හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවැනි පුත් යෝෂිත රාජපක්ෂට එරෙහිව පැමිණිල්ලක් ආරක්ෂක ලේකම්වරයාට සඳුදා (26) භාර දෙන බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.
ලුතිනන් යෝෂිත රාජපක්ෂ නාවික හමුදාවට බඳවාගත් ආකාරය නීතී විරෝධි බවටත් , ඔහුට බ්‍රිතාන්‍යයේ ඩාට්මන් ආයතනයේ ශිෂ්‍යත්වයක් ලබා දුන් ආකාරය හා විශේෂ වරප්‍රසාද ලබා දී දේශපාලන කටයුතුවලට හා රජයේ නිල කටයුතු සදහා මැදිහත් කැර ගැනීම ආදීය පිළිබඳව සොයා බලන ලෙසටත් ඉල්ලන බවද ජවිපෙ ය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දේවාලේ කපුවා දේවාලේ අර මොකක්ද එකක් කරපුවම මොකක්ද වෙන්නේ ? (නදී)
විජේවීර සහෝදරයව බොරැල්ල කන්තේදී පුච්චපු එක ගැනත් හොයමුද ? (නදී)
කැලුම් හරි. 88.89 ට්‍රාන්ස්ෆොමෙර් පුපුරවපු බස් ගිනි තියපු නිරායුද රජයේ අහිංසක මිනිසුන්ව ගාතනය දෙමාපියන්ට දරුවන්, දරුවන්ට දෙමාපියන් අහිමි කල ඒවා ගැනත් පරීක්ෂණ පවත්වන්න. කල්ගත උනාට අපරාදයේ හැටි සොයා බලා දඩුවම් කරන්න ඕනා. (නදී)
පිවිතුරු බන්දුල ඇතුළු තවමත් කඩේ යන අය බ්‍රිතාන්‍ය රජ කුමාරවරු හමුදාවට බැඳිලා සේවය කරන හැටි හොයල බැලුවනම් තේරෙයි අපේ කුමාරවරු මොනවාද කළේ කියල. (බ)
අපිට ඕවයින් වැඩක් නෑ. ඔයාලට බලය දුන්නේ කාලය නාස්ති කරන්න නොවේ. මෙහෙමෙ ගියොත්, අපි රටක් වශයෙන් අනිවාර්යෙන්ම පස්සට යනවා. ආදර්ශමත්ව වැඩ කරන්න,(හේ)
මේ සියලු දේවල් යහ පාලනයට අයිති අනිවාර්යෙන් කළයුතු දේවල් හා දින 100 ට හා ඉන් එහාටත් අයිතිය (බ)
අනේ මන්දා! ඕනෑ නැති දෙයක් නැහැනේ බලනකොට (නි)
තමන්ගේ නායකයාව අමු අමුවේ පෝරණුවට දාල පුච්චපු අය තමන් නිසා නොමග ගිය තරුණ ජිවිත 60 /70 දාහකට වග කිව යුත්තෝ ප්‍රා සන්විධානය බිහිකරලා නිත්‍යානුකුල නොවන අන්දමින් භිෂණය වපුරපු අය එක්ක එකතු වෙලා අත් වැල් බැඳගෙන යහපාලානේ සොයනවා. හම්බ වේවි. හම්බ වේවි වැඩි දවසක් යන්නේ නැතුව කට්ටියගෙන් බඩ කට පුරාම යහ පාලනය. (නදී)
ජවිපේ ඔබ උසස් සේවයක් කරනවා (නදී)
මේක නම් ඒ හැටි වැදගත් වගේ පෙනෙන්නේ නැහැ මට නම්. (නි)
ඔක්කොටම කලින් සෙවිය යුතු තවත් දේ ඇත. දන්නෝ දනිති කාගෙ කාගෙත් කෙරුවාව. (නි)
මේවා කියද්දී සමහරුන්ට පුදුම කේන්තියක්නේ යන්නේ. පුදුම මෝඩ මිනිස්සු. (නි)
සත්තකින්ම මෙය සෙවිය යුතුයි. (හේ)
ඔව් ඒ කතාව නම් ඇත්ත ඒ ගැන සොයා බලන්න.(හේ)
මම නම් කියන්නේ මේවා කාලය අපතේයන වැඩ කියලයි (නි)
එය සංකේතාත්මකව සිදුවූ දෙයක්. ත්‍රස්තවාදී යුද්ධයක් පවතින අවස්ථාවක හමුදාවට තරුණයන්ගේ බැඳීම අවශ්‍ය වුණා.රාජ්‍ය නායකයා තම පුත්‍රයාව නාවික හමුදාවට බැඳවීම හරහා රටේ ජනතාවට තමන්ගේ පුතුන්ද හමුදා සේවයට එවීමට අවශ්‍ය ධෛර්යයි සපයා දුන්නේ. මේ වගේ වැඩවල එල්ලිලා ඉන්න එකේ තේරුමක් නැහැ (නි)
පසුගිය වසර 20 කට වැඩි කාලයක් මේ රට පාලනය කළ ආණ්ඩුව මඟින් ඔය වැනි වැරදි කළ පුද්ගලයන් පිළිබඳව සොයා බලා දඬුවම් නොකර දැන් ඔවැනි පිළුණු කතා කියමින් තමන්ගේ වැරදි වහගන්න දරන උත්සාහය මෛත්‍රී පාලනය සඳහා ඡන්දය ලබාදුන් ජනතාව විසින් පිළිකුලෙන් යුතුව හෙළාදකිනු ඇත. (නි)
මම නම් කියන්නේ මේවා අනවශ්‍ය වැඩ (නි)
බලාගෙන ගියාම කරපු තරමක් කරලා තියෙන්නෙ හොරකමයි වංචාවයිනේ. (නි)
පොඩ්ඩක් දෙන්නකෝ මහත්වරුනේ අදහසක්. ඕකද ඔය කියන, ඉල්ලන, ඉල්ලපු ප්‍රජාතන්ත්‍රවාදය ...,? (නි)
මෙමඟින් රටේ ජාතික ධනය විනාශවී ගිය අතර හමුදා නිලධාරින් හට සිදුවූ දැඩි අසාධාරණය වෙනුවෙන් මෙවැනි ක්‍රියාමාර්ගයක් ගතයුතුව ඇත. (නි)
මේ රට දිගු කාලයක් තිස්සේ යුද්ධයකින් බැටකමින් සිටි යුගයක් තිබුනා. එකල අපේ හමුදාවට යුධ භටයින්ගේ දැඩි ඌණතාවයක් තිබුණා. ඒ වෙලාවෙ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත ඉදිරිපත් කිරීමත් සමඟ උද්යෝගිමත්වූ විශාල තරුණ පිරිස් හමුදා සේවයට බැඳුනා. කවුරුත් හිතුවෙ රටේ ජනාධිපතිගෙ පුතත් යනවා නම් අපිත් යන්න ඕනෑ කියලා. ඒක ඔවුන්ට ලොකු අභිමානයක් වුණා. එනිසා ඊර්ෂ්‍යා කුහකකම් අත්හැරලා දාලා ඉදිරි දියුණුව සඳහා කළ යුතු ක්‍රියාමාර්ග වෙනුවෙන් ක්‍රියාකළොත් හොඳයි කියලයි මට හිතෙන්නෙ. (නි)
වැරද්දක් විමර්ශනය කරන විටත් සමහර අයට රිදෙන හැටි .මම කියන්නේ වැරැද්ද කව්රු කළත් වැරද්දමයි .අපි නියෝජනය කරන පක්ෂයේ තෙවරප්පෙරුම මන්ත්‍රීවරයටත් දඩුවම් දෙන තුරු අපි බලාගෙන සිටිනවා (බ)
නම "පිවිතුරු යහපාල" උනාට හිත හරි අපිරිසිදුයි නේද? වැරදි කරන්නේ මිනිස්සු, වැරදි වෙන්නේ මිනිස්සුන්ට.ඒ වැරදුනු තැන හදාගෙන වැරදි නැවත ඇති නොවෙන විදියට කටයුතු කරන එක වැරද්දක්ද. පරණ වැරදි පට්ට ගහගහ තමන් කඩේ යන දේශපාලුවන්ගේ රෙදි සෝදන එක දැන්වත් නවත්තල රට ගැන හිතල වැඩ කරන්න, නමට "පිවිතුරු යහපාල" ජනදිපතිගේ පුතා උනත් එයත් රටේ පුරවැසියෙක්. එයාට වැරදි පත්වීම් දීල වරප්‍රසාද වරදාන දුන්නනම් ඊවා හොයල බලන එක දැනට පත්වෙලා ඉන්න ආණ්ඩුවටත් හොඳ පාඩමක්. (බ)
පිවිතුරුයහපාල හෙවත් බන්දුල පෙරේරා ඔය ප්‍රජාතන්ත්‍රවාදය ගැන ප්‍රශ්නය අර ගුටි කාපු ක්‍රීඩා විනිසුරු තුමාගෙන් අහන්නකො. ඔබතුමාට ලුණු ඇඹුල් ඇතිව කියල දේවි. (බ)
ගත කලේ සාමාන්‍ය පුද්ගලයෙකු නාවික හමුදාවේ කටයුතු කළ විදියටද යන්න අදාළ කට්ටිය සොයා බලාවි .(හේ)
පවුලේ දේශපාලන බලය රැකියාවට යොදා ගැනීම ඉතාම වැරදියි.(හේ)
ඔහොම යනකොට 88/89 කාලයේ ඒවත් හොයාවිද දන්නේ නැහැ නේද? බලන්නේ නැද්ද දින 100 හරියට යනවද කියලා.(හේ)
මහින්ද මාමා ආයේ අවොත් ඔක්කොම හිරේ. (නදී)
කැලුම් ඒ කාලයේ රජ ගෙදර හිටපු පුතාලගේ ඔලුව ඉදිමිලා තිබුනේ නැහැ. සමහරු හිටියද නැද්ද කියලවත් මිනිස්සු දැනගෙන හිට්යේ නැහැ. (හේ)
අවුරුදු 3 ක් එංන්ගලන්තයේ නාවික හමුදා පාඨමාලාවට ගිය වියදම කීයද ? එහෙම වියදම් කරන්න තියෙන බලය කුමක්ද ? (නදී)
යහපාලනේ නම් නැතුවට කාරී නැහැ පසුගිය පවුල්වාදී බඩගෝස්තරවාදී පාලනය නැවතත් එන්නේ නැත්නම්. (නදී)
ගොඩක් වැරදී වැඩ වෙලා තියනවා තමයි. පෞද්ගලිකව මමත් මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන කාලය තුල සිදුවූ මෙවැනි සිදුවීම් අනුමත කරන්නේ නැහැ. මහින්ද රාජපක්ෂ මහතා තම බලය ප්‍රයෝජනයට ගෙන ඔහුගේ පුතුන්ට මෙවැනි අවස්ථා දෙන්නට ඇත්තේ ඔහු ලෙසම ඔවුන්වත් සමාජයේ ඉහල තලයකට ගැනීමට වෙන්නැති. නමුත් මෙවැනි සිදුවීම් පසුපස සොයා බැලීම් සිදු කරනවට වඩා තවත් සොයා බැලීමට ඇති මහා පරිමාණ ලෙස සිදුවී ඇතැයි කියන ජාතික ධනය සුරාකෑම් පිලිබදව සොයා බැලිය යුතු බවයි මගේ නම් මතය.(නදී)
මගේ අම්මේ අනුර කුමාර මහත්තය උඩ ගිහින් තියෙන තරම. බලාගෙන ඔහොම උඩ ගිය අය බිම වැටෙන්න අවුරුදු ගණන් යන්නේ නැහැ මාස තුනත් ඇති. අටලෝ දහම කැරකෙනවා රිය සක වගේ. අද මේ පැත්තේ. හෙට අනෙක් පැත්තේ ටිකක් පරිස්සමෙන්. ඔය එකතු වෙලා ඉන්නේ තමන්ගේ නායකයා පන පිටින් අල්ලලා පෝරකේට දාපු තමන් නිසා නොමග ගිය හැට හැත්තෑ දාහක් ජිවිත වලට වග කියපු පක්ෂයක් එක්ක වගේම තමන්ට මර බිය ගෙන ආ ප්‍රා සංවිධානයේ නිර්මාතෘ වරු එක්ක කියල අමතක කරන්න එපා. (නදී)
නීතියේ ආදිපත්‍ය සුරැකීම යහපාලනයේ මුලික ලක්ෂණයක්. යම් තැනක් සැකය නම් සොයා බැලිය යුතුයි (නදී)
88/89 කාලේ බදවා ගත්තේ ඉන්ටවීව් තියලද ? සුපුන් ඔබ හරියට හරි. ඒක නිසා ගොඩ දෙනෙක් හමුදාවට බැදුනා (නදි)