නාරාහේන්පිට තොග වෙළෙඳ ගබඩාවේ තිබී පසුගිය දා සොයා ගත් සැහැල්ලු ගුවන් යානය බ්‍රහස්පතින්දා (12) ශ්‍රී ලංකා ගුවන් හමුදා කෞතුකාගාරයට බාර දීමට නියමිත බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍යංශය කියයි.
හිටපු ජනපති පුත් නාවික හමුදා ලුතිනන් යෝෂිත රාජපක්ෂට අයත් සීඑස්එන් රූපවාහිනියේ භාණ්ඩ කිහිපයක් ද සමඟ එය සඟවා තිබිය දී නාරාහේන්පිට පොලිසිය සොයා ගත්තේය.
පසුව හෙළි වූයේ ආචාර්ය රේ විජයවර්ධන මහතා විසින් නිපැයූ එම සැහැල්ලු ගුවන් යානය චිත්‍රපට අධ්‍යක්ෂ චන්ද්‍රන් රත්නම් විසින් යෝෂිත රාජපක්ෂට ලබා දුන් බවයි.
ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට පසුගිය දා යෝෂිත රාජපක්ෂ කොළඹ අපරාධ කොට්ඨාසයට ද කැඳවිනි.
රේ විජයවර්ධන මහතා, ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන් විජයවර්ධන මහතාගේ ඥාතියකු ද වන අතර ඒ අනුව ඇමැතිවරයාගේ මැදිහත්වීමෙන් රේ විජයවර්ධන මහතාගේ පවුලේ ඥාතීන්ගේ ද කැමැත්ත ඇතිව එය ගුවන් හමුදා කෞතුකාගාරයට බාර දීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇති යාන්තං, රටේ තිබුණු තදින්ම දැවෙන ප්‍රශ්නයක් යහපාලනය නිසා විසඳුනා. අනේ අපේ රට ලෝකයට විහිළු සපයන රටක් වුනානේ. (නදී)
යෝෂිත ළඟ තිබූ සැහැල්ලු ගුවන් යානය කෞතුකාගාරයට. පරණ යකඩ වලට ගන්නෙත් නැතුව ඇති. (නදී)
එතකොට අපරාද පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කලේ කාගෙ උවමනාවට ද ? මේවා බාල සිල්ලර වැඩ. (නදී)
ඒක චන්ද්‍රන් රත්නම් මයාගෙන් යෝෂිතට ලැබුනා නම් දැන් නිත්‍යානුකූලව අයිති යෝෂිතටනේ. එය හංගලා තිබුණා කියන්නේ ඇයි? ඔහු කට උත්තරයේදී එය දීමට කැමැත්ත පළ කළ බවත් මාධ්‍ය වාර්තා කළානේ. (නි)
ඒ යෝජනාව නම් හොඳයි (නි)
කලින් කියපු විදියට අපිනම් හිතුවේ "එයාර් බස්"එකක් කියලයි . (නදී)
මෙන්න වැඩ. රටක් දියුණු වෙනවා මෙහෙම වැඩ වලින්. (නි)
ඒ කියන්නේ අපි ළඟ තෑගිදෙන දෙයක්වත් තියාගන්න බැහැ. සඟවා තියාගන්න ඕනෑ. (නි)
ඒක හොදයි.(හේ)