යුරෝපයේ පැර‚ම බෞද්ධ විහාරස්ථානය පිහිටා ඇත්තේ ජර්මනියේ බර්ලින් නුවරයි. පළමු ලෝක යුද්ධයෙන් පසු බටහිර ජර්මනියේ බර්ලින් නුවරට අයත් භූමි ප්‍රදේශයක ජර්මන් ජාතික වෛද්‍ය පෝල් ඩාල්කේ මහතා විසින් මෙම බෞද්ධ විහාරස්ථානය 1924 ඉදිකැරිණි. ඉන්පසු 1952 දි ජර්මනියේ විසූ ශ්‍රී ලාංකික ව්‍යාපාරික අශෝක වීරරත්න මහතාගේ මුලිකත්වයෙන් මෙම විහාරස්ථානය ශ්‍රී ලංකාව ප්‍රමුඛ බෞද්ධ ජනයා සතු කර ගත් අතර 1957 සිට අද දක්වා ශ්‍රී ලාංකික භික්ෂුහු මෙහි ආගමික කටයුතු වල නිරතවෙති.
වර්ෂ ගණනක් ඉතා පැර‚ විහාරස්ථානය කාලයක් ප්‍රතිසංස්කරනය නොකළ බැවින් ජර්මන් රජයේ මුල්‍ය දායකත්වයෙන් මේ දිනවල ප්‍රතිසංස්කරන කටයුතු සිදු කැරෙයි. ශ්‍රී ලාංකික, ජර්මන්, තායි, කාම්බෝජ්, ලාඕස් ජාතිකයන් වෙනුවෙන් ආගමික හා සමාඡික සේවාවන් සමග දරුවන් උදෙසා නිරන්තරයෙන් වැඩමුළු පැවැත්වේ.
ජර්මන් ධර්ම දුත සංගමයෙන් විහාරස්ථානයේ පාරිපාලන කටයුතු සිදුකරන අතර තිස්ස වීරරත්න මහතා කළමනාකරුය.
දික්වැල්ලේ සීලසුමණ හිමි හා කෝන්ගස්පිටියේ ශාන්තරක්ඛිත යන හිමිවරුය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාධු සාධු!! (නි)
ශ්රී ලාංකිකයින් වශයෙන් අපිට ඇත්තෙන්ම ආඩම්බර වෙන්න පුළුවන් (නි)
හැම දෙයම හොඳයි, වචන වලට පමණක් සීමානොවන සීමාවක සිටින නිසා. ලිපිය ලියූ අයටත්, අදහස් පළකළ සැමටත්, උදවුකළ සැමටත් තෙරුවන් සරණයි. (නි)
සුනිල් ආනන්ද,නවිනි, හේමන්ත, අනේ ඉතිං බර්ලින් වල ජීවත්වෙන අපි තමයි දන්නේ මේ වාර්තාවේ ඇත්ත නැත්ත ! සාධු සාධු සාධු ! (ස)
ලංකාවේ අය කරුණාකර උදවු කරන්න (නි)
ඉතාම හොඳ වැඩක්. අපිට ආඩම්බරයි. අපි හදවතින්ම සතුටු වෙනවා. ආශිර්වාද කරනවා, සියලු කටයුතු සඵල වෙන්න කියලා (නි)
පුජ්‍ය ශාන්තරක්ඛිත තෙරණුවෝ උගත් ධර්මධර භික්ෂුන් වහන්සේ නමක්. මා ගැඹුරු දහම් කරුණු දැනඉගෙන ගත්තා. ජර්මනියේ වෙසෙන බොදු ජනයිනි, උන්වහන්සේ වටා එකතුවන්න. තිස්ස මහතාද කැපවීමෙන් කටයුතු කරන හොඳ බොදු මිතුරෙකි. (නි)
අද තිස්ස වීරරත්න මහතා ජර්මනියේ මෙම බෞද්ධ විහාරය රැකගැනීම සහ පවත්වාගෙන යෑම සඳහා ඉතාම කැපවීමෙන් කටයුතු කිරීම ප්‍රශංසා කටයුතුය. යුරෝපයේ බුදුදහම පැතිරවීමට වැඩසිටින ස්වාමීන් වහන්සේලා සැමට තෙරුවන් සරණින් නිදුක් නිරෝගී සුව අත්වේවා ! (නි)