අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයක් අනුව ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යංශය ජාතික තරුණ සේවා සභාව හා ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනය සංවිධානය කරන යොවුන් පුරය සීගිරියේදී ඇරඹිණි.
‘සිහින පෙන්වන්නට නොව පාර පෙන්වන්නට අනාගතය ඇරඹුණා‘ එහි තේමාවයි. දිවයිනේ සෑම පළාතක්ම නියෝජනය කරමින් තරුණ තරුණියෝ 5000ක් පමණ මාර්තු 30 සිට අප්‍රේල් 2 දක්වා සීගිරියේ කඳවරු බැඳ විවිධ ක්‍රියාකාරකම්වල යෙදෙති.
යොවුන් පුරයේ සමාරම්භය නීතිය, සාමය හා දක්ෂිණ සංවර්ධන ඇමැති සාගල රත්නායක, ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය ඇමැති නිරෝෂන් පෙරේරා, මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් අලුවිහාරේ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරිම සතුටුයි. අපි මෙය අගය කරනවා (නි)
මේවා හොඳ වැඩ. අපෙන් සුබ පැතුම් සහභාගි වූ හැමෝටම (නි)
කොහෙද නගේ කොහෙද මලේ හනිකට යන්නේ... සීගිරියේ යොවුන් පුරය වෙතටයි යන්නේ.... (නි)
ඔච්චරයි අඩුවක් තිබුනේ අපිට...අරගොල්ලෝ දැයට කිරුල මේ ගොල්ලෝ යොවුන් පුර...(බ)
තරුණ තරුණියන්ට හොද අත්දැකිමක් වෙයි.(හේ)
හොද වැඩසටහනක්.(හේ)
මගේ යොවුන් අවදිය මතක් වුනා.රටේ මොන ප්‍රශ්න තිබ්බත් දේශපාලන කෝණයකින් නොබලා මෙවැනි කටයුතු ඉදිරියටත් සංවිධානය කිරීම අගය කලයුතුයි.(හේ)