වසර 29කට පසු යාල් දේවී දුම්රිය අද (22) යාපනයට පැමිණියේය.1985 ජනවාරි 19 වැනිදා කොටි සාමාජිකයන් කිලිනොච්චිය කොකාවිල්හිදි දුම්රිය මාර්ගය බෝම්බ දමා පුපුරවා දැමීමෙන් පසුව උතුරු දුම්රිය නතර විය.
කොටි රේල් පීලී හා සිල්පර කොට බංකර සෑදීමට ගත්හ.
යාපන දුම්රිය පොළේ ඉදිකිරීම් අවසන් වු ඔක්තෝබරයේ නිළ වශයෙන් උතුරු දුම්රිය මාර්ගය විවෘත කිරීමට නියමිතය.
අද ගමනට ඇමැති ඩග්ලස් දේවානන්ද හා උතුරුපළාත් ආණ්ඩුකාර ජී ඒ චන්ද්‍රසිරි ද එක් වුහ.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතා අගනා වැඩක් (නදී)
ආ ආ මේ ඉන්නේ බන්දුල මහත්මයා. පහුගිය කාලෙ අපේ කටිටිය ඔබ තුමාව හොයපු නැති තැනක් නැහැ (නදී)
සන්තෝසයි (දී)
කියාගන්න බැරි තරම් සතුටුයි (දී)
බන්දුල පෙරේරා කියන්නේ පෘතුගීසිකාරයෙක්. මෙයා ආවඩන්නේ වාසි පැත්තට හෝයියා භාෂාවෙන්. එයාගේ කාර්ය බාරය ප්‍රශස්ත ගායන කිරීම (නදී)
මගේ රටට දළදා සමිදු පිහිටාරක්ෂාවයි! හරිම සතුටුයි. (නි)
ගොඩක් සතුටුයි .(දී)
උතුර දකුණ දුම්රියෙන් යා වෙද්දී දමිල -සිංහල මිතුදම් වැඩි දියුණු කරන්නට කලාකරුවන් සමාජ සේවකයන් ආගමික නායකයින්, ව්‍යාපාරිකයින් විවිධ වැඩසටහන් නිර්මාණය කරමින් හෙට දිනය ජාතින් අතර සංහිඳියාව ඇතිකරන්නට කටයුතු යෙදුවොත් සිරිලක් දෙරණ ආසියාවේ පෙරගමන්කරුවා වීම නියතයි ...!!! (නි)
යාපනයට නැවත දුම්රියෙන් යන්න පුළුවන් වෙයි කියලා කවුද හිතුවේ. රජයේ සංවර්ධන වැඩ අගය කරමු. (නි)
වියදම වැඩියි කියලා ඇමතිවරු අලුතෙන් පත්කරනවට විරුද්ධ වෙන්නේ කෙනෙක් කාලා ඇදලා සැප විදිනවට විරුද්ධ කුහක මිනිස්සු. මේ දුම්රිය මාර්ග දියුණු කිරීමට උතුරට සහ දකුණට වෙන වෙනම පාර්ලිමේන්තු ඇමතිවරුන් දෙදෙනෙක් ලබා දෙන මෙන් රජයෙන් ඉල්ලා සිටිමු. (නි)
මොන විදියේ පුවතක් දැම්මත් ඒකට දේශපාලනය ගාවගන්න ස්ත්‍රී රත්නයකුත් සභාවේ ඉන්නවනේ. (නි)
මගේ සුභ පැතුම්! ඔය පළාතට කොච්චර කළත් හොඳක් අහන්න නැති එක ගැන තමයි මට කණගාටු. අර ඩයස්පෝරා කොටි අයියලා මොකද දන්නෙ නැහැ කියන්නේ? (නි)
බොහොම ස්තූතියි. ජනාධිපතිතුමාට උපහාර වේවා. (ස)
හරිම සතුටුයි (නදී)
හරිම අගෙයි. වසර 5 කින් යාපනයට දුම්රිය පාර හැදුවා. ඒත් ඇහැලියගොඩ නගරය පළල් කරන්න වසර දෙකකිනුත් බැරි උනා. තාම පටන් ගත් තැනමයි (නදී)
හිතේ කහටක් නෑ ...සන්තෝසයි (නදී)
බන්දුල, අපි අනික් අයට ඇඟිල්ල දික්කරන්න කලින් අපි ගැනම ටිකක් හිතලා බලන්න. ආනන්ද බවන් සින්දුව අහලා බලන්න බොරු නම්. (නි)
උතුරු දකුණු සහජීවනය ඇතිවේවා ! (නදී)
සිරි, ඔය කියන දශකයේ මමත් රත්මලානේ සිට පලාලි වලට ගුවනින් ගියා. දුම්රියෙන් ආවා.තරමක් දැනුම් තේරුම් ඇති වයස. හරිම රසවත් මතකයක්. (නි)
අපිට හරිම සතුටුයි! (නි)
කඩනවා හදනවා රට හැමදාම එකම තැන. (නදී)
මෙවන් දේවල් අපි හීනෙකින්වත් හිතුවේ නැහැ සුභපැතුම් (දී)
මහත්තුරුනේ ඇස් කන් ඇරලා බලන්න මේ රටේ සිදුවෙලා තියෙන වෙනස. ජනාධිපති ඇතුලු මේ රජය කොටියා පරාජ නොකලා නම් අද මේ රට දෙකට කැඩිලා. එහෙම රට දෙකට කඩන්න උඩ ගෙඩි දුන් පක්ෂවලට මිනිස්සු ඡන්දෙ දෙන්නේ නැහැ. (නදී)
සන්තෝෂයි! (නි)
ජය වේවා! යාල් දේවි දීර්ඝ කාලයක් වැජඹේවා!!
අපි කාගේත් ගෞරවය ජනාධිපතිතුමාට දියයුතුයි (නි)
ගොඩක් සන්තෝෂයි! (නි)
අගය කළ යුතුදේ අගයන්නේ නැතුව මෝඩ කතා කියන අයත් ඉන්නවනේ? (නි)
සුබ පතනවා! (නි)
මොනවා කළත් සමහර මිනිස්සු දකින්නේ ඒවා වැරදි විදිහටමයි. (නි)
අපේ සුබ පැතුම්! (නි)
ප්‍රසන්න,ඔබ නින්දෙන් අවදිවන්න (නි)
ගොඩක් සතුටු දායක ආරංචියක්. ඒ වගේම පොල්ගහවෙල ඉදන් අනුරාධපුරයට ද්විත්ව දුම්රිය මාර්ගයකුත් ඉදි කළා නම් උතුරු දුම්රිය මාර්ගයේ ප්‍රමාදයන් සෑහෙන්න අඩුකර ගන්න පුලුවන්. (නදී)
හොඳ වැඩක් (නදී)
ඉතාමත් අගනා වැඩක්. ඉතාමත්ම සතුටුයි. (නදී)
සැප්තැම්බර් 21 වැනි දින අත් දැකීමකි (නදී)
සුභ අනාගතයක් වේවා! (නි)
අපි ඩලස් මහත්තයගෙන් ගත්ත රුපියල් දහසේ ටිකට් පත් වලින් යාපනයට කෝච්චියේ යන්න පුළුවන් නේද ? (නදී)
උතුරු කරේ නුඹේ හිනා තංගම්මා නංගියේ. දකුණු කොනේ නුඹේ හිනා සුමනසිරී මල්ලියේ (නදී)
ප්‍රසන්න , ඔයාට මේ දේත් අගයක් නැත්ද? දේශපාලන කණ්නාඩි දා ගෙන බැලුවම ඔහොම තමයි (නදී)
ප්‍රසන්න මහත්තයෝ. කෝච්චි පාර කැඩුවේ කොටිනේ. එ්ක හැදීම වරදක්ද? (නදී)
මට හිතාගන්න බැහැ කොහොමද දුම්රිය පාර හැදුවේ කියා. මම දැක්කා ඔය පරණ පාර තිබුන හරියේ චුන්නාකම් හරියේ එහෙම ගෙවල් හදල තිබුනේ පාර උඩ. පොඩි ගෙවල් නෙමෙයි ලොකු ගෙවල් හදලා තිබුනේ. කොහොම කැඩුවද දන්නේ නැහැ. හරිම සුතුටුයි (නදී)
ඉතාම සන්තෝෂ කරුණක්. අපි ගොඩක් කල් බලාපොරොත්තු සිතේ දල්වාගෙන බලාසිටිය දෙයක්. දුම්රිය අපේ ජීවිතයේ කොටස් කරුවෙක් එ්ක කාටවත් අමතක කරන්න බැහැ (නදී)
ගොඩාක් සතුටුයි සුභ පැතුම් (නදී)
වැඩේ බොහොම හොඳයි. ගහක් දෙකක් වැව්වා නම් ඊටත් වඩා අගෙයි (නදී)
ප්‍රසන්නට පිස්සු. (නදී)
ප්‍රබාකරන් ඉන්න කාලයේ මේක හීනයක්ම වෙලා තිබුනේ. දැන් කන්කසන්තුරයටම දැම්මා නම් වැඩේ ගොඩ (නදී)
මහා ඇමති තුමා හෙමි හෙමින් ගහෙන් බහින්න වගේ නේද. (නදී)
ෂෙල්ටන් සම්පූර්ණ ඇත්ත කතාව. ඇහැලියගොඩ නගරය මැදින් දිවෙන කොළඹ රත්නපුර මාර්ගය පුළුල් කිරීමට යැයි නගරයේ කඩසාප්පු, පදික වේදිකා කඩා බිඳ දමා බොහෝ කල්. ඒත් තවම පටන් ගත් තැනමයි. (නදී)
ප්‍රසන්න මට පේන විදිහට නම් ඔයා මේවා දකින්නේ අව සිහියෙන් හරි, රටට හොදක් වෙනවට අකමැත්තෙන් වගේ. දැන ගන්න අපි කවුරුත් ජීවත් වෙන්නේ ටික කාලයයි. ඒ ටිකට අපි සැම සාමයෙන් සහා සහායෝගයෙන් ජීවත් විය යුතු බව. (නදී)
දරුවෙක් කුසට ආවොත් ඒ දරුවා අනිවාර්යෙන් මාස 7 න් හෝ 10 න් ඉපදෙනවා. එ්ත් වැඩකදී නොයෙක් ප්‍රශ්ණ මතුවෙනවා. ඒවාට විසදුම් හොයමින් තමයි ඉදිරියට යන්න පුළුවන්. වසර 5ක් තුල සැහෙන වැඩ කොටසක් රට වෙනුවෙන් කර තිබෙන බව අපට පේනවා. (නදී)
මේ දිනය සහා යාල් දේවිය කොලඹ සිට යාල් පානමට නෑගම් යෑමම සියලු ලක් වාසීන්ට මහත් ආඩම්බරයක් සහ සුවිශේශී මොහොතක්. අපි කවුරුත් අද ජීවත් වෙලා හෙට මැරෙනවා. (නදී)
ඉතා වැදගත් අාස්චර්යක්. කෝ විග්නේශ්වරන්. එයා මෙය හදුන්වන්නේ රජයේ සහ සිංහල මිනිස්සුන්ගේ අදිපත්‍ය පැතිරීමක් ලෙස වෙන්න ඇති. (නදී)
රජරට රැජින මාතර ඉදගෙන යාපනයට යනවා කිව්වහම පුදුම සතුටක් දැනෙනවා (නදී)
අනේ කොච්චර දෙයක්ද. අාසාවේ බැහැ. මමත් කවදාහරි යන්න හිතාගෙන ඉන්නේ. (නදී)
බන්දුල පෙරේරාගේ අදහස් හරියට නිදහස් සන්දානයේ ප්‍රතිපත්ති ප්‍රකාසනය වගේ. ඕවා ජනතාව හැමදාම පිළිගන්නේ නැහැ. (නදී)
ජනවාර්ගික ප්‍රශ්නය විසදීමට හැක්කේ බලය බෙදා හැරෙමෙන් පමණි,(දී)
අපි පියවරක් ඉදිරියට. (නදී)
අප්‍රසන්න මෝඩ කතා කියන්න එපා ප්‍රසන්න. (නදී)
ජයවේවා ලංකා දුම්රිය සේවයට (නදී)
උතුරේත් දකුණේත් මිනිසුන් හොඳ මිතුරෝ වී අපේ රට ලස්සන රටක් කරා ගෙනයන වැදගත්ම පාරක් වේවා. (නදී)
රටේ මෙවැනි දේ සිදුවිය යුතුයි.රටේ සහජීවනය අගය කරනවා (නි)
හොඳ ආරංචියක්. උතුරු දකුණු සහජීවනය ඇතිවේවා. (නදී)
හරිම සතුටුයි. ප්‍රසන්න ඔහොම හිතන්න එපා. හැමදේටම කාලය ඕනේ (නදී)
යුද්දේ අමිහිරි මතක තුලින් සුන්දර අනාගතයකට (දී)
අපි හීනෙකින්වත් හිතුවේ නැහැ (දී)
ජනපති තුමාට ජයවේවා (දී)
අපි මැරෙන්න කලින් මෙහෙම කතරගමත් යන්න පුලුවන් උනොත් (නදී)
මෙතෙන් දී නම් බන්දුල හරි. (නදී)
මොනවා කළත් දෙමල ජාතිවාදීන්ගේ හිත් සතුටු කල නොහැකි බව අපි සියලු දෙනාම දැනගත යුතුවෙමු. රට පුරාම ජන සංකලනයක් වහාම ඇති කල යුතුය. එය අද දවසේ පළමු කාරිය විය යුතුය. රටේ සංවර්දනයට අපි මුළු හදින්ම සතුටුවෙමු. (නදී)
ප්‍රසන්න, එම යුගය දැන් ඉවරයි. කඩන්නේ කව්ද? මොකටද? විනාශ කරන්නේ මොකද? බොරු කියන්නේ කව්ද? මොකද? මේවට පිළිතුරු දැන් ජනතාව දන්නවා. එම අයට දැන් තැනක් නැත. ජනතාවට ජයම වේවා! උතුර දකුණ සහජීවනය ඇතිවේවා! (නදී)
ආණ්ඩුව යුද ජයග්‍රහණයක් විතරක් නෙවෙයි තව යහපත් සංවර්දන වැඩ කරලා තියෙනවා කියල මේකෙන් ඔප්පු උනා (නදී)
බොහොම හොද දෙයක්. හොද කාල සටහනකට වෙලාවට කෝච්චිය එයි කියල හිතෙනවා. (නදී)
බන්දුල පෙරේරා මේ ප්‍රොජෙට් එක කරන්නේ ඉන්දියාවෙන්. දුම්රිය මාර්ග යලි යතා තක්වයට ගෙනාපු එකට සතුටුවෙනවා. මේ තුලින් යාපනේ කෘෂි බෝග ටික කොලඹට ගේන්න පුළුවන්. මේ තුලින් ආර්ථික වාසිය ලබාගන්න රජය උත්සහ කරන්න ඕනා. පටු දේශපාලන වාසි ගන්නේ නැතිව. (නදී)
සඳුනි ට එසැන පුවත් තීරයේ දේශපාලනයෙන් තොර කිසිම ස්වාධීන අදහසක් නැහැ. ! අපි නම් මේක දිහා බලලා සතුටු වෙනවා. සදුනි මගුල් ගෙදර ගිහිල්ලා කපුවාගේ හතර වරිගේ ගැන කතා පවත්තනවා. (අ)
උතුරු පළාත් සභාවේ මැති ඇමති තුමන්ලත් පක්ෂ භේදයකින් තොරව මෙම කටයුත්තට සහයෝගය දිය යුතුය(අ)
අපිටත් එහෙනම් යාපනයට ගිහින් එන්න පුලුවන් දැන්. (නි)
හරිම ආඩම්බරයි අහන්නත් මේ වගේ පුවතක් ලංකාවට මහත් ආඩම්බරයක් ගෙනදෙන හරිම සුන්දර ගමනක්. ආයෙත් ලංකාවේ හැමෝටම යන්න පුළුවන්. හෙට උපදින ලංකාවේ අනාගතයට වාසනාවන්ත කාලයක පෙර දැක්මක් තිබීම සතුටට කාරණයක්. යන්ද ගිහින් බලල එන්ඩ එහෙ ඉන්නෙත් අපේම මිනිස්සු. (ස)
ජාති ආගම් පක්ෂ භේද නොතකා අවංකව සංතෝෂ වෙන්න පුළුවන් (අ)
ආණ්ඩුව යුධ ජයග්‍රහණයක් විතරක් නෙවෙයි තව යහපත් සංවර්ධන වැඩ කරලා තියනවා කියල මෙයින් පේනවා. (අ)
හොඳයි. ඇත්තටම කෝච්චියේ යාපනයට යන්න හරිම අාසයි. හොඳදේ අගය කරන්නම ඕන. (අ)
ජයවේවා! (අ)
මහත්තුරුනේ ඇස් කන් ඇරලා බලන්න ..මේ රටේ සිදුවෙලා තියෙන වෙනස..2002 මැතිවරනෙන් ආපු එක්සත් ජාතික පක්ෂ රජය අවුරුදු දෙකෙන් නොවැටුනානම් අද අපි ඔක්කොම 24 පැයම බංකර් ඇතුලේ තමයි..එහෙනම් අද තියෙන්නේ රටවල් දෙකක්.ජනතා ඡන්දයෙන් මේ රටේ ජනතාව තමන්ගේ නායකයින් හැටියට තෝරාගත් අය ප්‍රභා කරන්ගේ දෙපතුල ලග දණගහල දෙපතුල් ලෙවකාපු ,ජාතියේ ගෞරවය බල්ලට දාපු ඒ කාලය කාට අමතක උනත් හමුදාවල ඒ දවස්වල හිටපු අයට අමතක කරන්න බැහැ..අද බඩ ගැන විතරක් හිතන කල ගුණ නොදත් බඩජාරින්ට මරණය දෝතට අරන් ගෙදරින් එලියට බැහැපු එහෙම යුග තිබුනද කියලවත් අමතකයි.කලගුණ දත් ජනතාව තාම මේ රටේ ඉන්නවා..ඒ ජනතාව ජනාධිපති තුමාගෙන් ඉල්ලන්නේ ආයෙත් එහෙම යුගයකට ඉඩකඩ සලසන්න පාර කපන ඔබ තුමාවත් මිනිස්සුන්ට එපා කරවන ඔබ තුමා වටේ ඉන්න ඔය පිල්ලි ,දොළ පිදේනි ඉල්ලන යක්කු එලවල යම් තරමකට හෝ ගිලිහිලා තියෙන ඔබ තුමාට ගරු කරපු ඔබතුමාව විශ්වාස කරපු මිනිස්සුන්ගේ විශ්වාසය නැවත දිනා ගන්න කියල.. (අ)
පෞද්ගලිකව මම ඉතාම සතුටු වෙනවා.රජයෙන් කළ හොඳ වැඩක්. (ස)
මා කුඩා කාලයේ , 70 දශකයේ , යාපනයට ගුවනින් ගොස් දුම්රියෙන් ආපසු ආවා. මම නොඉවසිල්ලෙන් බලාගෙන හිටියේ මැරෙන්න කලින් නැවතත් දූ දරුවන් සමග දුම්රියෙන් යාපනයට ගිහිල්ාල නාගදීපයත් වැඳලා එන්න. ඒ සිහිනය සැබෑ කරගන්න පුළුවන් වෙයි. මෙයට උර දුන් සැමට පින්. (නදී)