බර්මින්හැම් විහාරයට නව ගොඩනැගිල්ලක්.
අලුතෙන් අනුමැතිය ලැබී ඇති නව විහාර ගොඩනැගිල්ල ඉදිවූ පසුව බර්මින්හැම් මහා විහාරය යුරෝපයේ විශාලතම ශ්‍රී ලාංකික බෞද්ධ විහාරස්ථානය බවට පත්වනබව විහාරාධිපති අචාර්ය විතාරන්දෙණියේ කස්සප හිමියෝ පැවසූහ. උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ නව ගොඩනැගිල්ල සඳහා නගර සභාවේ අනුමැතිය ලැබීම පිලිබඳ ආරංචිය සහ එහි ගොඩනැගිලි සැලැස්ම දායක කාරකාදීන් වෙත එළිදැක්වූ අවස්ථාවේදීය.
කස්සප හිමියන් විසින් 1992දී ආරම්භ කළ බර්මින්හැම් මහා විහාරය දැනට මහා බ්‍රිතාන්‍යයේ ප්‍රධාන ශ්‍රී ලාංකික විහාරස්ථානයක් බවට පත්වී ඇත.
මිඩ්ලන්ඩ් ජාත්‍යන්තර බෞද්ධ සංගමයේ මෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුබද්ධිත ජාත්‍යන්තර බෞද්ධ සහනාධාර ආයතනයේ සභාපතිධුර හොබවන කස්සප හිමියන් විසින් ඉටුකර ඇති ආගමික, සමාජීය සහ සුභසාධක සේවාවන් අගය කරමින් බ්‍රිතාන්‍ය මහා රැජින උන්වහන්සේට ඔබීඊ ගෞරව නාමයද පිරිනමා ඇත.
බ්‍රිතාන්‍යයේ දෙවැනි නගරය ලෙස සැලකෙන බර්මින්හැම් නුවර මනරම් පෙදෙසක පිහිටා ඇති බෞද්ධ මහා විහාර භුමිය නව විහාර මන්දිරය ඉදිකිරීම සඳහා ඉතාම සුදුසු ස්ථානයක් බව මේ පිළිබඳව සොයා බැලීමට පත්කළ නගරසභා පරීක්ෂණ කණ්ඩායම ඉදිරිපත් කරඇති වාර්තාවේ දක්වා ඇත.
නව ගොඩනැගිල්ල ශ්‍රී ලාංකික බෞද්ධ ගෘහනිර්මාණ ශිල්පයේ හැඩතල මුලික කර ගනිමින් එංගලන්තය වැනි රටකටද ගැලපෙන අයුරින් නිර්මාණය කරන බව මෙහි ගෘහනිර්මාණ ශිල්පි දිනුක රාජපක්ෂ කියයි.
ඉදිකිරීම් කටයුතු භාරව කටයුතු කරන්නේ ජෝන් බර්ඩ්ය.
නව විහාරස්ථානයේ ඉස්මතුවී පෙනෙන අංගයක් වනුයේ මනස්කාන්ත දාගැබ් වහන්සේය.
ගොඩනැගිල්ලේ ඉහළින්ම පිහිටුවා ඇති දාගැබ ඇතුලත විහාරස්ථානයේ ඉඩපහසු සහිත බුදුගෙය ඉදිකෙරෙනු කෙරෙනු ඇත.
එමෙන්ම ධර්ම දේශනා සහ භාවනා ආදිය සඳහා ධර්මශාලාවක්, භික්ෂුන්වහන්සේගේ පරිහරණය සඳහා දාන ශාලාවක්, පුස්තකාලයක්, අංග සම්පුර්න මුළුතැන් ගෙයක් සහ දේශන ශාලාවක් ද මෙම නව විහාර මන්දිරයේ ගොඩනැගෙනු ඇත.
බර්මින්හැම් යනු විවිධ ජනකොටස් සහ ආගමිකයින් පදිංචිවී ඉන්නා සුවීසල් නගරයකි. මේ නිසාම නව විහාර මන්දිරයේ ලෝකයේ අනෙකුත් රටවල මෙන්ම සම්ප්‍රදායයන් වල බෞද්ධයන්හට ඔවුනගේ චාරිත්‍ර වාරිත්‍රයන්ට අනුකුලව වන්දනා මාන කර ගැනීම සඳහා අවශ්‍ය පහසුකම්ද සලසාදීම සඳහා කටයුතු කර ඇති බවද කස්සප හිමියෝ අවධාරණය කරති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එක හොද වැඩක් (දී)
සන්තෝසයි (දී)
අපේ සුභ පැතුම් (දී)
බුදු සසුන වෙනුවෙන් කරන වැදගත් වැඩක් (දී)
ආසියාවේ ලොකුම පන්සල කොහෙද තියෙන්නේ (දී)
හොද වැඩේ කවුරු කළත් හොදයි. (නි)
සාධු... සාධු... සාධු...! ඔබවහන්සේට දීර්ඝායු වේවා! (නි)
අනේ සාධු! මේවා නම් හොද වැඩ. (නි)
හිමියනි, ඔබට බොහෝ පින්! (නි)
අනේ සාධු....අනේ සාධු....
අනේ හොදයි...අනේ හොදයි...
සාදු සාදු සාදු ......(දී)
දකිනකොටත් කොච්චර ආඩම්බරද? (නි)
එංගලන්තයම ලස්සන වේවි. අපේ නායක හිමියන්ට දීර්ඝායුෂ ලැබේවා! මේක ඉතාම හොඳ වැඩක්. අපි හැමෝම උදව් කළ යුතුයි. (නි)
ප්‍රජාතන්ත්‍රවාදය ඇති රටවල් යනු මේවායි. (නි)
හරිම ආඩම්බරයි. (නි)
අර කෝකටත් සුද්දන්ට බණින පුරාජේරුකාරයෝ දැන් මොකද දන්නෙ නැහැ කියන්නේ? (නි)
දැන් කට්ටිය සුද්දගේ හොද කියන්න ගනීවි. (නි)
කෝ අර පුරුද්දට වගේ සුද්දන්ට බණින ගිරා පෝතකයෝ? (නි)
එන්ගලන්තයේ උද්ඝෝෂණ කරන්න අපේ වගේ විවිධ සංවිධාන නැහැ වගේ. (නි)
ගොඩක් සතුටුයි හාමුදුරුවනේ. (නි)
ඇත්තටම ආඩම්බරයි! (නි)
එක හොදයි (දී)
තෙරුවන් සරණයි (දී)
සාධු....සාධු.... (දී)
වචනෙන් හරි උදවු කරන කාටත් තෙරුවන් සරණයි (දී)
බුදු සසුන බැබලේවා (දී)
බුදුසරණයි (දී)