පසුගිය වසරේ ලොව ඇතිවූ වැදගත්ම සිදුවීම් අතරට ශ්‍රී ලංකාවේ දේශපාලන පෙරළියද ඇතුළත් වන බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් බෑන් කී මූන් පවසයි.
ඇමෙරිකාවේ නිව්යෝක් නුවර එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී සිය වර්ෂ අවසාන මාධ්‍ය හමුවට එක් වෙමින් බෑන් කී මූන් මේ බව ප‍්‍රකාශ කළේය.
දුෂ්කර වාතාවරණයක් හමුවේ වුවද ශ්‍රී ලංකාවේ දේශපාලන වශයෙන් ප‍්‍රගතියක් ඇතිවී තිබෙන බවත් විශේෂයෙන්ම ඉකුත් වසරේ ලංකාවේ සිදුවූ බල හුවමාරුව දිරිගන්වන සුලු බවද හෙතෙම මාධ්‍ය හමුවේදී කීවේය.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 70 වැනි සංවත්සරය ,තිරසාර සංවර්ධනයට ගෙන ඇති පියවර , කාලගුණ විපර්යාසයට එරෙහි ලෝක ක‍්‍රියාකාරීත්වය , ගැටුම් විසඳීම සහ මානුෂික සහාය පිළිබඳවද එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා මෙහිදී අදහස් දැක්වූයේය.
ලොව ගැටුම්කාරී වාතාවරණයක් පවතිද්දී සාමය ගොඩනැඟීමේ ක‍්‍රියාවලියට එක්සත් ජාතීන්ගේ සංවිධානය තවදුරටත් සක‍්‍රීය ලෙස දායක වන බවත් ඔහු කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවට ඕනේ ගව පාලනයක් (බ)
සමහර රටවල දේශපාලන පරිවර්තන කරලා උදම් අනපු ජනතාවටම ඒක විඳවන්න වුණා. ඉරානයේ ෂා රජ්ජුරුවො එලවල කරපු විප්ලවය නිසා ඒ රටට ලැබුනෙ මොනවද.(බ)
ඔබලා නොදැන සිටින බොහෝ දෙයක් මෙතන තියෙනවා. (හේ)
ඔය මූන් හැම රටක් ගැනම කියන්නේ ඔහොම තමා. එයාට කියන්න දේකුත් තියෙන්න ඕනනේ. තව කල් යනකොට බලමුකෝ. (බ)
මහත්තයෝ ඔබතුමා දන්නේ මොනවද?(හේ)
තිලක්, නාමල් වහල් පාලනයක් තියන එක හරි හොඳයි වගේ. (බ)
ලංකාව දියුණු වෙනවට කිසි රටක් කැමති නැහැ.එකේ මුලින්ම ඉන්නේ ඉන්දියාව. කොන්ද පණ ඇති නායකයකුට ලෝකයේ ඉඩක් නෑ. රුසියාවේ පුටින්ටත් එ්දේ කරන්න බටහිර රටවල් බලන් ඉන්නේ.(බ)
පන නැති පාලනයකට ජාත්‍යන්තරය හරි කැමතියි. උන්ට ඕන වුනේ එ්ක. (බ)
මහින්ද මහත්තයව කෑවෙ වටේ හිටපු අය. සමහර නෑදෑයොත් ඒ ගොඩට අයිතියි. ඒ මනුස්සයගෙ තිබුණු වැරැද්ද තමයි හොරා කෑම අඩු කරන්න කටයුතු නොකිරීම සහ බලය අයුතු ලෙස භාවිතා කිරීම නොදැක්කා සේ සිටීම. ඒකයි මිනිස්සුන්ට අකමැත්තෙන් උනත් තීරණයක් ගන්න වුනේ. (කෞ)
මොනවා දුන්නත් මොනවා කළත් පසුගිය රජයට ආවඩන තවත් අය රටේ ඉන්නවා (නි)
කියන්න බොහෝ දේ ඇතත් ඒවා මෙතන සටහන් කළ නොහැක (නි)
අපොයි! ඒක දැන් මුළු ලෝකෙටම හොඳට පෙනෙනවා. (නි)
කොහොමත් නිහඩ විප්ලව එතරම් සාර්ථක නැහැ. ලංකාවේ තිබෙන දුර්වල යල්පැනගිය නීති වලින් හොරුන්ට තක්කඩින්ට තියා මිනීමරුවන්ටත් කල් ඇද ඇද ගැළවී ඉන්න පුළුවන්. කොහොමටත් හැමදෙයකම සීමාවක් තිබෙන බව කවුරුත් දැනගත යුතුයි. (නි)
ලංකාව බටහිරට ගැතිව තියාගන්න ඔවුන් කොහොමත් කැමතියි. මෙය ආරම්භවුණේ 1815 ටත් පෙර සිටයි (නි)
දේව් සමඟ මමත් එකඟයි (නි)
කවදාවත් පරාජය කරන්න බැහැ කියපු ඒකාධිපති වියරුවෙන් අපි නිදහස ලැබුවා.(හේ)
එහෙනම් ඒකත් ලොකු ජයග්‍රහණයක්.(හේ)
මේ දෙයින්ම පේනවා ලාංකිකයන් මොනතරම් බුද්ධිමත් ජාතියක්ද කියලා අවශ්‍යම වේලාවේ නිවැරදි තීරණයක් ගත්තා (බ)
ජය ලැබුවා තමා, ඒ වුනාට තාම යන්නේ කුණු ගොඩවල් කර තියාගෙන, ඒ වගේම මෙයාලත් කරන්නේ පරණ අය කරපු වගේම වැඩ තමා. අන්තිමට තැලෙන්නේ ජනතාව. (බ)
ඒකාධිපති වියරුවෙන් නිදහස්වීම ලොකු ජයක් තමයි (බ)
බටහිර සමහරුන් ට හා ඔවුන්ගේ අනුගාමිකයන්ට මෙය මහ ලොකු දෙයක් වූ වාට සමස්ථ රටටම සංවිධානාත්මකව සිදුකළ මහ විනාශයකි . රටේ ආරක්ෂාව වලපල්ලට ගොසිනි. සංවර්ධනය සම්පූර්ණයෙන්ම වාගේ නවතා දමා ඇත. තව බොහෝ අහිතකර දේ 2016 වසරේත් සිදුවේවි (බ)
ජනතා ජයග්‍රහණයක්.(හේ)
ඔය කියන නිදහසක් අපට නම් දැනෙන්නේ නැහැ. ගෙදර ආර්ථිකේ හිර වුනාම මොන නිදහසක්ද? (හේ)
ලොකු වෙනසක් මේ වෙන කොට වෙලා තියෙනවා.(හේ)
තව ටික දවසක් යනකොට තේරෙයි.(හේ)
ඒක ඉතින් අපි හොඳට දන්නවා (නි)