‘පැරදුනේ මහින්දද රටද?‘ මැයෙන් මැදගොඩ අභයතිස්ස, මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන, දොඩම්පහල රාහුල, මහාචාර්ය මාගම්මන පඤ්ඤානන්ද ඇතුළු හිමිවරුන්ගේ ප්‍රධානත්වයෙන් මාධ්‍ය දැනුම්වත් කිරීමේ හමුවක් පැපිලියාන සුනේත්‍රාදේවි පිරිවෙනේදී අද (31) පැවත්විණි.
‘දැන් තියෙන්නේ යහ පාලනයක් නෙමෙයි ‘හය පාලනයක්‘ මොකද මේ රට දැන් පාලනය කරන්නේ හය දෙනෙක් එකතු වෙලා. ඒ සම්බන්ධන්, හකීම්, චන්ද්‍රිකා, රනිල් සිව්දෙනා සහ එන්.ජී.ඕ සංවිධාන සහ විදේශීය රහස් ඔත්තු සේවා. ඒවාට අපිට ඕන තරම් සාක්ෂි තියෙනවා‘ යැයි ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ එහිදී පැවසූහ.
ඡායාරූප සහ වීඩියෝ - රොමේෂ් ධනුෂ්ක සිල්වා

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ නායකයන් සහ මිනිසුන් නොමග යවන ඇතැම් හිමිවරුන් හදා ගන්න. (ත)
පැරදුනේ මහින්දද රටද?ඕක අහන්නත් දෙයක්ද?මහින්ද පැරදුනා.රට දිනුවා. (ත)
මේ ව්‍යයසනයෙන් අපේ රට බේරා ගනු මැනවි. (ත)
අපරාදේ නේද ලාල් මහත්තයෝ..මහින්දව 2005දිම පැරැද්දුවනම් ප්‍රභාකරන් මහත්තය තාම අපි අතර..කවුද දිනුවේ කවුද පැරදුනේ කියන ප්‍රශ්නයට පිළිතුර හරියටම ඔබ තුමාට මහමැතිවරණයෙන් ලැබේවි..දින සීයෙන් සියල්ල අත් හැර වෙස්සන්තර පාරමිතා පුරන්න අවසර ගෙන අද තමන්ට අයත් නැති තමන්ට කැමැත්ත නුදුන් 58 ලක්ෂයක අයිතිය අමු අමුවේ මංකොල්ල කමින් අමුතුම පාරමිතාවක් පුරන ඉහල තැනත් ජනවරමක් නැති රජයක අගමැතිකමක් විලි ලජ්ජා නැතුව දරමින් ජනමතයට නිගා දෙවන රනිල් මහතාත් ජන අප්‍රසාදයට පත් වුනු ජනතාව ප්‍රතික්ෂේප කල හිටපු ජනපතිනියත් ඇතුළු තුන් හවුලට කළ කුමන්ත්‍රණ පාරා වළල්ලක් වන දිනය වැඩි ඇතක නැහැ..(බ)
සරණංකර හිමියන් වගේ පිණ්ඩපාතයේ වඩිමින් බුදුන් දෙසු විනය කර්මයේ හැසිරෙමින් ජනතාවට මග පල ලබා ගන්න කටයුතු කරන්න . (ත)
ලාල්ට තේරුන දේ මේ මහාචාර්යවරයාට නොතේරෙන එකනේ පුදුමේ...(බ)
පිවිතුරු යහපාල ආණ්ඩුව ගැනත්, වාසනා ගැනත් කී කතා සහතික ඇත්ත කියලා මම පිළගන්නවා (නි)
හාමුදුරුවරුන් දේශපාලනයෙන් ඉවත්කරන්න හදන ගිහි පින්වතුන්ට කිවයුත්තේ අපේ රට රැකගැනීම වෙනුවෙන් දේශපාලනයේ යෙදීම අපේ රටේ භික්ෂුන්ගේ අතීත උරුමයක් බවයි. ගැමුණු රජතුමා යුද්ධයට ගියේ උන්වහන්සේලා පෙරටුකරගෙනයි. අසමගි වුණ ගැමුණු-තිස්ස දෙබෑයන් සමගි කළේ උන්වහන්සේලායි. අතීත උදාහරණ බොහොමයි. වල්පොල රාහුල හිමි සහ මඩිහේ හාමුදුරුවෝ මෑතකාලීන එබඳු උදාහරණයි. (නි)
ලාල්, මහින්ද පැරදිලා රට දිනුවා නම් මොකද මේ කොටි ආයෙමත් දඟලන්න අරගෙන තියෙන්නේ? ඇමරිකාවයි එංගලන්තෙයි මොකද අපිට රට කරන හැටි ගැන ටියුෂන් දෙන්නේ? ඇයි අපේ රටේ ආර්ථිකය මේ ටික දවසට කඩාගෙන වැටෙන්නේ? ඔක්කොටම වඩා මොකද මේ පැරදුණු නායකයෙක් වටේ දිනපු ජනතාවක් රොද බඳින්නේ? (නි)
හරියට හරි පිවිතුරු! (නි)
රට අස්ථාවරයි කියලා මේ ගුණමකු මිනිසුන්ට තවමත් තේරුම් ගැනීමට බැරි වෙලා නේද?අපේ හාමුදුරුවනේ..(ම)
අනේ! මම නම් මේවට මොකුත්ම කියන්න යන්නේ නැහැ (නි)
මහින්දට නම් පරදින්න දෙයක් නැහැ. රට පැරදුණ වගක් නම් දැනෙනවා අපේ හාමුදුරුවනේ.(දිල්)
ඒක නම් ඇත්ත (නි)
ඔබවහන්සේලා 100%ක් නිවැරදියි (නි)
සහතිකයි හාමුදුරුවනේ.. (ත)
රට අස්ථාවරයි , ඔබතුමන්ලා ඉදිරියට ආපු එක ලොකු දෙයක් .හැමදාම රට රැකගන්න ඉදිරිපත් වුනේ මහා සංඝරත්නය බව අමතක නොකළ යුතුයි .(ම)
හාමුදුරුවනේ. පසුගිය මහින්දගේ ආණ්ඩුව කාලේ කොයි තරම්. දුෂණ වුනාද . ඔබ සැම කට වහ ගෙන හිටියා සෝභිත හාමුදුරුවෝ තනියම ඒ හැම දේකටම නැගීසිට විරුද්ධ වෙනකොට ,දෙවියනි ඔබ. කොහිද . සිරිසේන ජනපති හාමුදුරු නමකටත් වැඩිය කරුණාවයි එහෙම එකේ එය අායුදයක් සේ සලකා පහර නොදෙන්න ,අපි වගේ වෙහෙස. මහන්සි වී වැඩ කරන අයට මෙතුමා දෙවියෙක් නිකන් ඉඳල කඩේ යන අයට සන්තෝසම නැති වෙනකොට මෙතුමා හතුරෙක් , අද මහින්ද. කුණු කුඩයට. ගියේ. මේ වගේ අය ඒකාලේ මහින්ද කරපු හැම දෙකටම කට වහගෙන මල් වෙඩි පත්තු කරන් ඉස්සර කරගෙන ගියපු නිසයි. ඉස්සාගේ ඔලුවේ තියෙන දේ කාටත් අමතකයි දැන් , සිරිසේන ජනපතිදුනි. ඔබ කවදහෝ දවසක බුදුන් දැක නිවන් දකිනවමයි (බ)
මහජන ඡන්දයෙන් පාර්ලිමේන්තු වල පත්කළ අයට රට පාලනයට එකතුවෙන්න බැරිද? (නි)
අනේ අපේ හාමුදුරුවනේ, ඔබවහන්සේලාටත් තව අවරුදු දෙකක් වළඳන්න තිබුන පාත්තරය නේද අපේ හිටපු ජනාධිපතිතුමා තලලා දැම්මේ, ඔබවහන්සේලා ළගටම ගෙනල්ල ලැම්බෝගිනි රේස් පෙන්නුවා, තව අවරුදු දෙකක් ඉවසුවානම් අපටත් පදින්න තිබුන, ඔබවහන්සේලා ඔය සාකච්ඡාව එතුමා සමග කලින් කළා නම්, "සහචර" නව අර්ථකථන හදන්න වෙන්නේ නෑ නේද? මේක අයිතිවෙන්නේ "නියාමධර්ම" වලින් කෝකටද කියල පැහැදිලිකරලා වදාරන්න. ධම්මනියාම .,කම්ම නියාම කියලයි මට තේරුම් ගියේ. (බ)
බුදුන් වහන්සේ ගේ ධර්මය වදාරනවානම් හොඳයි නේද ? (ත)
හය පාලනයක් නැහැනේ , ඉදිරි අවරුදු දෙකත් කාගෙන කාගෙන නාගෙන ගියානම්. (ත)
ගරුතර හාමරුදුරුවනේ තාටවත් කඩේ යන්න එපා. (ත)
ඉඳුරාගාරේ ධම්මරතන හිමියන් දේශපාලනයට සම්බන්ධ නොවෙනවානම් හොඳයි. ඒ හිමියන් ගැන අපට ගෞරවයක් තියෙනවා. (ත)
හුඟ දෙනෙකුට මේවා තේරෙන්නේ නැති එක තමා අපේ කරුමේ. හැබැවට මේ ප්‍රශ්නයේදී වැඩියෙන්ම වග කියන්න ඕනේ මල්වතු අස්ගිරි මහා නාහිමිල , සෝභිත හාමුදුරුවෝ රතන හාමුදුරුවෝ අමිල හාමුදුරුවෝ හා සමස්ත හෙළඋරුමය තවමත් ඒ අය කරපු දේ හරි කියල තවත් බොරු කියනවා.(බ)
වාසනාට මලවට්ටි අස්සේ තියෙන බෝම්බ වගේම සුදු රෙදි අස්සේ තියෙන කඩු කිනිසි ගැන වටහා ගන්න තව පාරක් මොන්ටිසෝරියේ ඉදල ස්කොලේ ගිහින් එන්න වේවි..වාසනා වගේ අය අනේ වාසනාවන්, අපිටවත් රටටවත් නෙමෙයි..අපායට..(ස)