ආණ්ඩුව ඊණියා ජාතික ආණ්ඩු සංකල්පයකට මුවා වී හවුල් ආණ්ඩුවක් ගොඩ නඟා ඇතැයි ද, පසුගිය ජනවාරි අට වැනි දා ජනතාව විසින් පරාජය කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 27 දෙනකුට කැබිනට්, රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍ය ධුර පිරිනමා ඇතැයි ද ජනතා විමුක්ති පෙරමුණ නිවේදනයක් නිකුත් කරමින් කියයි.
‘මේ පිරිස අතර පසුගිය ආණ්ඩු සමයේ වංචා දූෂණ චෝදනාවන්ට ලක්වූවන්ද සිටින තත්වයක් යටතේ යහපාලනය සඳහා පත්වූයේයැයි කියනු ලබන ආණ්ඩුව, වංචා දූෂණ සම්බන්ධයෙන් තවදුරටත් පියවර ගනු ඇතැයි අපේක්ෂා කළ නොහැකියි.
ඇති වූ නව දේශපාලන වර්ධනය දැඩි සැලකිල්ලට ලක්කළ ජනතා විමුක්ති පෙරමුණ මතු වී ඇති තත්වය ජාතික විධායක සභාවේදී ප‍්‍රශ්න කිරීමට බලාපොරොත්තු විය. කෙසේ වුවද ආණ්ඩුව විසින් අද (24) නියමිත වූ විධායක සභා රැස්වීම හදිසියේ අවලංගු කර තිබේ. එබැවින් නව තත්වය සාකච්ඡා කිරීම සඳහා කඩිනමින් විධායක සභාව කැඳවිය යුතු බව ජනතා විමුක්ති පෙරමුණ අවධාරණය කරයි.
එසේම නව දේශපාලන වර්ධනයන්හි පෙළ ගැසීම සියුම්ව නිරීක්ෂණය කරන ජනතා විමුක්ති පෙරමුණ, තවදුරටත් ජාතික විධායක සභාවට මැදිහත් විය යුතුද නැත්ද යන්න පිළිබඳව මහින්ද රාජපක්ෂ පාලනය පරාජයට පත්කිරීමට දායක වූ සිවිල් සංවිධාන සමග සාකච්ඡා කිරීමට අපේක්ෂා කරයි. එම සාකච්ඡාවලින් අනතුරුව ජාතික විධායක සභාවේ සභභාගිත්වය පිළිබඳ අවසන් තීරණය ගැනීමට නියමිතය.‘
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය අත් වලත් කිළුටු නැද්ද ? (ත)
‘මරණ තුනක් ඇති මින්හෙක් පැණි කෑය.‘ (ත)
පිටබැද්දර ජයා, සිංගප්පුරුවේ රජවරු නැහැ, ඉන්නේ අගමැතිවරු. හැබැයි ඔවුන් රට ලස්සන කරලා මාර්ග පද්ධති දියුණු කරලා, ඒ වගේම මුහුද ගොඩකරලා රට දියුණුවට වැඩකළා. (නි)
එම දුශිතයෝ මේ වෙලාවේ සංශෝධනයට අවශ්‍යයි. වරදක් කලත් සිතකින් නෙවේ කියා කියනවා ඇති. (ත)
මේ වෙලාවේ රට ගැන කෙළින් කතා කරන්නේ ජේවීපී එක විතරයි. (ත)
ඉතින් පද්මිණි, සංශෝධනය අත්‍යවශ්‍ය එකක් කියලද ඔයා කියන්නේ.(හේ)
මේ අය තමයි රට මේ තරම් අගාදයට දැම්මේ.(හේ)
ජේවීපී නායක අනුර කුමාරත් මේ තත්වයට වගකියන්න ඕනෑ. ඔහුට තැන නැතිවෙනකොට බොරුවට කෑගහනවා. හැබැයි මේ පාර නම් අපේ දරුවන්ව විනාසවෙන විප්ලව කරන්න එපා. වැඩ වැරදුනානම් ගෙදර යන්න. (ත)
මහින්ද මහතා පරාජය කළා මිසක් ජනතාව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පරාජය කළා කියන එක නම් බොරු (නි)
මොන රජය ආවත් මොන සංවර්ධන වැඩ පටන්ගත්තත් කොහෙන්හරි කොක්කක් ගහන්න තමයි සමහරු බලා ඉන්නේ. ඉතින් රටක් දියුණු කරන්න පුලුවන්ද? සිංගප්පුරුව අද ඔය තත්වයට පත්වෙලා තියෙන්නේ එක දිගට අවුරුදු 30 ක්ම එකම අගමැති කෙනෙක් පාලනය කළ නිසා. අපේ රට වගේ 5හෙන් 5ට වෙනස් වුණොත් එක්කෙනෙක් කරන දේ අනිත් කෙනාට හොඳ නැහැ. හැමදාම එක තැන තමයි. (නි)
රජය විසින් කරන දේ රටට පහැදිලි කළොත් හොඳයි කියලා හිතෙනවා (නි)
ඉතින් දැන් මේවා අපිට කියලා හරියනවද? දැන්නම් තිතට වැඩ කරනවා වගේ. මහ ඡන්දෙදි මේ කවුරු කවුරුත් අනිවාර්යෙන්ම ගෙදර යවන්න රටට ආදරේ ඇති ජනතාව මතක තියාගන්න ඕනෑ.... (නි)
ඇසළ , සිංගප්පුරුව දියුණුවුණේ රජු අවුරුදු 30 සිටි නිසා නෙමෙයි, ඒ රජු රටට ආදරේ කළ නිසා, ජනතාවට ආදරය කළ නිසා,රාජ්‍ය දේපොළ හොරකම් නොකළ නිසා. කොටින්ම තමන්ගේ පවුලේ කට්ටියට එක නීතියකුයි රටේ ජනතාවට එක නීතියකුයි නැතුව හැමෝටම එකම හැන්දෙන් බෙදපු නිසා. මේ නිසාම රටේ ජනතාව එතුමාව අවුරුදු 30 ක්ම තියාගත්තා. (නි)