හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් ශ්‍රී ලංකා නාවික හමුදා ලුතිනන් යෝෂිතගේ විදේශ පුහුණුවට රුපියල් ලක්ෂ 210 ක් රජයෙන් වැය කර ඇතැයි රජය කියයි.
ඔහු හිටපු ජනපති ආරක්ෂක අංශයට අනුයුක්ත කර පසුව ඉවත් කර ඇත. ජනපති ආරක්ෂකයකු වශයෙන් ඔහුට එතෙර පුහුණුවද ලබාදී ඇත. මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ විශේෂ පරීක්ෂණ මණ්ඩලයක් පවසනුයේ ඔහු නාවික හමුදාවට බඳවා ගෙන ඇත්තේ බඳවාගැනීම් ක්‍රියාපටිපාටිය අනුව නොවන බවයි.
ආරක්ෂක අමාත්‍යංශයෙන් නාවික හමුදා මූලස්ථානයට ලැබුණු නියෝගයක් අනුව ඔහු බඳවාගෙන ඇත. ඔහුගේ අධ්‍යාපන සුදුසුකම් පිළිබඳ ලියවිලි පෞද්ගලික ලිපි ගොනුවේ නැතැයිද දැනගන්නට ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
[ ඔහුගේ අධ්‍යාපන සුදුසුකම් පිළිබඳ ලියවිලි පෞද්ගලික ලිපිගොනුවේ නැතැයිද......] අර ෆයිල් අස්සේ සමහරවිට ඒවත් ඇති.දැන් ඉන්න පාලකයන් ඉබිගමනින් නොගොස් මේ ගැන ඉක්මනින් සොයාබලා මහජනතාවට කරුණු දැක්වුවොත් හොඳ නැද්ද? (නි)
බන්දුල පෙරේරා නමින් සුමුදු හේවා දැන් වෙන නමකින් රෙදි හෝදනවා. මොවුන්ට රට නෙමෙයි වැදගත්, හොරුන්ව. වහල් මානසිකත්වයෙන් මිදෙන්න. එවිට යහපාලනයේ වැදගත්කම පෙනේවි. (නි)
මගේ නමින් වෙනත් අයෙකුත් අදහස් පළකරන බව පෙනෙනවා (නි)
අනේ දෙවියනේ! අපේ ළමයින්ට අපිට මෙහෙම වියදම් කරන්න පුලුවන් නම්.... (නි)
ලංකාවේ "හය හතර නොදත් කුඩා දරුවන්ට" තේරෙන්න විනාශකළ රටේ මහජන මුදල් කෝටි ප්‍රකෝටි ගණනින් නොකියා "රුපියල් ලක්ෂ" වලින්ම කීයද කියලා කියන එක නම් ගොඩක් හොඳයි. (නි)
ඩුබායි තිලක් නියත වශයෙන්ම එල්ටීටීඊ සාමාජිකයෙක් (බ)
ඒත් තාමත් මෙයාලට ආවඩන කට්ටිය ඉන්නවා (නි)
කාගේ සල්ලිද මේ? (නි)
රටට මේ තරම් විනාශයක් කළ උදවියගේ තවත් එක වංචනික වැඩක් තමයි එක් පුතෙක් ආරකෂක අංශ වලට බඳවාගෙන පවුලේ ආරක්ෂාවට පුතාව තබාගන්න උත්සාහ කළ එක. එයා නාවික හමුදාවට බැඳුනා කියලා එක දවසක් යුද්දෙට ගිහින් තියෙනවද? එංගලන්තයේ ඔටුන්න හිමි චාර්ල්ස් කුමරුගේ පුත් හැරී යුධ භුමියේ සිටිය බවවත් මේ අය නොදැන ඉන්න ඇති. (නි)
අපේ රටේ බවලතුන්ට බලවතුන් වෙන්න බැහැනේ දැන් ලේසියෙන්. (නි)
මේ රටේ කිසිම කෙනකුට කිසිම නීතියක් නෑ (දිල්)
තිලක් උන්නැහේ, ඔහේ ඉඳගෙන කටමැත දොඩන්නේ අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය කොට උඩ අරින්නද? රට ඇතුලේ සිවිල් යුද්ධයකට මඟ පාදන්නද? (නි)
තිලක්, ඔයා හරියටම හරි (නි)
මේ දේවල් කිය කියා රටේ තිබෙන ලොකු ප්‍රශ්න මඟහරින්න එපා. සියලු දෙනාම පොඩ්ඩක් ඇස් ඇරලා බලන්න! (නි)
පතිරණ, හැමටම වඩා රට වැදගත් යයි සිතන මම නම් මගේ රෙදි හැර වෙන කාගෙවත් රෙදි හෝදන්නේ වත් අනුන්ගේ නමින් ලියන්නේවත් නැහැ. ඒවා ඔය යහපාලන කට්ටියගේ වැඩ නේ. (ස)
පතිරණ, එංගලන්තයේ බවලතෙක් අත් මේස් ගලවලා තමන්ට අතට අත දුන්නාය කියලා ඔයාලගේ ලොකු තුමා අමන්දානන්දයට පත් වෙලා තිබුණේ යහපාලනයේ ඔය කියන නිවහල් මානසිකත්වය නිසාද? (ර)
මදැයි පුතාව ලොකු ලොක්කෙක් කරන්න ගියා. (නි)
අනේ පව් අපේ දුප්පත් දෙමව්පියන්ගේ රණවිරු දරුවෝ (නදී)
මේවා නෙමෙයි, උතුරට දැන් වෙන දේවල් ගැන බලන්න.යුරෝපයේ ඉන්න අපි දන්නවා ඇත්ත (නි)
මේවා නිකම් බොරු කතා. ඉන්නකෝ! ඡන්දය ආවහම දෙන්නම්. (නි)
අපි ඉතින් මේවාට මොනවා කියලා කියන්නද? (නි)
ජයන්ත, මොනවද කතා කරන්න ඕනා. මොකද හිතට දුකද? ඔයාලම නේද කෑ ගැහුවේ `අපි නව රජය ගෙන අවේ පහුගිය වංචා දුෂණ සොයා ඒවාට දනුවම් දී යහපාලනයක් ඇතිකරන්න කියලා. දැන් ඒවා කරනකොට වෙන දෙයක් කියනවා. ඔයාල වගේ බුතයන්ව සන්තෝස කරන්න මේ ලෝකේ මිනිස්සුන්ට බැහැ. (නදී)
මේවා අපිට කිව්වයි කියල ඇති වැඩකුත් නැහැ. අපි කියල මොනවා කරන්නද. (බ)
මේවා කාටද මේ කියන්නේ. රට භාර ගන්නකොටම කරපු මහා බැංකු කොල්ලය අමතක කරලා නේද මේ කතා කරන්නේ. (බ)
අනේ හොඳයි. අන්තිමේ පුහුණුවට ලක්‍ෂ ගානක් වියදම කරලා තාත්තගේ බොඩි ගාඩ් කමට එහා දක්ෂතාවක් පෙන්වන්න බැරි වුණා. (බ)
මිනීමරු ප්‍රභාකරන්ට බයේ හමුදාවට බැඳෙන්න නොහිතන කාලයක් තිබුනා අමතකද? (නි)
අනේ දුප්පත් මිනිහ පාන් රාත්තල ටත් ගෙවපු බදු මුදලින් නේද මේවා කරලා තියෙන්නේ?(නදී)
පුහුණුවට අදාළ කොන්දේසි කඩලා , අඩු වශයෙන් පුහුණුවේ ප්‍රතිළුල වත් පෙන්නුවේ නැති එකට අදාළ කෙනගෙන් නිදහසට කරුණු විමසන එක?. ඔය ගිය ගාණ එයාගෙන්ම අය කර ගන්න එකයි ඇත්තේ . ඒකෙන් හරියට රට වැඩක් ගත හැකි තරුණයන් ටිකක් ලංකාවේ සිටින ගමන් පුහුණු කරන්න. එච්චරයි. (ම)
අනේ අපෝ කියන්ට විතරනේ අපිට පුළුවන්.(ම)
දැන් ඉතින් අද හවසට පන්සල් ගිහින් මහජනයා කැඳවලා ආඩපාලි කියන්න පටන් ගනීවි අනේ කිසි වරදක් නොකළ දරුවාගෙන් පලි ගන්නවා කියලා. (නදී)
වැරදි නම් වැරදියි. බඳවා ගත් නිලදාරියා වහාම හෙළි කරන්න (නදී)
අපි නෙවෙයි ඔය හාදයාව බඳවා ගන්න කිව්වේ. ඒ නිසා දුප්පත් අපේ මාසේ පඩියට බදු ගහල නම් ඔය ගිය ගාණ අය කර ගන්න හිතන්නවත් එපා ඔන්න (නදී)
දැන් බලන කොට මේ ප්‍රතිචාර දාන්නේ ඔටුවානේ. රටට ආදරයක් නැති අයට රටක වටිනාකම දනේනේ නැහැ. මැදවච්චි කතා මතකද? යෝෂිත හමුදාවට බැඳුනේ බොහෝ අය පස්ස ගහන කාලයකදී. (නදී)
හරි එතකොට අර බකිංහම් අශ්වයාට කියක් ගියාද ආයිබොවන් ?(නදී)
අපිට ආරංචි වුනා ඒ දවස් වල මෙයාව ඊළඟ දිය වඩන නිලමේ කමට නම් පුහුණු කරන්න ගියා කියලා. සමහර විට ඒ පුහුණුව නිසා මේ පුහුණුව මිස් වෙන්න ඇති. ඒ නිසා කවුරුවත් දොස් කියන්න එපා. (නදී)
තමන්ගේ ළමයා උනත් සුදුසු කම් නැතිව තනතුරු වලට යොමු කලොත් මෙහෙම ලජ්ජා වෙන්න වෙනවා. ඕව හැම ලොක්කන්ටම පාඩම්.(නදී)
මහින්ද මහත්තයාගේ පසුගිය මැතිවරණයට සෙනග අදින්නට ලංගමයට නය උනු මිලියන 142 යි මේකයි බොල් නය විදිහට කපාහරින්න කියල අපි සියලු දෙනා වර්තමාන රජයට බල කල යුතුයි.(නදී)
කොයි කවුරුත් බලයට අාපුවහම ඔහොම තමයි. ජේ.අාර්, ප්‍රේමදාස, චන්ද්‍රිකා, රනිල්, මහින්ද සේරම එකයි. පත්තරවලට අනුව මේ හැමෝගෙම ආණ්ඩු කලේ ඕක තමයි. අපිත් හොරකමක් කරලා ඔලුව උස්සන්න බලමු. (නදී)
තවත් මිනිස්සු මේ අය පස්සෙන් යනවනේ? (නි)
ලංකාවේ වෛද්‍යවරයෙක් බිහිකිරීමටවත් මෙච්චර වියදමක් දරන්නේ නෑ. හැබැයි ඔවුන් අඩුගානේ එක ලෙඩෙක් හරි සුවපත් කරනවා. මේ වියදම මම හිතන්නේ ඇතිවෙයි මොරටුව සරසවියේ ඉංජිනේරුවෝ 10 ක් බිහිකරන්න. මුන්ට හොඳ වෙලාවට ඉගෙනගන්නේ මොලේ තිබ්බේ නැත්තේ. එ්කත් තව තිබ්බනං බලන්න තිබ්බ අපිට වෙන දේ. (බ)
රටේ ප්‍රශ්න අමතකවෙන්න ඕවා කියලා වැඩක් නැහැ. කවුද අනේ දැන් මේවා ගණන් ගන්නේ? (නි)
ඔස්ට්‍රේලියාවට යවපු අයවත් පුහුණුවට ලක්ෂ ගණන් දීල ට්‍රේනින් කරලද දන්නේ නැහැ? ඒ පාර්ශවය තානාපති කාර්යාලයක සේවයට තියා සිල්ලර බඩු කඩේක කැෂියර් වැඩකටවත් සුදුසු වෙන්න විභාග පාස් කරලා කියල කවුරුවත් දන්නේ නැහැ. (දිල්)
මට නම් ඔය මහින්ද මහතා ගැන කියනවා නම් වෙන මොකුත් ඕනෑ නැහැ (නි)
සමහරු විශ්ව විද්‍යාල වල පශ්චාත් උපාධි වලට සුදුසු කම් ලබපු හැටි මීටත් පංකාදුයි. අපි අවුරුදු ගණන් පර්යේෂණ කරලා නිබන්ධන ලියලා කට්ට කාලා කර ගන්න දේවල් පස්ස දොරෙන් ලැබුණ හැටි මෙතන ලියන්න බැහැ.(දිල්)
මේ ඩුබායි තිලක්ට නම් මොකක්හරි ඔලුවේ අමාරුවක් තිබෙනවා. වෙන වැඩක් නැද්ද? (නි)
මොනවද මේ කියවන්නේ . මීට වාඩා දේවල් නැද්ද කතා කරන්න,මොකක්ද දැන් අපේ රටට වෙන්නේ,(දිල්)
දැන් එතකොට අර අභාවකාශ තරණයට කීයක් ගියාද දන්නේ නැහැ නේද?(දිල්)
අනේ මන්දා සද්දේ විතරයි කරපු පරීක්ෂණයක ප්‍රතිපලයක්වත් වැරදි කාරයකුට දීපු දඩුවමක් වත් නැහැනේ තාම (දිල්).
හඬ මිස වැඩ නැත ...(ම)
"හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් ශ්‍රී ලංකා නාවික හමුදා ලුතිනන් යෝෂිතගේ විදේශ පුහුණුවට රුපියල් ලක්ෂ 210 ක් රජයෙන් වැය කර ඇතැයි රජය කියයි". ඔය ගිය ලක්ෂ 210 යෙන් "කිරි හරක්" ටිකක් හැදුවා නම් උන්ගෙන් කිරි ටිකවත් අරගෙන ජාතික අාදායමට එකතු කර ගන්න තිබුනා (නදී)
නිසි පරීක්ෂණයක් තියල අපිටත් විස්තර කියන්නකෝ. (ර)
මේ වගේ කතා විශ්වාස කරලා තමයි අපි මහින්දව ගෙදර ඇරියේ. මේ කතා අපි තව දුරටත් විශ්වාස කරන්නේ නැහැ. දැන් ඉතින් තවත් අලුත් කතා කිය කියා ඉන්නේ නැතිව ඒවාට එරෙහිව ගන්නා ක්‍රියා මාර්ගවල ප්‍රතිපල අපට පෙන්නන්න.(නදී)
මෙතන ගොඩක් අය පටළවාගත් දෙයක්. අමතකවුණ දෙයක්. යෝෂිත හමුදාවට බැඳුනේ යුද්ධය අවසන්වුණාට පස්සේ (නි)
මොහු යුද අධිකරණයට ඉදිරිපත් කළ යුතුයි (දිල්)
ඩුබායි තිලක් ඩුබායි වල රස්සාවක් කරනවා නොවේ මානසික රෝහලක ප්‍රතිකාර ගන්නවා (නදී)
තව ටික දවසකින් කියාවි එහෙම එකක් නෑ කියලා ,(දිල්)
රජතුමාගේ පුත් කුමාරයා පුහුණු කිරීම රජ කාලයේ සිට පැවතගෙන එන සිරිතක් බව රටවැසියෝ දන්නේ නැද්ද? (නදී)
ඇයි අනේ කියව කියව ඉන්නේ ? (ර)
ඊලඟ යුද්දෙට පුහුණුව සඳහා තමයි කුමාරයාව පුහුණුවට යවලා තියෙන්නේ. ඒක වරදක්ද? (ස)
හැමදාම ඔවා කියා කියා ඉඳල වැඩක් නෑ. (ර)
එම මුදල අයකරගන්නා ක්‍රමයක් කලොත් රජයටත් රටටත් වැඩක් වේවි. (ර)
රටට අණබෙර ගහලා කුඩු රජෙක් ඇල්ලුවා, බැලින්නම් ඔහු කරලා තියෙන වරද කුඩු මි.ග්‍රෑම් අසූවක් සන්තකයේ තබා ගැනීම. (ර)
බය වෙන්න කාරී නෑ. හැබෙයි බැරිවෙලාවත් අපි කෝච්චියක ටිකට් එකක් නැතුව ගිහින් අහුවොනොත්. බලාගන්න පුළුවන්. (ර)
චාමර, ඔයා හොඳට සොයලා බලලා කතාකරනවා නම් හොඳයි නේද? (නි)
කල්යනකොට ඔය මොකුත් නැහැ. බලමු මේ කතාවට ලැබෙන උත්තරය තව සති 2 ක් 3කින්. (ර)
දැන් සද්දේ දාන සුදුසුකම් තියෙන කවුරුවත් එදා හමුදාවට අාවේ නැත. (නදී)
සිංහලයන් ගැන දුක හිතෙනවා. මහින්ද පාලනයෙන් රටේ මුදල් සම්පත් කොපමණ විනාශකළාද කියලා ඔප්පුවෙලා තියෙද්දිත්, තවත් එම පවුල් පාලනයට ආවඩන පිරිසක් සිටීම රටේ අවාසනාවක් (නි)
ඔබ හිතනවද වර්තමානයේ සිදුවෙන්නේ මීට වඩා වෙනස් දෙයයක් කියල. දැනුත් යහපාලනයේ වීවීඅයිපීල පත්වීම් සහ උසස්වීම වලට බලපෑම්කරනවා. පුළුවන්නම් මෛත්‍රී කියන්න ඔබ ලංකා බැංකුවේ ඒජීඑම්, ඩීජීඑම් උසස්වීම් වලට බලපෑම් කලේ නැත කියල. වර්තමාන සභාපති හිටපු අයටත් වඩා දේශපාලන කුක්කෙක් (බ)
ලංකාවේ තවම තියෙන්නේ වැඩවසම් ක්‍රමය. (නි)
හේරත් තවම අඩ නින්දෙද ? (නදී)
මෙතන දක්වලා තියෙන අදහස් දැක්කම හිතෙනවා අපේ රටේ මිනිස්සු මැරිලා ඉපදිලාද කියලා. 2005 අපේ රටේ හිටිය මිිනිහෙක් නම් දන්නවා ඊ්ට කලින් හිටපු අය සාම ගිවිසුම්, සුදු නෙළුම්, තවලම් වගේ දේවල් නිසා සහ එක දිගට සිදුවුන පරාජයන් නිසා අවුරුද්දකට 3000ක්වත් හමුදාවට බැඳුනෙ නැහැ කියන එක. හැබැයි මහින්ද ආවාම තේරුනා යුද්ධෙ දිනන්න හමුදාව දෙගුණ කල යුතුයි කියලා. මහින්ද තරුණයන්ට හමුදාවට බැඳෙන්න කිව්වෙ තමන්ගෙ පුතත් හමුදාවට බන්දල දිලා. මහින්දගෙ කාලෙ මාසෙකට 8000ක හමුදාවට බැඳුනා. පොඩ්ඩක් හිතන්න ජනාධිපත්ගෙ පුතා වෙච්ච යෝෂිතට පිටරටක ඉගෙන ගන්න යන්න තිබුනා. දේශපාලනයට එන්න තිබුනා. බිස්නස් කරන්න තිබුනා. ලංකාවේ මොන දේශපාලකයගෙ පුතාද හමුදාවට බැඳුනෙ. එක්කෙනෙක් ඉන්නවනම් කියන්න. (නදී)
යහ පාලන කෙප්ප කෙබර ටොන් ගණනින් වැමෑරුවත්- යහපාලන නඩේට බෑ වැලි ගහන්න අපේ ඇහැට.යුද ගිනි දැල් ඇවිලෙද්දීත් පුතා දුන්නු හමුදාවට- මහින්ද මිස අන් කිසිවෙක් අපිට ඕනේ නෑ නෑ මයි. (නදී)
රටක බිහිසුනු යුද්ධයක් පවතින හා ඒ නිසා හමුදාවට කොල්ලො නොබැඳෙන සමයක රටේ ජනාධිපතිවරයාගේ පුතා හමුදාවට බැඳී තරුණ පරපුරට හමුදාව පිළිබඳ විශ්වාසයක් හා ඊට බැඳීමට කැමැත්තක් ඇති කළ මේ කරුණ අවතක්සේරු කරන්නේ ඇයි. ජනාධිපතිවරයා තම පුතා සුදුසුකම් ඇති්ව හෝ නැතිව හමුදාවට බඳවද්දී මේ රටේ අඩුම වශයෙන් මන්ත්‍රී කෙනෙකුගේ පුතෙක්වක් හමුදාවකට බැන්දුවාද? ඔවුන් ලංකාවේ නැත්නම් පිටරටවල යවා හෝ උගන්වා නයිට් ක්ලබ් හා කැසිනෝ වලට යවන එක තමයි සිරිත උනේ.(නදී)
යෝෂිත සාමාන්‍ය තරුණයෙක් ලෙස හමුදාවට බැඳෙන්න ගිය විට එතන නිලධාරියෙක් ඒ බව ජනපතිතුමාට දැනුම් දුන් බවත් වෙනත් අය වෙනුවෙන් අනුගමනය කරන බඳවාගැනීම් පටිපාටියම අනුගමනය කරන ලෙස එතුමා උපදෙස් දුන් බවත් එය සිදු වූ අවදියේ මාධ්‍ය වල පළ විය. තරුණයන් අතුරුදන් කොට පළපුරුදු රජයකට ලිපිගොනු අතුරුදන් කිරීමත් කජ්ජක්ද? (නදී)
මේ රටේ මොනවා වෙනවද කියල හිතාගන්නත් බැරි තරම්. වැරදිලාවත් මහින්ද දින්නා නම් අපිට කන්න දෙයක් වත් ඉතුරු වෙන එකක් නැහැ. (නදී)
චීන ව්‍යාපෘතියකත් පිරිවැය බිලියන ගණනකින් අඩු කළාය කියලා මුසාවාද දෙසලා ගලේ පැහැරූ බළලෙක් බවට පත් වුණු කට්ටියගේ තවත් ඥාව් කීමකි මේ. (නදී)
රටේ දුප්පත් පාසල් වල දරුවන්ට යන්න වැසිකිලියක් නැහැ. ඒ දරුවන් තවමත් යන්නේ කැලයට. පාසල් යන්නේ තේ කහට කෝප්පය බීලා. දාගෙන යන්න සපත්තු දෙකක් නැහැ. එහෙව් රටේ එක පවුලක් විසින් මේ තරම් මුදල් කන්දරාවක් විනාශ කිරීම මොන තරම් සහ ගහන අපරාදයක්ද? (නදී)
ඔව් ඔව් ඉතින් ඉස්සර සජිත් මහත්තයටනම් එච්චර රට රාජ්ජවල යවන්න උනන්දු උනේ නෑ. විමුක්ති අප්පෝ ත් ....දහම් බේබිත් ..අතින් වියදම් කරන පාර්ට් ටයිම් කරන ගමන් තමා ගාස්තු හොයනවා ඇත්තේ මහින්ද මහත්තයාගේ දරුවෝ විතරමයි අපේ රටේ ධනය නැති නාස්ති කළේ. හොඳ වෙලාවට රනිල් මහත්තයයි,මංගල මහත්තයයි ඔය චෝදනා වලින් නිදහස්? (බ)
මම නිකම්ද කියන්නේ "මිනීමරු ප්‍රභාකරන්ලා 35 දෙනෙකුට අවරුදු 35 කදී කරන්න බැරි වුන විනාසයක් රාජපක්ෂවරු අවරුදු 7-8ක් තුල රටට කරලා තිබෙනවා" කියල.මොලේ කළදක් තිබෙන ඕනෑම කෙනෙකුට එක තේරුම් ගන්න පුළුවනි.(නදී)
කෝටි ප්‍රකෝටි මුදල් වෙනුවෙන් රටට කුඩු ගෙන්වනකොට මුහුදෙන් ආරක්ෂාවත්, රටින් ලෝකයේ ත්‍රස්ත සංවිදාන වලට පාවෙන අවි ගබඩාවෙන් අවි විකිණීමේදී ආරක්ෂාවත්,යුරෝපේ රටවලට හොරෙන් පැනයන අයට ආරක්ෂාවත් දුන්නේ ඔය කියන ලොකු ලොකු අය තමයි (නදී)
බෙන්තොට, මොකද කන්න දෙයක් නැති වෙන්නනේ. ඔය පුන්නක්කු තියෙන්නේ තවමත් අඩු මිලට ගන්න.(නදී)
රාජපක්ෂවරු නැවත රටේ දේශපාලනයට එනවා කියල කියද්දීත් මගේ අගේ මයිල් කෙලින් වෙනවා බයටම. මොකෝ රට තව අවරුදු 100 කට ගොඩ ගන්න බැරි වෙන්නම විකුනන් කාල ඉවරයි. තවත් අවරුදු 2 ක් හිටියා නම් රටේ බත් කන හරක් ටිකත් 'මසටම" විකුනන් කනවා ඉර හද වගේ විස්වාසයි. (නදී)
බන්දුල පෙරේරාට පුදුම අමාරුවක් තියෙන්නේ. රටට කරලා තිබෙන අපරාද හැටියට නීතියක් කියල දෙයක් තියෙන රටක් නම් මේ වෙනකොට රාජපක්ෂවරු ඉන්නේ "මහගෙදර". දැන්වත් සියලු දුෂණ පරීක්ෂණ කරන්න මාර්ෂල් සරත් ෆොන්සේකාට බාර දෙන්න. (නදී)
මතිෂ චමාරලා වගේ "මොළ හෝදපු" අය ඉන්නකම් රටේ දුෂණ හොයනවා බොරු. (නදී)
හෙද විදුහලක් හදල රටේ දුප්පත් තරුණ තරුණියන්ව හෙද විදුහලේ හොද දැනුමක් දීල මැදපෙරදිග එව්වනම් ගෘහ සේවිකාවන්ට වඩා, හොද වැටුපක් ගන්න තිබුන. විශාල විදේශ විනිමයක් හොයන්න තිබුන.(දැනට මේ රටේ පිලිපීනය සහ ඉන්දියාව ඉදිරියෙන්ම ඉන්නවා) (බ)
තරංග අලුත් සොයාගැනීමක් කරලා! යුද්දේ ඉවර වෙලා තියෙන්නේ 2009 කියලා අපි හිතුවට ඒක වෙලා තියෙන්නේ ඊට කලින් ලු !, (ස)
කව්රු කව්රුත් මහින්ද මහත්තයාගේ රෙදි අපුල්ලන්න බලාගෙන ඉන්නවා. ප්‍රබාකරන් වීරයෙක් කරගෙන කට මැත දොඩවන කොටි පුල්ලි වහගෙන ඉන්න මන්ත්‍රීලත් ඉන්නවා. ප්‍රසිද්දියේම සාම්පූර් කෑම්ප් එකත් ඉවත් කළා. 19න් අපේ ඉතිරි බලයත් අපිම අඩු කරගත්තාම කාටද හරි අණක් දෙන්න පුළුවන් වෙන්නේ. ඇටිකෙහෙල් කාපු උගුඩුවො වෙන්නද කට්ටිය හිතන් ඉන්නේ. (නදී)
ලැම්බෝගිනි හමුවුණේ නැද්ද ? (නි)
පාලිත, ඕකට ගියාය කියන්නේ බකිංහැම් අශ්වයාටයි ලැම්බෝගිනි වලයි ගිය ගානට වඩා වැඩි ගානක්ලුද? (නි)
බලනකොට අපේ සල්ලි වලින්නේ මේ හැමදේම කරලා තියෙන්නේ... (නි)
ඩුබායි තිලක්, රාජපක්ෂවරුන්ට ඔච්චර බය මොකද? (නි)