදෙයිද මුන්ට (බ)
බැසිල් රාජපක්ෂගේ හෙළුව වහන්න වැඩකරන කුලී කාරයින්ගේ වැඩ මේවා (බ)
අනේ හොරු හැමතැනම! අපේ රටේ වැහිවැහැලා (නි)
එක එක විෂයයන් වලට වෙන වෙනම දෙවිවරු පත්කරලාද මන්දා ඉන්නේ. (නි)
බොහෝ දෙනෙක් බලන්නේ මිනිස්සුන්ගේ පිට පෙනුම.. මහත්මා ගාන්ධි කියන පුද්ගලයා ගැන පොඩ්ඩක් හිතල බලන්න.. කදයි බඩයි තිබුන කියලා.. මිනිහෙක්ගේ මොලේ කියන දේ නැත්නම් වැඩක් නෑ..(බ)
ශ්‍රී ලංකාවේ මිනිස්සු මෝඩ නැහැ මේවට රැවටෙන්න හරිම බොලද මිනිස්සු. රටකට ඕනි උත්සාහයෙන් වැඩකර දියුණු වන බුද්දිමත් ජනතාවක්. (නදී)
යහපාලනය කියන්නේ එහෙම තමවයි. උඹලට හොඳ වැඩේ උස්සල දුන්නට (නදී)