IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


යෝෂිත - ඩේසිගේ නඩුවට දින දෙයි

(මනෝප්‍රිය ගුණසේකර)

වසර තුනක කාලයකදී විශූද්ධීකරණය කළ මුදලින් රුපියල් කෝටි 08 කට අධික මුදලක් යොදවා රත්මලාන හා දෙහිවල ප්‍රදේශ වලින් ඉඩම් ඇතුළු දේපල මිලදී ගත් බවට වු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුතාට සහ නැන්දම්මාට එරෙහි නඩුව ජූලි 11 වැනිදා කැඳවීමට කොළඹ මහාධිකරණ විනිසුරු අදිත්‍ය පටබැඳිගේ මහතා අද (30) නියම කළේය.

2012 සහ 2015 අතර වසර 03ක කාලසීමාවක් තුළදී අදාළ දේපළ මිලදී ගත් බවට චෝදනා ලැබ සිටින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතාට සහ මහින්ද රාජපක්ෂ මහතාගේ නැන්දම්මා වන ඩේසි ෆොරස්ට් මහත්මියට එරෙහිව නීතීපතිවරයා විසින් පවරා ඇති කැදවු අවස්ථාවේදී ඉදිරිපත් වු කරුණු සළකා බලීමෙන් අනතුරුව විනිසුරුවරයා එලෙස නියම කළේය.

2012 සහ 2015 කාලසීමාව තුළ රුපියල් ලක්ෂ 800කට අධික වටිනාකමකින් යුත් රත්මලාන සිරිමල් උයන ප්‍රදේශයේ පර්චස් 34.5 ඉඩමක් සහ දෙහිවල ප්‍රදේශයේ ඉඩම් සහ දේපළ මිලදී ගත් ආකාරය හෙළි කිරීමට නොහැකි වීම හේතූවෙන් මුදල් විශූද්ධීකරණය කිරීමේ පනත යටතේ විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා චෝදනා නඟා ඇත.

අදාළ දේපළ මිලදී ගැනීම සඳහා මුදල් උපයාගත් ආකාරය හෙළිදරව් කිරීමට අපොහොසත් වීමෙන් විත්තිකරුවන් මුදල් විශුද්ධිකරණය වැළැක්වීම පනත යටතේ වරදක් කර ඇති බවට නීතිපතිවරයා චෝදනා නඟා ඇත.

නඩුව කැඳවු අවස්ථාවේදී විත්තිකරුවෝ අධිකරණයේ පෙනී සිටියහ.

නඩුව කැඳවූ අවස්ථාවේදී විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් මහතා කරුණු දක්වමින් ලේඛන හා සාක්ෂිකරුවන් පොලිසියට දුන් කටඋත්තර අඩංගු ලැයිස්තුවක් ඉදිරිපත් කරමින් සාධාරණ නඩු විභාගයකට මුහුණ දීම සඳහා අවශ්‍ය අදාළ ලේඛන හා කටඋත්තර සටහන් විත්ති පාර්ශවයට ලබාදෙන්නැයි ඉල්ලා සිටියේය.

පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ උදාර කරුණාතිලක මහතා ලේඛණ කිහිපයක් අධිකරණයට ඉදිරිපත් කරමින් විත්ති පාර්ශවයට ලබාදිය හැකි වෙනත් ලේඛණ ඇත්නම් ඒවා දමට පියවර ගන්නා බවද දැනුම් දුන්නේය.

කරුණු සළකා බැලු විනිසුරුවරයා නඩුව ජුලි 11 වැනිදදා යළි කැදවීමට නියම කළේය.



අදහස් (5)

යෝෂිත - ඩේසිගේ නඩුවට දින දෙයි

Athula Friday, 30 May 2025 04:48 PM

ඊට කලින් රටින් පනිනවා ශුවර්...

:       5       14

Sagara Friday, 30 May 2025 06:27 PM

දෙන්නටම ඉක්මණටම ඇතුළට යන්න පුළුවන් වෙයි...

:       4       6

චතුරි Saturday, 31 May 2025 12:42 AM

සුළඟක් වී මම් යනවා. අප්පච්චි කොහොමද... මා බේරන්නේ?

:       0       0

Chandima Saturday, 31 May 2025 11:32 AM

මේව දැකලා මහ මයිනාට අතීසාරේ හැදෙයිද?

:       0       0

Nandalal de Silva - France Saturday, 31 May 2025 12:27 PM

අධිකරණයට යන්න ඉස්සෙල්ලා මැදමූලන ඉලව්වේ නාකි මයිනාගේ ආදරණීය, වයසක නැන්දම්මා "වැලිගම" යන්න ඕනෑතරම් ඉඩ කඩ තිබෙනවා. ඊට පස්සේ, කුප්‍රකට මැණික් මල්ලේ උරුමක්කාර, කරුමක්කාර යොශිතයාට සිරිමල් උයනේ මන්දිරයේ සුරසැප විඳින්න පුළුවන්..! මැදමූලනටම පහල වුණු "පිං කඳන්" !

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 627 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2314 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1719 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site