යුද්ධයෙන් පසුව ජාතික සංහිඳියාව ගොඩනැගීම මෙන්ම රටේ ආර්ථිකය ගොඩනංවාලීම වත්මන් රජයේ ප‍්‍රධාන අරමුණක් බවත් , ඒ සඳහා යුරෝපයට සංක‍්‍රමණය වූ ශ්‍රී ලාංකිකයින් යළි මෙරටට ගෙන්වා ගෙන රටේ ආර්ථිකය දියුණු කළ යුතු බවත් අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ අද (16) කොළඹදී පැවසීය.
යාපනයේ හෝ වන්නියේ පාරවල් සංවර්ධනය කිරීම හෝ ගම්බිම් ඇති කිරීමෙන් පමණක් රටේ නියම ආර්ථික සංවර්ධනයක් සිදු නොවන බවද අග‍්‍රාමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් කීය.
මිනිස් ජාවාරම් ,නීතිවිරෝධී සංක‍්‍රමණ සහ රට රටවල් අතර වන අපරාධ මැඩපැවැත්වීම සඳහා වන බාලි සමුළුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ගේ 11 වැනි වාර්ෂික සැසිය අද කොළඹ ගාලූ මුවදොර හෝටලයේ පැවැත්වූ අතර එම සැසියේ ප‍්‍රධාන ආරාධිතයා වශයෙන් අගමැති එක්විය.
‘මම මේ සැසියේදී මිනිස් ජවාරම් සම්බන්ධයෙන් විස්තාරත්මක දත්ත වාර්තා දක්වන්නේ නැහැ. මොකද 2002 වසරේ සිට මේ සම්බන්ධයෙන් පරීක්ෂණ කර ගෙන යන නිසා.ආසියා කලාපය තුළ හැමදාමත් සංක‍්‍රමණික ප‍්‍රශ්න පැවතුණා. ඒ ගැන රජයක් ලෙස අපි හැමදාමත් එකම මතයක හිටියා. ලන්දේසි ,බි‍්‍රතාන්‍ය යටත්විජිත කාලයන් දිහා බැලූ විට අපි දැක්ක දෙයක් තමයි ඒ කාලේ මිනිසුන් රට රටවලට සංක‍්‍රමණය කිරීමේදී නිශ්චිත ක‍්‍රමවේදයක් නොතිබුණු බව. නමුත් අප ස්වාධීන රාජ්‍යයන් බවට පත්වූ විට,මෙවැනි දෑ දේශ සීමා වශයෙන් වෙන් වෙන් වශයෙන් පාලනය කළ යුතු බවට තීන්දු තීරණ ගනු ලැබුවා. වර්තමානය වන විට නීතිවිරෝධී සංක‍්‍රමණ මැඩපැවැත්වීම සම්බන්ධයෙන් මධ්‍යස්ථව කටයුතු කිරීමට අපි තීරණය කළා‘
‘ඇමෙරිකාව තුළ දැන් ලොකු වෙනසක් ඇති වෙන්න යනවා කියලා ඔබ අපි සැමට පෙනෙන්නට යනවා. අද වනවිට එරටේ වසර 200කට පෙර තිබූ තත්ත්වය ඇති වෙලා,ඒ කියන්නේ විවිධ සංක‍්‍රමණික ප‍්‍රශ්නය නිසා අර්බුද ඇතිවන්ටත් ,රාජ්‍යයට බලපෑම් කරන තත්ත්වයට පත්වී ඇති බව දකින්නට ලැබෙනවා‘ යැයි ද අගමැති කීය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ළමයින්ට ඉගෙනගන්න පසුකම් නැති, ගමන් පහසුකම් නැති, නූගත් චණ්ඩි පාලනය කරන සහ ජීවිත දී රට බේරාගත් ත්‍රිවිද හමුදාවට ගරහන රටකට කාටද එන්න ඕනෑ (නි)
එක එක තැන සුරංගනා කතා කියන කිසිම ප්‍රායෝගික බවක් නැති අපේ රටේ වගේ දේශපාලකයන් නම් වෙන කොහෙවත් නැතුව ඇති. (නි)
මෙවන් පාලකයින් රටට වාසනාවන්! (නි)
මම නම් හිතන්නෙ නැහැ ඔවුන් නැවත පැමිණෙයි කියලා (නි)
ඕවා කරන්න පුලුවන් වැඩද මහත්තයෝ? (නි)
අනේ මන්දා ඉතින් මේ කතා! (නි)
එක අතකින් එ්කත් හොඳයි. එතකොට ඔවුන්ටත් බදු ගහන්න පුළුවන්නේ (නි)
අගමැතිතුමනි, එ්ක හොඳ අදහසක්. ඔවුන් සතුව විශාල මුදල් ප්‍රමාණයක් ඇති. ඉන් ඔවුන්ට ඔවුන්ගේ පෙදෙස්වලට උදව් කරන්න පුළුවන්. සෑම් මහත්තයා හිතන විදිහ තමයි ගල්ෆ් රටවල වැඩකරන හුඟක් ලාංකිකයෝ ඉගෙනගෙන නැති කට්ටිය කියලා. ඔබතුමාගේ මිම්ම එහෙම වුණාට ඔය යුරෝපයට ගිය හුඟක් ගියේ සරණාගත විදිහට. නමුත් මැදපෙරදිග මෙහෙකාර සේවය හැරුනුකොට අනිත් බොහෝ රැකියා විශේෂයෙන් එමිරේට්ස්, ගල්ෆ් එයා වල වැඩකරන බොහෝ ඉංජිනේරුවන් ලංකාවේ අය කියලා ප්‍රීතිත් දන්නේ නැතුව ඇති. මැදපෙරදිග වැඩකරන් අපේ ලාංකිකයන්ට අගෞරව කරන්න එපා. ලංකාවේ විදේශ විනිමයෙන් වැඩි මුදලක් එවන්නේ ඔය මැදපෙරදිග වැඩ කරන අය තමයි (නි)
පුළුවන් නම් අපිත් කැමතියි (නි)
පිටින් ගෙනෙන්න කලින් රටේ ඉන්න අය ගැන හිතන්න (නි)
අගමැතිතුමනි, ගෙන්වන්න ඔක්කොම ගෙන්වන්න. මොකද ඔබතුමන්ලා ජනමත විචාරණයකට යන්න ඉන්නවනේ. දැන් රටේ ඉන්න ජනතාවගෙන් ඔය ඡන්දය දිනන්න බැහැනේ. එ්ක නිසා ඔක්කොම ගෙන්නලා ඡන්දය දිනන්න. ඊටපස්සේ ඔබතුමාලා ඒගොල්ලන්ට කන්න දෙන්න. (නි)
මේ අදහස් රනිල් මහතාගේමද? අවබෝධය පටු කරගන්න එපා. (නි)
අනේ ඔවු එන්න එන්න. මෙහෙ දැන් සියල්ල සම්පුර්ණවෙලා දියුණුව දෝරේ ගලනවා! (නි)
දැන් මෙහේ සියල්ල සපිරි සුරපුරයක්නේ! (නි)
ලංකාවේ ඉන්න මිනිස්සුත් රස්සාවල් නැතුව ඉන්නවා. රට ඉන්න මිනිසුන්ට රට ඉන්න දෙන්න. රට ඉඳලා හම්බ කරලා ලංකාවට එවන ඩොලර් වලින් අඩුම තරමේ මැති ඇමතිවරුන්ට අවශ්‍ය කරන සුඛෝපභෝගී වාහන ටිකවත් ගෙන්වාගත හැක. යුරෝපයේ ඉන්න කවුද කැමති අල්ලස් ගන්න නිලධාරීන්, මැර දේශපාලකයන්, කප්පම්කාරයන්, හොරුන් බහුල රටක මුදල් ආයෝජනය කරන්න? (නි)
අගමැති තුමෝ, නිකන් බයිලා ගහන්නේ නැතිව ඉන්න, යුරෝපයට ගිය සංක්‍රමණිකයන් අවුරුදු ගානක් තිස්සේ කළේ රටට විනකරපු එක. එයාලා තාමත් හැදිලා නෑ. ඔය ඉන්න විදිහට ඉන්නා තැනක හිටපුවාවේ. (බ)
බටහිර ගහන ගහන පදේට නටපල්ලාකෝ. (බ)
හොදයි අපි එන්නම් (බ)
එල් ටී ටී කාරයෝ ටික ගෙන්නගන්න දගලනවා මැටි මොළ (බ)
මෙයාගේ මාර ප්ලෑන් තියෙන්නේ. හැබැයි එකක්වත් ප්‍රායෝගික නැහැ. (බ)
ව්‍යාපාර වලට කියලා තමයි මුලින්ම මුසල්මානුවන් ලංකාවට ආවේ. දැන් අපේ රටෙත් ඒ දේ වෙලා තියෙන්නේ. මොළේ කල්පනා කරලා වැඩ කෙරුවොත් හොඳයි. (නි)
වහල් සේවයට ගල්ෆ් ගිය කුමාරලා වගේ අයයි, යුරෝපෙට ගිහින් රටට වින කරන රැලයි ඒ රටවල් වලටම වෙලා ඉන්නවා නම් අපිට නම්බුකාර විදිහට අපේ රටෙත් ජාත්‍යන්තරවත් ජීවත්වෙන්න තිබුනා. (නි)
කුමාර් වගේ අය ගල්ෆ් ගියාට යුරෝපයට අාවේ ගොඩක් ඉගෙනගත් හොඳට ඉංග්‍රීසි කතාකරන ලංකාවේ මොළ ටික. ඔවුන් හොඳ පඩියක් ගන්නවා. ඔවුන් ලංකාවට ගිහින් 25000.00 පඩියට වැඩ කරන්නද කියන්නේ? (නි)
ඊලඟ චන්දෙදි බලමුකෝ (රේ)
අද දකින හෙට (බ)
එ්කනම් ඇත්ත ගල්ෆ් කුමාර, ලංකාවේ එකෙක් නම් යුරෝපෙට නෙමේ, හඳට ගියත් හැදෙන්නේ නැහැ. කොහොමත් ඔය පර සුද්දන්ට වැඩිය මැදපෙරදිග තම්බි ගල්ෆ් කුමාර ඇතුළු පවුලට හොඳට සලකන පාටයි. අනේ ඉතින් අපිට කොහෙද එහෙම පිං? (බ)
යුරෝපයට සංක‍්‍රමණය වූ ශ්‍රී ලාංකිකයින් විතරද ශ්‍රී ලංකාවට ආපසු ගෙන්වා ගන්න අගමැති තුමා බලාපොරොත්තු වෙන්නේ ?අනිකුත් රටවලත්, විශේෂයෙන් ඔස්ට්‍රේලියාව වගේ රටවල ඉන්න අයට ඔබගේ තීරණය වලංගු නැද්ද ?.(රේ)
ඒක නම් ඇත්ත.(හේ)