බර්මින්හැම් විහාරයට නව ගොඩනැගිල්ලක්.
අලුතෙන් අනුමැතිය ලැබී ඇති නව විහාර ගොඩනැගිල්ල ඉදිවූ පසුව බර්මින්හැම් මහා විහාරය යුරෝපයේ විශාලතම ශ්‍රී ලාංකික බෞද්ධ විහාරස්ථානය බවට පත්වනබව විහාරාධිපති අචාර්ය විතාරන්දෙණියේ කස්සප හිමියෝ පැවසූහ. උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ නව ගොඩනැගිල්ල සඳහා නගර සභාවේ අනුමැතිය ලැබීම පිලිබඳ ආරංචිය සහ එහි ගොඩනැගිලි සැලැස්ම දායක කාරකාදීන් වෙත එළිදැක්වූ අවස්ථාවේදීය.
කස්සප හිමියන් විසින් 1992දී ආරම්භ කළ බර්මින්හැම් මහා විහාරය දැනට මහා බ්‍රිතාන්‍යයේ ප්‍රධාන ශ්‍රී ලාංකික විහාරස්ථානයක් බවට පත්වී ඇත.
මිඩ්ලන්ඩ් ජාත්‍යන්තර බෞද්ධ සංගමයේ මෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුබද්ධිත ජාත්‍යන්තර බෞද්ධ සහනාධාර ආයතනයේ සභාපතිධුර හොබවන කස්සප හිමියන් විසින් ඉටුකර ඇති ආගමික, සමාජීය සහ සුභසාධක සේවාවන් අගය කරමින් බ්‍රිතාන්‍ය මහා රැජින උන්වහන්සේට ඔබීඊ ගෞරව නාමයද පිරිනමා ඇත.
බ්‍රිතාන්‍යයේ දෙවැනි නගරය ලෙස සැලකෙන බර්මින්හැම් නුවර මනරම් පෙදෙසක පිහිටා ඇති බෞද්ධ මහා විහාර භුමිය නව විහාර මන්දිරය ඉදිකිරීම සඳහා ඉතාම සුදුසු ස්ථානයක් බව මේ පිළිබඳව සොයා බැලීමට පත්කළ නගරසභා පරීක්ෂණ කණ්ඩායම ඉදිරිපත් කරඇති වාර්තාවේ දක්වා ඇත.
නව ගොඩනැගිල්ල ශ්‍රී ලාංකික බෞද්ධ ගෘහනිර්මාණ ශිල්පයේ හැඩතල මුලික කර ගනිමින් එංගලන්තය වැනි රටකටද ගැලපෙන අයුරින් නිර්මාණය කරන බව මෙහි ගෘහනිර්මාණ ශිල්පි දිනුක රාජපක්ෂ කියයි.
ඉදිකිරීම් කටයුතු භාරව කටයුතු කරන්නේ ජෝන් බර්ඩ්ය.
නව විහාරස්ථානයේ ඉස්මතුවී පෙනෙන අංගයක් වනුයේ මනස්කාන්ත දාගැබ් වහන්සේය.
ගොඩනැගිල්ලේ ඉහළින්ම පිහිටුවා ඇති දාගැබ ඇතුලත විහාරස්ථානයේ ඉඩපහසු සහිත බුදුගෙය ඉදිකෙරෙනු කෙරෙනු ඇත.
එමෙන්ම ධර්ම දේශනා සහ භාවනා ආදිය සඳහා ධර්මශාලාවක්, භික්ෂුන්වහන්සේගේ පරිහරණය සඳහා දාන ශාලාවක්, පුස්තකාලයක්, අංග සම්පුර්න මුළුතැන් ගෙයක් සහ දේශන ශාලාවක් ද මෙම නව විහාර මන්දිරයේ ගොඩනැගෙනු ඇත.
බර්මින්හැම් යනු විවිධ ජනකොටස් සහ ආගමිකයින් පදිංචිවී ඉන්නා සුවීසල් නගරයකි. මේ නිසාම නව විහාර මන්දිරයේ ලෝකයේ අනෙකුත් රටවල මෙන්ම සම්ප්‍රදායයන් වල බෞද්ධයන්හට ඔවුනගේ චාරිත්‍ර වාරිත්‍රයන්ට අනුකුලව වන්දනා මාන කර ගැනීම සඳහා අවශ්‍ය පහසුකම්ද සලසාදීම සඳහා කටයුතු කර ඇති බවද කස්සප හිමියෝ අවධාරණය කරති.
2025 දෙසැම්බර් මස 04
793
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
587
1
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
463
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
යුරෝපයේ ලොකුම පන්සලට අඩිතාලම වැටේ
දර්ශන Tuesday, 19 March 2013 10:13 PM
එක හොද වැඩක් (දී)
අමිලා Tuesday, 19 March 2013 03:22 PM
සන්තෝසයි (දී)
කුරේ Tuesday, 19 March 2013 03:23 PM
අපේ සුභ පැතුම් (දී)
කමල් Tuesday, 19 March 2013 03:28 PM
බුදු සසුන වෙනුවෙන් කරන වැදගත් වැඩක් (දී)
ෂෙහාන් Tuesday, 19 March 2013 03:38 PM
ආසියාවේ ලොකුම පන්සල කොහෙද තියෙන්නේ (දී)
මහේෂ් Tuesday, 19 March 2013 11:00 PM
හොද වැඩේ කවුරු කළත් හොදයි. (නි)
යුධීෂ්වර Tuesday, 19 March 2013 03:49 PM
සාධු... සාධු... සාධු...! ඔබවහන්සේට දීර්ඝායු වේවා! (නි)
මෝරාළ Tuesday, 19 March 2013 04:06 PM
අනේ සාධු! මේවා නම් හොද වැඩ. (නි)
පිටිගල Tuesday, 19 March 2013 04:41 PM
හිමියනි, ඔබට බොහෝ පින්! (නි)
සුනිල් ප්‍රනාන්දු Wednesday, 20 March 2013 02:02 AM
අනේ සාධු....අනේ සාධු....
නිමල් Wednesday, 20 March 2013 02:03 AM
අනේ හොදයි...අනේ හොදයි...
ගමගේ Wednesday, 20 March 2013 03:31 AM
සාදු සාදු සාදු ......(දී)
නිශා Tuesday, 19 March 2013 05:23 PM
දකිනකොටත් කොච්චර ආඩම්බරද? (නි)
ජනක Wednesday, 20 March 2013 04:32 AM
එංගලන්තයම ලස්සන වේවි. අපේ නායක හිමියන්ට දීර්ඝායුෂ ලැබේවා! මේක ඉතාම හොඳ වැඩක්. අපි හැමෝම උදව් කළ යුතුයි. (නි)
ඩැනියෙල් Tuesday, 19 March 2013 05:23 PM
ප්‍රජාතන්ත්‍රවාදය ඇති රටවල් යනු මේවායි. (නි)
අනුර Tuesday, 19 March 2013 05:23 PM
හරිම ආඩම්බරයි. (නි)
නිමල් Tuesday, 19 March 2013 05:24 PM
අර කෝකටත් සුද්දන්ට බණින පුරාජේරුකාරයෝ දැන් මොකද දන්නෙ නැහැ කියන්නේ? (නි)
සේන Tuesday, 19 March 2013 05:29 PM
දැන් කට්ටිය සුද්දගේ හොද කියන්න ගනීවි. (නි)
මාලා Tuesday, 19 March 2013 05:30 PM
කෝ අර පුරුද්දට වගේ සුද්දන්ට බණින ගිරා පෝතකයෝ? (නි)
රොෂාන් Wednesday, 20 March 2013 06:57 AM
එන්ගලන්තයේ උද්ඝෝෂණ කරන්න අපේ වගේ විවිධ සංවිධාන නැහැ වගේ. (නි)
ප්‍රියදර්ශන Tuesday, 19 March 2013 06:32 PM
ගොඩක් සතුටුයි හාමුදුරුවනේ. (නි)
තාරක Tuesday, 19 March 2013 06:49 PM
ඇත්තටම ආඩම්බරයි! (නි)
දිනුක Wednesday, 20 March 2013 09:16 AM
එක හොදයි (දී)
නන්දන Wednesday, 20 March 2013 09:51 AM
තෙරුවන් සරණයි (දී)
ශාන්ත Wednesday, 20 March 2013 09:51 AM
සාධු....සාධු.... (දී)
සනත් Wednesday, 20 March 2013 09:52 AM
වචනෙන් හරි උදවු කරන කාටත් තෙරුවන් සරණයි (දී)
නිරෝෂන් Wednesday, 20 March 2013 09:48 AM
බුදු සසුන බැබලේවා (දී)
ලසන්ත Wednesday, 20 March 2013 09:50 AM
බුදුසරණයි (දී)