සිය පියාගේ ආරක්ෂක කටයුතුවලට අනුයුක්ත කළ නාවික හමුදා ලුතිනන් යෝෂිත රාජපක්ෂ ලබන සඳුදා සිට නාවික හමුදාවට මාරු කළ බව නාවික හමුදාව කියයි.
පසුගිය 12 වැනිදා සිට ඔහු සිය පියාගේ ආරක්ෂාව සඳහා යොදවා සිටියේය. සේවා අවශ්‍යතා මත ඔහු මාරු කළ බව නාවික හමුදාව පවසයි.
සිය පියාගේ ආරක්ෂක කටයුතුවලට අනුයුක්ත කළ නාවික හමුදා ලුතිනන් යෝෂිත රාජපක්ෂ ලබන සඳුදා සිට නාවික හමුදාවට මාරු කළ බව නාවික හමුදාව කියයි.
පසුගිය 12 වැනිදා සිට ඔහු සිය පියාගේ ආරක්ෂාව සඳහා යොදවා සිටියේය. සේවා අවශ්‍යතා මත ඔහු මාරු කළ බව නාවික හමුදාව පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හමුදාවට බැදුණු එකත් වැරදියි...ක්‍රීඩාවක් කලත් වැරදියි. දේශපාලනය කලත් වැරදියි. වාහනයක් පැද්දත් වැරදියි. හොදට විසේ තියෙන හොදට මොලේ තියෙන පිරිමිකම තියෙන කොල්ලෝ ටිකක් මහින්ද මහත්තයට ඉන්නේ. ඕකට ඉරිසියා කරලා වැඩක් නැහැ. (නදී)
ඕනා මුලස්තානෙකට මාරු කරන්න අපිට කමක් නැහැ . හැබැයි මෙයා යන එන කොට ඉස්සර වගේ පාරේ යන අපිට කම්බි ලේන්සුව කරට අරන් කාණුවට බහින්න කියලා නම් කියන්න එපා. (ර)
මේ හදිසියේ සේවා අවස්‍යතාවයක් මතුඋනේ කොහොමද? (ර)
සේවා මාරුවීම් සාමාන්‍ය දෙයක්. අනික ඔහු මාරුකරලා තියෙන්නේ දුෂ්කර සේවෙටවත් නෙමේ (නදී)
තාත්ත පරිස්සම් කරකර ඉන්න නොවෙයිනේ හමුදාවට බැඳුනේ (බ)
අනිත් හමුදා සෙබළුන්ට වගේ දාන්න ඕන පාර අතුගාන්න කාණු කපන්නත්, මෙයාගේ තාත්තයි බාප්පයි කළේ ඔය ටිකනේ රටේ හමුදාවට,අමුතු දේවල් නෙවේනේ (බ)
රෝයි , ඔහු දැන් සැප ගත්ත ඇති නේද , දැන්වත් ඔහුට රාජකාරි කරන්න දෙන්න ඕන නේද , වියදම් කරපු මහජන මුදලට සරිලන්න (බ)
නීතිය හා ක්‍රියාපටිපාටි කාටත් සමාන විය යුතුය (බ)
නාවික හමුදාවට බැදුනේ රට රකින්න කියලා අන්තිමට ගියේ තාත්තව රකින්න, මෙයාට තියන චෝදනා විභාග කරලා අවසාන වනතුරු වැඩ තහනමකට ලක්කළ යුතුයි (බ)
නිකන් ගෙදරට වෙලා තියෙන දෙයක් කාල ඉන්න බැරුව නාවික හමුදාවත් කන්න මෙයා එ්කට ගියා , යුද්දෙට මෙයාගෙන් වුන සේවයක් නැත , සුදුස්සන් ඉවත දමා මෙයාට ඩොලර් කෝටි ගණනක් ජාතික ධනය වියදම් කරමින් මෙයා අනවශ්‍ය විදෙස් පුහුණු ලබපු එක තමා කළේ , එ් අතරේ පියාගේ සහ සහෝදරයාගේ දේශපාලන වැඩ වලට උදවු කළා, දැන් ඉතින් විදවන්න වුනහම කියාවි දේශපාලන පළිගැනීම් කියල (බ)
සිල්වා මහත්තයෝ, ඔබ හරි. පුහුණුවේදී නොකළ ව්‍යායාම දැන්වත් කෙරෙව්වොත් හොඳයි. (නි)
මහනුවර රැලිය සංවිධානය කිරීමේ ප්‍රතිපලය (නදී)
මෙයාව තාත්තාගේ ආරක්ෂාවට දමලා නාවික හමුදාවෙන් ගැලවෙන්න බැහැ. ඔලුව අත ගාලා ටොක්ක ඇන්න වගේ (නදී)
ඇයි අපි විතරක් කරයිනගර් වල වැඩට දාන්නේ? මමත් දැන් වසර 4ක් තිස්සේ කරයිනගර් නාවික කඳවුරේ. යෝෂිත මට වැඩිය කනිෂ්ටයි. අනෙක මම යුද්ද කාලේ හිටියේ කේ.කේ.එස් වල ප්‍රහාරක යාත්‍රාවක. මෙහමද රණවිරුවන්ට සලකන්නේ ? (නදී)
මේ තවත් පලිගැනීමක් පමණි. මහින්දගේ නම සම්බන්ධ නම් ඒ ඇති පලිගන්න. කවදද මේ පලිගැනීම් ඉවරවෙන්නේ? (නදී)
ඔයගොල්ලන්ට තමයි කියන්නේ සිංහල කොටි කියලා. මේ අදහස් දාපු සේරම මම දකින්නේ ඒ විදියට. මහින්ද මහත්තය රට කෑවා නම් ඔහේලා සේරම පිස්සෝ (නදී)
අනේ මේ, පිවිතුරු යහපාල උන්නැහේ,ඔබ තුමා මොලේ උඩ වාඩි වෙලා ඉඳ ගෙනද ඔය කතා කියන්නේ...? (අ)
නාවික හමුදාවට බැදුනට කවදාවත් තමන්ගේ රාජකාරිය නොකළ එකම සෙබලා.(නදී)
මාලක වගේ ඉන්නේ නැතුව අපරාදේ හමුදාවට බැදුනේ (නදී)
ඒකාලේ පාරවල් දෙවනත් කරගෙන ඉගිල්ලුන හැටි නේද? (ර)
සිල්වා බර්ලින්, ඔබ නිවැරදියි. (ර)
මේක නම් බොහොම හොඳ තීරණයක්. අප්පච්චි රැකගන්න රජයෙන් දීපු ආරක්ෂක සෙබළුන් ඉන්නවා නේ, ඉතින් පුතා එකට ඕන නැහැ නේද? (ර)
සත්‍යපාල මහතා ඔබ හරි මගේ මතයත් එයයි (නදී)
බොරුවට දුෂණය පෙන්වනවා , හිරිකිතයි ආයෙත් වැඩට ගන්නවා (නදී)
අර තාජුදින් ඝාතනයට සම්බන්ධ අය හොයලා ඒ ගැහැණු ළමයගෙනුත් කට උත්තරයක් අරගෙන වැරදිකරුවන්ට ඉක්මනට දඩුවම් කරන්න (නදී)
තාත්තා කෙනෙක්ව බලාගන්න පුතෙකුට වඩා හොඳට කාටද පුළුවන් ? අනිත් එක ඒක පුතෙකුගේ යුතුකමක්. මෙතන ඊට විරුද්දව ලියල තියන අය මට හිතෙන්නේ තමන්ගේ තාත්තල කවුද කියලවත් නොදන්නා අය වෙන්න ඇති. (නදී)
රුවන්, සමහර ප්‍රතිචාර දුටුවම තේරෙන්නේ ලංකාවේ කොතරම් කුහක මිනිස්සු සිටිනවද කියලා. ඔය ලියන අය සටන් වදින කාලෙත් බලාගෙන සිටියේ කවදද මහින්දට බෝම්බයක් වදින්නේ කියලා.(නදී)
කුසලවතීට තේරුණා. නාවික හමුදාව තුලදී යම් සහනයක් ලැබෙනවා අත් අඩංගුවට පත්වීමට. නමුත් රනිල් මහතා පොරොන්දුවක් දුන්න බලය මාරු කිරීමට එම නිසා බය වෙන්න දෙයක් නැහැ ඔය කාවවත් අත්අඩංගුවට ගන්නේ නැහැ (නදී)
මොහු දැනට හොබවන නිලය ආධුනික නැවියා සිට නිලයන් හතක්, එනම් අටවැනි නිලයේ තියෙන්නේ. මට හිතාගන්න බැහැ, බොහෝ කෙටි කාලයක් තුල ඔහුට එවැනි ඉහල තනතුරකට යන්ට හේතු සාධක වූ ඔහු සතුව තිබු අද්විතීය සහ විශේෂ සුදුසුකම, හෝ වෙනත් කුසලතාවයන් මොකක්ද කියලා. මේ පිලිබඳ හොඳින් දන්නා නිලධාරියෙක් අපිව දැනුවත් කරනවානම් බොහොම හොඳයි.(නදී)
පියා ලග වැඩ කිරීමෙන් එහි අනිත් ආරක්ෂක නිලදාරීන්ට පීඩනයක් ඇතිවීම වැළක්විය නොහැක. ඔවුන්ට ස්වාදීනව කටයුතු කල නොහැකි නිසා සිදුවන්නේ මහත් අසාදාරණයකි. (ර)
මහින්ද මැති තුමා රට වෙනුවෙන් කරපු සේවය මෙහි ලියන්න ඕනැද? බලමුකෝ අපේ අප්පුහාමිල කරන හැටි? (නදී)
රුවන් බන්දුල පෙරේරාට ජයවේවා.(නදී)
මොහුගේ මුල් පත්වීමේ සිට අද දක්වා තිබුනේ වැරදි ක්‍රියාමාර්ගයක් බව මෙතන අදහස් දාන අය දන්නේ නැහැ වගේ. වෙන පුතෙක්ට මෙහෙම කරන්න පුලුවන්ද? . මේ නිසා නාවාක හමුදාවේ ගොඩක් අයට අසාධාරනකම් උනා (නදී)