IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


යෝෂිත ළඟ තිබූ සැහැල්ලු ගුවන් යානය කෞතුකාගාරයට

නාරාහේන්පිට තොග වෙළෙඳ ගබඩාවේ තිබී පසුගිය දා සොයා ගත් සැහැල්ලු ගුවන් යානය බ්‍රහස්පතින්දා (12) ශ්‍රී ලංකා ගුවන් හමුදා කෞතුකාගාරයට බාර දීමට නියමිත බව  ආරක්ෂක රාජ්‍ය අමාත්‍යංශය කියයි.

හිටපු ජනපති පුත් නාවික හමුදා ලුතිනන් යෝෂිත රාජපක්ෂට අයත් සීඑස්එන් රූපවාහිනියේ භාණ්ඩ කිහිපයක් ද සමඟ එය සඟවා තිබිය දී නාරාහේන්පිට පොලිසිය සොයා ගත්තේය.

පසුව හෙළි වූයේ ආචාර්ය රේ විජයවර්ධන මහතා විසින් නිපැයූ එම සැහැල්ලු ගුවන් යානය චිත්‍රපට අධ්‍යක්ෂ චන්ද්‍රන් රත්නම් විසින් යෝෂිත රාජපක්ෂට ලබා දුන් බවයි.

ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට පසුගිය දා යෝෂිත රාජපක්ෂ කොළඹ අපරාධ කොට්ඨාසයට ද කැඳවිනි.

රේ විජයවර්ධන මහතා, ආරක්ෂක  රාජ්‍ය ඇමැති රුවන් විජයවර්ධන මහතාගේ ඥාතියකු ද වන අතර ඒ අනුව ඇමැතිවරයාගේ මැදිහත්වීමෙන් රේ විජයවර්ධන මහතාගේ පවුලේ ඥාතීන්ගේ ද කැමැත්ත ඇතිව එය ගුවන් හමුදා කෞතුකාගාරයට බාර දීමට නියමිතය.



අදහස් (0)

යෝෂිත ළඟ තිබූ සැහැල්ලු ගුවන් යානය කෞතුකාගාරයට

සුමුදු හේවා Wednesday, 11 March 2015 04:31 PM

ඇති යාන්තං, රටේ තිබුණු තදින්ම දැවෙන ප්‍රශ්නයක් යහපාලනය නිසා විසඳුනා. අනේ අපේ රට ලෝකයට විහිළු සපයන රටක් වුනානේ. (නදී)

:       0       0

බමුණු Wednesday, 11 March 2015 04:40 PM

යෝෂිත ළඟ තිබූ සැහැල්ලු ගුවන් යානය කෞතුකාගාරයට. පරණ යකඩ වලට ගන්නෙත් නැතුව ඇති. (නදී)

:       0       0

අබේරත්න -ටෝකියෝ Wednesday, 11 March 2015 04:42 PM

එතකොට අපරාද පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කලේ කාගෙ උවමනාවට ද ? මේවා බාල සිල්ලර වැඩ. (නදී)

:       0       0

සුමුදු Wednesday, 11 March 2015 07:35 PM

ඒක චන්ද්‍රන් රත්නම් මයාගෙන් යෝෂිතට ලැබුනා නම් දැන් නිත්‍යානුකූලව අයිති යෝෂිතටනේ. එය හංගලා තිබුණා කියන්නේ ඇයි? ඔහු කට උත්තරයේදී එය දීමට කැමැත්ත පළ කළ බවත් මාධ්‍ය වාර්තා කළානේ. (නි)

:       0       0

ටෙනිසන් Thursday, 12 March 2015 12:38 AM

ඒ යෝජනාව නම් හොඳයි (නි)

:       0       0

මැගී Thursday, 12 March 2015 02:13 AM

කලින් කියපු විදියට අපිනම් හිතුවේ "එයාර් බස්"එකක් කියලයි . (නදී)

:       0       0

ජයන්ත Thursday, 12 March 2015 02:27 AM

මෙන්න වැඩ. රටක් දියුණු වෙනවා මෙහෙම වැඩ වලින්. (නි)

:       0       0

ඇසළ Thursday, 12 March 2015 03:04 AM

ඒ කියන්නේ අපි ළඟ තෑගිදෙන දෙයක්වත් තියාගන්න බැහැ. සඟවා තියාගන්න ඕනෑ. (නි)

:       0       0

චතුර Thursday, 12 March 2015 06:53 AM

ඒක හොදයි.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 160 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 957 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site