යුරෝපයේ කොටි පෙන්වා ලංකාවේ මුවන් මැරීමට ඉඩ නොදෙන්නැයි ජාතික හෙළ උරුමයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහා පිටකෝට්ටේ දී පැවසීය.
අධිවේගී මාර්ග හදන්න වැඩි පොලියට ගන්නා ණය ගෙවන්නට සියලු දෙනාටම සිදු වන බවත්, ත්‍රීරෝද රථ රියදුරකු, යතුරුපැදිකරුවකු පෙට්‍රල් හෝ ඩීසල් ලීටරයක් වාහනයට ගසද්දී පාරවල් හැදීමට ගන්නා ණය වෙනුවෙන් රුපියල් 60ත් 90ත් අතර මුදලක් ගෙවන බවත්, එසේ ගෙවන ඔවුන්ට අධිවේගයේ ගමන් කිරීම තහනම් බවත් චම්පික රණවක මහතා පැවසීය.
ඔහුගේ ‘ආලාපාළු ආර්ථිකය‘ නම් කෘතිය එළි දැක්වීමේ උළේලේ දී රණවක මහතා කීවේ ආර්ථික මෙහෙයවන මෙගා ඩීල් කරුවන් මේ ආණ්ඩුවේ සිටිනා බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙච්චර පැහැදිලිව හොරකම් ගැන කියලත් ඒක පිලිගන්න අය මේ රටේ ඉන්නවා..රටේ සිදුවන හොරකම් දිහා බලලා කමක් නෑ කියන අය තමන්ගෙ ගෙදරක රුපියල් 100ක් නැති වුනාම කොච්චර ඒක ගැන හොයනවද?? ඒ කැපවීම රටේ පොදු මුදල් හොරකම් කිරීම් වලට එරෙහිව යොදන්නේ නැත්තෙ ඇයි?(හේ)
විදුලි බිල වැඩි කරන්න කියලා උද්ඝෝෂණ කළ මිනිස්සු ඉන්න රටක් මේක.සමහරුන්ගෙ අදහස් දැක්කම හිතෙනවා මොනතරම් වැඩවසම්ද කියලා. (නි)
චම්පික මහතාගේ කතාවේ හඬපට තියෙනවා කිව්වට දාලා නෑනේ.. ඒවා දාන්න පුලුවන් නම් හොඳයි අපිටත් තව විස්තර දැනගන්නත් එක්ක...(අ)
චම්පික මහත්තයෝ.එතකොට අධ්‍යාපනයට.සෟඛ්‍යට ජනසවිට වියදම් කරන්න ආණ්ඩුව මුදල් හොයාගන්නේ කොහෙන්ද.(අ)
ප්‍රසන්න මහත්තයෝ, චම්පික මහත්තය " බලය සහ බලය" කියල පොතක් ලියල පිට කලේ ආණ්ඩුව ඇතුලේ ඉන්දැද්දී කියල මතක නැති වුනාද? අද එම පොතේ 2 වන කොටස පිට වුනා. අරන් බලන්න. එම පොතේ තිබුණු කරුණුවලට විරුද්ධව ආණ්ඩුවේ කිසි කෙනෙක් අභියෝග කලේ නැහැ.මොකද එහි අන්තර්ගත දේවල් සත්‍ය නිසා. (අ)
ශිරෝමි, මායා, ස්වර්ණපාලි, ඔබතුමියන්ට මේ කතාව පැහැදිලි ව තේරුම් ගැනීමට හැකියාවක් තිබුනබවයි පෙනෙන්නේ. යමක් තේරුම්ගැනීමට අපොහොසත්වුවන් මැක්කාගේ කතාව මෙන් දොඩවන බවයි පෙනෙන්නේ, අපි උපේක්ෂාවෙන් ඉවසා මෙත් වඩමු.(අ)
ඡන්දයක් ළං වෙනකොට විදුලි පුටුවයි ඩයස් පෝරාව ගැනයි කියනවා ,කොටින්ට ආයේ එන්න බැහැ.නමුත් ආණ්ඩුව කොටි එනවා කියලා රටේ ජනතාව රවට්ටනවා.මේවා පිළිගන්න තේරුමක් නැති ජනතාවකුත් ලංකාවේ ඉන්නවා.(හේ)
අධිවේගේ ත්‍රි විල් වලට යන්න දෙන්න කියන්නේ කවුද ? හැප්පුනම පණ දෙන්න එනවද ? (හේ)
වැරදි නොමැති මිනිසුන්ගේ කශේරුකාව සෘජු වේ....(බ)
ඡන්දය කියන්නේ කැමැත්ත නෙමේ.... ඡන්දය කියන්නේ හරියට මගේ ලග තියන අන්තිම මුදල මොනවට වියදම් කරනවාද.... ළමයට මොන අඡ්‍යාපනයක් දෙනවාද... වගේ තීරනාත්මක දෙයක්... අකමැති වුනත් මේ හොරුනම් පන්නන්න වෙනවා... (හේ)
දැන් එතකොට ත්‍රී වීල් අධිවේගී මාර්ගයට දාන්නද කල්පනාව? අනේ මම හිතුවා ඔබතුමා බුද්ධිමතෙක් කියලා.ගම්මන්පිල ගියාට පස්සේ හිතට එන එන දේ කියන්නේ නැතුව හොඳ දෙයක් කියන්න.(හේ)
යුරෝපයේ කොටි තහනම ඉවත්වුණ නිසා දැන් රට භයානක තැනෙක තියෙන්නේ. (නි)
පාලු ගෙදර වලන් බිඳිනවා කියන්නේ මේවට තමයි.(හේ)
කොළඹ - කටුනායක අධිවේගී මාර්ගය පටන් ගත්තේ චන්ද්‍රිකා මැතිනියගේ කාලයේ සහ මෙම ඇස්තමේන්තු සැදුවේ ඊටත් පෙර රජයෙන්. ගණන් වලංගු වුණේ ඒ කාලෙට. නමුත් මාර්ගයේ වැඩ අවුරුදු ගණනක් නැවතිලා තිබිලා නැවත මෙම රජයෙන් පටන්ගන්නකොට අමුද්‍රව්‍යය වල මිල සහ මාර්ගය වැටී ඇති දුෂ්කර මඩවගුරු, කලපු සහිත තැන් පිරවීමට අමතර පිරිවැයක් දැරීමට සිද්ධවීම ගැන මෙහි කිසිම තැනක සඳහනක්වත් නැත. මෙවැනිම තත්වයන්ට මුහුණ දීමට අපේ අනිත් මහා මාර්ග වලටම සිදුවුනි. එමෙන්ම මොහු ඇස්තමේන්තු ගැන සසඳන්නේ, අපේ භූමියට වඩා පහසු භූමි සහිත පාරවල් ඇති රටවල් සමඟයි. අපි තාම සිටින්නේ මහාමාර්ග සංවර්ධනය අතින් ඉතා කුඩා අවදියේ බව අමතක කිරීම හිතාමතාම කර ඇත. අවස්ථාවාදී කතා කියා ජනතාව මුලාකිරීම අපරාධයකි, දේශපාලන කුහකකමකි. (නි)
මේකේ කියලා තියෙන්නේ යන්න තහනම් කියලනේ. යන්න අවසර දෙන්න ඕන කියලා නැහැනේ. (හේ)
චම්පික මහත්තයා බුද්ධිමත්, අවංක ,එඩිතර සිංහලයෙකු ලෙසයි මා මෙතෙක් දැක්කේ. එහෙත් බොහෝදෙනාගේ දිව හිතූ හිතූ පැතිවලට නැමෙන බවත් මා තේරුම්ගත්තා (නි)
මහත්තයෝ, ඔය මාර්ග වලින් ගමනාගමනයට නොගිහින් ඉන්න. (නි)
බැලුවහම රට උගස්තියලා ඉවරයි වගේ (නි)
මෙතුමා කියන සියල්ල ඇත්ත කියලා තේරුම්ගන්න පුළුවන්. ඇයි අපි ණයනොවී ණය ගෙවන්නේ? (නි)
මම අවුරුදු 30 ක් යුරෝපයේ. යුරෝපයේ කොටි කොච්චර භයානකද කියලා දන්නවද? මහත්තයෝ,ලංකාවේ මුවෝ මෝඩ නැහැ. පුලුවන් නම් තනියෙන් ඡන්දෙ අරගෙන පාර්ලිමේන්තු එන්න කියලා මම කියනවා. ඔබතුමාගේ උගත්කමින් ප්‍රයෝජනවත් දෙයක් කරන්න (නි)
සාධාරණව දුෂණයෙන් තොරව විනිවිදභාවයෙන් රට පාලනය කරයි කියලා අපිට සහතිකයක් දෙන්න පුළුවන් ජගතෙක් ඉන්නවද ? (දී)
පිටරට ආරක්ෂාව ශක්තිමත් නැහැ කියලා ලංකාවේ අපි මොනවා කරන්නද (දී)
ලංකාව ස්ථාවරයි නම් මොකටද කලබල වෙන්නේ (දී)
මෙහෙමවත් කට ඇරලා කතා කරන්න ශක්තිය තියෙන්නේ එතුමාට පමණි.(දී)
සමහර අදහස් දකිනකොට මට ගොඩක් කණගාටු හිතෙනවා, ශ්‍රී ලංකාව ගැන. ශ්‍රී ලංකාවේ ඉතාමත් බුද්ධිමත් පිරිසක් ඉන්නවා වගේම බහුතරයක් සරල දෙයක් තේරුම් ගන්න බැරිතරමට බුද්ධිය නැහැ. මෙතුමා කියන්නේ අධිවේගී පාරේ ත්‍රීරෝද යවන්න ඕනෑ කියලද? (නි)
ජනාධිපතිවරණයෙන් පසු තත්ත්වය වෙනස් වේවි (නි)
මේවත් සටන් පාඨද? වෛරය නිසා තමන්ගේ උගත් කමටත් නින්දා කරගන්න හිතිලද කොහෙද.අඳුරේ අතපත ගානවා කියන්නේ මේවාට තමයි.(හේ)
සමහර අයට තේරෙන්නේ නැහැ. හැබැයි නියම වෙලාවට එළියට ඇවිල්ලා මේ කරන දේ නිර්භීතකමක්. (නි)
ඡන්ද දවසට අපි තීරණයක් ගනිමු (නි)
ගොඩක් මිනිසුන්ට ඡන්දෙකදී ඕනෑවෙන්නේ කාටහරි බොරුවට කෑ ගහලා හුරේ දාන මිනිසුන්ව. මේවගේ පරිණත කතා වලට ඇහුම්කම් දෙන්න ඕනෑකමක් නැහැ. එහෙම ඇහුම්කම් දෙන තීරණ ගන්න මිනිස්සු හිටියා නම් ලංකාවත් අද ගොඩක් දියුණු රටක්. රටට ආදරය කරන උගත් මනුස්සයෙක් වැදගත් දෙයක් කිව්වත් ඒකේ වැරදි හොයන්න බලනවා. තමන් කැමති පක්ෂයේ නම් කරන ඕනෑම වැඩක් අනුමත කරනවා. මෙහෙම වුණාම රටට ආදරය කරන මිනිසුන්ටත් රට එපා වෙලා රට දාලා යන්න හිතෙනවා. අපේ රටේ බහුතරයකගේ අවාසනාව. (නි)
අපේ ඡන්දදායකයන්ට පෙරපාසල් බසින් නොකිව්වොත් හරියන්නේ නැහැ (නි)
බන්දුල, අවුරුදු 30 යුරෝපයේ හිටියද ? (ර)
බන්දුල උන්නැහේ , මොනවහරි ලියමුකො. හරිම පාළුවක් තියෙනවා ඔයාගේ කට නැතුව. (නි)
දයා - නිව්සීලන්ඩ්, බොරුනම් කියන්න එපා. (ර)
මෙතුමා ගැන මම හොඳට දන්නවා. හොඳ මොළකාරයා. නමුත් ගුරුන්ට වුණත් කවදාහරි අකුරු වරදිනවා. (නි)
කැබිනට් මන්ඩලයේදී ගන්න තින්දු තීරණ වලට විරුද්ධව කතා කරන්න පුළුවන්. නමුත් බහුතර මතයට අවසානයේ හිස නමන්න වෙනවා. එතැනදී තමන් එයට පුද්ගලිකව අකමැති වුනත් අවසන් තීරණයේදී සාමුහික වගකීමක් තියෙනවා. එනිසා පිටතදී තමාගේ පුද්ගලික මතය ප්‍රකාශ කරන්න බෑ. කැබිනට් තීන්දු වලට එරෙහිව. එ් නිසා කැබිනට් මණ්ඩලයේ ඉන්නවනම් තමන්ගේ පුද්ගලික මතය ගැන මාධ්‍ය හමුවේ කතා කරන්න බෑ. චම්පික ඇමැතිතුමාටත් වුනේ එ්ක. කැබිනට් එකෙන් අස් වුනාම දැන් තමයි එතුමන්ලාට ජනතාව දැනුවත් කරන්න නිදහස් මතය ප්‍රකාශ කරන්න අවකාශය තියෙන්නේ. එ් නිසා අපට එතුමන්ට බනින්න බෑ කලින් ඕව කිව්වේ නෑ කියල. එ්ක තේරුම් ගන්න ..(බ)
මිනිස්සු 9වෙනිදට තීරණය කරයි (දී)
මෙතුමාගේ කතාව බොරුය කියලා කාටවත් කියන්න බැහැ (දී)
යුද්ධය නම් නැවත ඇතිවෙන එපා. අපි ඒවායින් හොඳටම බැට කාපු මිනිස්සු (දී)
කියල තියන දේ හරය ගන්න. ගැඹුරින් හිතන්න. (දී)
බැනලා වැඩක් නැහැ මේවට (නි)
මේ යන ක්‍රමයේ පැහැදිලි අවුල් ඇති බව දැන් දැන් පේනවා. මේ සැරේ නම් මොලේ පාවිච්චි කරන්නම වෙනවා හැමෝටම. (දී)
ඉස්සර සිටි දේශමාමක පුද්ගලයා නොවෙයි අද ඉන්නේ. ඔහු විසින් කරන කථා වලින් ඒ බව මොනවට පැහැදිලි වෙනවා. අධිවේගයේ ත්‍රීරෝද යවන්නද කියන්නේ. ඇයි මේවා ආණ්ඩුව ඇතුළේ ඉන්නකොට නොපෙනුනේ? එහෙම කළා නම් වීරයෙක් විදියට සළකන්න තිබුනා. රටේ දියුණුව ගැන ඇස් රතු කරගෙන බලන්න එපා (නි)
ඔය තර්ක විතර්ක මුකුත් නැහැ අනෙක් පැත්තේ ඉන්නකොට නම් (නි)
කස්තුරි, ඇස්තමේන්තුවක් හදද්දී මිල උච්චාවචනය ගැන සළකනවා. ඒ සඳහා ප්‍රතිපාදන වෙන්කරනවා. ඒක මුලික ඇස්තමේන්තුවෙන් 20% -25% වුණත් වෙන්න පුළුවන්. නමුත් අපේ රටේ මේ වැඩිවුණ විදිය මිල වැඩිවීම හා සම්බන්ධ නැහැ වගෙයි. මේ මිල වැඩිවීම ඉතාම අසාමාන්‍යයයි. (නි)
අධිවේගයේ ත්‍රීරෝද යවන්න වෙන්නේ පිටිපස්සේ රොකට් එකක්වත් සවිකරලා තමයි. (නි)
ඔබතුමාට දැන්ද ඕවා කියන්න මතක් වුණේ? ඔය මොනවා කිවුවත් බහුතර ජනතාවගේ තීන්දුව ඔබට බලාගන්න පුළුවන්. (නි)
මිනිසුනේ, මෙතුමා මින් අදහස් කරන්නේ නැහැ අධිවේගී මාර්ගවල ත්‍රීරෝද , යතුරුපැදි ධාවනය කළ යුතුයි කියා. මෙතුමා කියන්නේ කරන්නා වූ දුෂිත සංවර්ධනයේ අනිටු විපාක වලට ලොකු පොඩි බේදයකින් තොරව රටේ සියලුම දෙනාට වන්දි ( බදු) ගෙවන්න සිදුවන බවයි. එය තේරුම් ගන්න බැරි ඔබ සියලු දෙනා පාසල් ගොස් ඇතිදැයි සැකසහිතයි. (නි)
ඒක ඔබතුමාලා පක්ෂයේ ඉන්නතුරු කිසිම සද්දයක් නැහැනේ (නි)
ඔබ තුමාගේ කතාව අපි අවිවාදයෙන් තොරව පිලි ගන්නවා (දී)
හොරෙක් වෙනුවෙන් උනත් නිතිංඥ මහත්තුරුන්ට ඉදිරිපත් කරන්න තර්ක තියෙනවනේ. ඉතින් කස්තුරි මහත්තයටත් තර්කයක් තියෙනවා. අනේ මහත්තයෝ ඔය තරමට මිල වෙනස් වෙනවා නම් අපේ රටේ උද්දමනය 1000% ක් වේවි නේ. බොරු තර්ක ඕවා. සක් සුදක් සේ පැහැදිලි ඇත්ත පවා බොරු කරන්න හදන්න එපා. (නදී)
ජාත්‍යන්තරය මේවාට ගාව ගන්න එපා (දී)
අන්තිමේ මොකක් වෙයිද (දී)
පක්ෂය තුළ සිටියදී ඉන්න වෙලා තියෙන්නේ කසාය බීපු ගොළුවන් වගේ. (නි)
චම්පික මහත්තයා අපරාදේ පොත් ලියන්න මහන්සි ගන්නේ. සිල්ලර දේශපාලන සටන්පාට වලින් එහාට ගිය දැනුමක් නැති කොච්චර ප්‍රතිශතයක් ජනතාව ලංකාවේ ඉන්නවාද කියලා මේ අදහස් වලින්ම තේරෙනවා. (නදී)
පැන යන මුවන් දැක නොහලන් නෙලූ පලා කිවුවලු (නි)
අධිවේගී මාර්ග වලින් පමණක් නෙමෙයි, ගමේ පාරට තාර දමන කොන්ක්‍රීට් ටිකටත් වෙන්නේ ඔච්චර තමයි. (නි)
ස්වර්ණපාලි, ඇස්තමේන්තුවක් හදද්දී මිල උච්චාවචනය ගැන සළකනවා, නමුත් ඒ ගණනය කරන්නේ සීමිත කාලපරාසයකට. මෙය නැවතිලා තිබ්බිච්ච වියාපෘතියක්. (නදී)
රේණු , ආණ්ඩුව ඇතුලේ ඉන්නකොට කිව්වත් සෑම කටයුත්තකම අවසාන තීරණය ඇත්තේ මෙතුමා අතේද ? අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස තිබෙන තැනක එසේ කරන්න පුළුවන්. (නදී)
ආණ්ඩු පක්ෂය ඇතුලේ තැන තියෙන්නේ අට පාස් අයගේ අදහස් වලට මිසක් උගතුන්ගේ අදහස් වලට නෙවෙයි කියල රේණු මහත්මිය දන්නේ නැද්ද ? (නදී)
මහත්තයෝ, ඔය ටික කියන්නද මෙච්චර කල්ගත්තේ? (නි)
රබර් බෝලයක් හැමදාම දියේ හංගන්න බැහැ. උඩට මතුවෙනවාමයි. ඔය හැම ඇමති කෙනෙක්ගෙම හදවත සැබෑ සත්‍ය දන්නවා. ඔබ දැන් පතාක යෝධ චරිතයක් වී හමාරයි.අවැසි මොහොතේ ගත් තීරණය සියල්ල කැපකොටයි ගත්තේ. ඔබට සදා ජය ඇමතිතුමනි. (නි)
9 වෙනිදා වෙද්දී අපි ආදරය කළ ඔබතුමා පත්වෙන තත්ත්වය ගැන අපිට ලොකු කණගාටුවක් තියෙන්නේ. නමුත් ඒක තමයි අවසානයේ සිදුවන යථාර්ථය.එදා තිබුණු ජනපදනම අද හෙළ උරුමයට නැහැ.කරුණාකරලා නැවත එන්න.මහින්ද මහත්තයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඔබතුමන්ලාට පිළිගන්න පුළුවන් දෙයක් වන බව මට විශ්වාසයි.ඒක ඉටුවන ප්‍රකාශයක් වේවි අනිවාර්යයෙන්. ඔබතුමා අපිට අවශ්‍යයි. මහත්තයෝ, තීරණයක් ගන්න ඉක්මනින්. (නි)
කනිෂ්ක.. දැන් අපි පිළිගන්න ඕනේ ආණ්ඩුවේ ඉදන් කියපුවද.. දැන් කියන ඒවාද? (අ)
ඔබතුමාලගේ කෝන්තර වලට අපේ රට පලිද? එදා ඔය ටික කියන බැරි උනේ මොකද? (නදී)
අපි ඉන්න රටේ ඉන්ධන මිල ලංකාවේ ඉන්ධන මිලට වඩා හරිම වැඩියි. මේ රටේ කොච්චර වැඩිකළත් එක මිනිහෙක් සද්ද නඟන්නේ නැහැ. (නි)
සත්‍යය නොතේරෙන, නොපෙනෙන අය අප රටේ තව කොච්චර ඉන්නවද? (නි)
මහත්තයෝ, ඔබ ඉංජිනේරුවරයෙක් නේද? ඒ දැනුමට පටහැනි දේවල් කරන්න නම් එපා (නි)
වත්ත බද්දට දීලා ඇස්සට දත නියවන්න එපා (නි)
ලංකාදීප තෝරා බේරා නේද අදහස් දාන්නේ , යහ පාලනය. (ස)
විකාර නැතුව ගම්මන්පිල මහත්තය වගේ එන්න මහත්තයෝ (නි)
හේමන්ත, මම ඔබ සමඟ එකඟයි. ගොඩක් දෙනෙකුගේ උත්තර කොහෙද යන්නේ මල්ලේ පොල් කියනවා වගේ. (නි)
කැටවල මහත්තයෝ, ඔයා වගේම පිටරටවල යුරෝපයේ ලෝකය පිළිගත් රක්ෂාවල නිරතවෙලා හිටි අය තව ඕනෑතරම් ඉන්නවා. ඔයාගේ අභියෝගයෙන්ම තේරෙනවා එක්කෝ ඔයා පැහැදිලිවම කඩේ යනවා, එහෙම නැත්නම් බුද්ධිමතුන්ට නිග්‍රහ කරන එක සිරිතක් කරගත් කෙනෙක්. (නි)
දෙපැත්තේම කාරණා බොහොමයක් ඉදිරිපත් කළත් අන්තිමේදී මේ කරුණු උපයෝගී කරගනිමින් පැහැදිලිවෙන චිත්‍රය කුමක්ද? ඔබට තීරණය පහසු වේවි. කිසිවෙකුට බොරු යැයි කිවනොහැකි චෝදනා තිබේද? සිතා බලන්න.සෑම චෝදනාවකටම පිළිතුර දෙනවා වෙනුවට අනෙකාට ඇඟිල්ල දිගුකිරීමට සිදුව ඇත්තේ ඇයි? (නි)
බන්දුල කියනවා වගේ චම්පික ඒගොල්ලන්ට අත්‍යවශ්‍ය බව අපි කවුරුත් දන්නවා. (නි)
ලංකාවේ ඉංජිනේරුවරයෙක් කියන්නේ හොඳ සමාජ අවබෝධයක් ඇති, දැනුම පුළුල් විද්වතෙක්. දැනුම විකාශනය කාටවත් සීමාකළ නොහැක. දක්ෂයාට ඕනෑම දෙයක් කළහැකිවා මෙන්ම ඇත්ත කීමට පුළුවන. නඩරාජා, ඔබ එක තැන පල්වෙන කෙනෙක්. ඔබට දැක්මක් නැහැ. ළඟ පෙනෙන අයෙකි. රටට ජය! 9 වෙනිදාට ශ්‍රී ලංකාවට අලුත් ඉරක්. (නි)
රටේ ආර්ථිකය මේ තත්ත්වයට ඇදදැමුවේ සාමාන්‍ය ජනතාව නොවෙයිනේ ඉතින්! (නි)
එහෙම බලද්දී ත්‍රීරෝද රථ රියදුරන්ට, යතුරුපැදිකරුවන්ට මොනතරම් අසාධාරණයක්ද වෙන්නේ? (නි)
ඔබතුමා කියන දේවල් අගය කරනවා .මාර්ග ගැන කියන කතාව නම් හරියටම හරි. ඔබගේ දැනුම අගය කරනවා (නි)
සත්‍යය තේරෙන අය නියම තීරණය ගන්නවාමයි (නි)
මේ දේවල් ජනතාව තේරුම්ගත යුතුයි. (නි)
පක්ෂය තුළ සිටින අයට ඉන්න වෙලා තියෙන්නේ කසාය බීපු ගොළුවන් වගේ (බ)
චම්පික මහත්තයෝ, ආණ්ඩුවේ ඉන්නකොටම කිව්වා නම් ඔය කතාව කොච්චර අගෙයිද? දැන් මොනවා කිවුවත් අපිට පිළිගන්න හිතෙන්නේ නැහැ (නි)
රටට ආදරය කරන කෙනෙක් (නි)
ආර්ථිකය ගැන මම දන්නේ නැහැ. ඒත් මම දන්නවා තිස් වසරක යුද්ධයක් ජයගත් බව. ආර්ථිකය පසුවට වුණත් දියුණු කරගන්න බැරිකමක් නැහැනේ (නි)
කරුණාරත්න,අපි නම් ඉස්සර කාලයටත් වඩා දැන් බියෙන් සැකයෙන් තමයි ජීවත්වෙන්නේ. රුපියල් 5000ට මිනීමරන කාලයක් මේ (නි)
චම්පිකලා හොර නම ගාව ගත්ත අය නෙවෙයි. ආණ්ඩුවේ ඇමතිකම් දරද්දි ආණ්ඩුවේ වැරදි කතා කරන්න බෑ. ආණ්ඩුවේ ඉන්න කිසිම ඇමතිවරයෙක් ප්‍රසිද්ධියේ ආණ්ඩුවේ වැරදි කියන්නේ නෑ. ඔවුන්ට සීමාවන් තියෙනවා. නමුත් එළියට ඇවිල්ලා කතා කරන්න පුළුවන්. මේවගේ උගත්තු බුද්ධිමත්තු තමයි දේශපාලනේ ඉන්න ඕනා. නමුත් අවාසනාවකට ඉන්නේ කුඩුකාරයෝ මැරයෝ මිනී මරුවෝ (නදී)
පසුගිය අවුරුදු 3-4 ඇතුළත නීතියට කුමක්ද වුණේ? එහෙම නැහැ කියන්න පුලුවන්ද හදවතට එකඟව. (නි)
ඇත්තටම මහත්තයා, ඔයා එදාද ඇත්ත කතා කළේ? නැත්නම් අදද? (නි)
හේමන්ත, ඔබ හරියට හරි. මෙතන කියලා තියෙන්නේ ත්‍රීරෝද අධිවේගයේ දමන්න කියලා නෙමෙයි. මේ කරන වංචා නිසා ලොකු පොඩි බේදයක් නැතුව හැමෝටම විපාක විඳින්න වෙනවා කියන එකයි. එතුමා උගතෙක්. අවාසනාවකට මේකේ සමහර අදහස් දාලා තියෙන අය වැස්සකටවත් ඉස්කෝලේ ගියේ නැති අයද කොහෙද. (නි)
අවුරුදු 2 කට පෙර යතුරුපැදි ආදායම් බලපත්‍ර ගාස්තුව තිබුනේ රුපියල් 320 ට. ඒකත් දැන් කීයක් වෙලාද? (නි)
හුස්ම ගන්නවාටත් බදුගෙවන කාලයක් ඉදිරියේදී උදාවෙන්න බැරි නැහැ (නි)
මේ තරම් පැහැදිලිව පෙන්වා දීලත් තේරුම්ගන්න ශක්තියක් නැති අයත් ඉන්නවනේ. (නි)
ඔබ කර ඇත්තේ ඉතා හොඳ කතාවක් (නි)
යහපාලනය කියලා කා එක්කද එකතු වුණේ? (නි)
දැන් යුද්ධයක් නැහැ.දැන් තියෙන්නේ සුද්දය.හැමදාම යුද්දය වවන් කන්න නැහැ.රටේ ඉන්න හැමෝම මැට්ටෝ නෙමෙයි.(අ)
ඔබතුමා සුදුසු තැනට එන්න (නි)
නාරද, පසුව කියන්නේ කවදද? එතකන් මොකද කරන්නේ? හොරකමද (අ)
අපි ජීවත්වෙන්න යුද්ධයක් කරනවා. මේ පාරවත් වෙනසක් වෙනවා නම් හොඳයි. (නි)
ඔබ තුමන්ලා ඔය තරම්. රටට අදරෙයිනම් , අර සජිත් මහත්තයත් , උදය මහත්තයත් දෙන්නා කියපු ගිවිසුම් මුළු රටටම විනිවිද බාවයෙන් පෙන්වන්න.(හේ)
හුස්ම ගන්නවත් බැරි කාලයක් මීට අවුරුදු 7-8 කට කලින් තිබුනා කියලා නම් අපිට මතකයි. බදු ගෙවලා හරි කමක් නැහැ හුස්ම ටික ගන්න තියෙන එක ඇති (නි)
ආණ්ඩුව මොන කතා කිව්වත් දුෂණය ගැන කියද්දී නම් කට උත්තර නැහැ. (නදී)
ඒ කියන්නේ ත්‍රී වීල් වලට අධිවේගේ යන්න දෙන්න කියල ද.නාස්තිය දුෂණය කියන්න මම දන්නේ නැහැ.දුෂණය හොරකම හැම තැනම තියනවා.ඔය කවුරු ආවත් නැති වෙන්නේ නැහැ.අවම කරන එක හොදයි.එත් මේ වෙලාවේ ඔබ එකතු වෙලා ඉන්න කට්ටිය එක්ක කැමැත්තක් නැහැ.රටේ පේන සංවර්ධනයක් තියනවා.ඒක නැහැ කියන්න බැහැ.මාත් අවුරුදු 22ක් හමුදාවේ සිටි කෙනෙක්.දැන් බයක් නැතුව ඕනි දිහාව යනවා මොන ප්‍රශ්න නැති වුණත් තිබුනත්.(හේ)
පැටළී ඇත්තේ මහත් අවුල් ජාලයක බව පෙනෙනවා. ඔබ හිතට විරුද්ධව කතා කරන බවත් අපට තේරෙනවා. ඔබ යන ගමන දෙස බලන අපට ඔබ කියන දේ ගැන සිතන අපට ඔබ ගැන තීරණයක් ගන්නට ටිකක් කල් ගතවෙනවා. (නි)
චම්පික මහත්තයෝ, ත්‍රීරෝද රථ, යතුරුපැදි අධිවේගයේ ගමන් කිරීම තහනම් තමයි. එහෙම කියලා පෙට්‍රල් හෝ ඩීසල් ලීටරයක් වාහනයට ගහද්දි එයාල ගෙන් අඩුවෙන් අයකරන්න විදියක් නෑ. ඔබ වැනි බුද්ධිමත් අයෙක් මේවගේ කථා කරන්නෙ කොහොමද?(හේ)
ඔබතුමා කවදත් හොඳ කෙනෙක්. මම සුබ පතනවා ඔබට. ඔබ හොදට ඉගෙනගත් කෙනෙක්. මටත් ඔය පොත ගන්න ඕනෑ. කොහෙද ගන්න තියෙන්නේ. (නි)
"කොටි" සහ" යුධ අපරාධ" කියන්නේ සමහරුන්ට නම් හිඟන්නාගේ තුවාලය වගේ (නි)
අධිවේගී මාර්ගවල යතුරුපැදි, ත්‍රිරෝද රථ යන්න ගියොත් නියමෙටම තියෙයි (නි)
නාරද සමඟ මමත් එකඟයි (නි)
ඔබතුමාගේ පොත කියවීමට උනන්දුවෙන් සිටිනවා. (නි)
අනේ මේ ජිනදාස, මොළේ නැහැ කියලා පෙන්වන්න එපා. පෙට්‍රල් ඩීසල් වල බදු වැඩි එක අඩු කරන්න ඕනෑ කියලයි අපි කියන්නේ. (නි)
චම්පික මහත්තයාගේ කතාව නම් ටිකක් පුදුමසහගත එකක් මට. (නි)
නිහාල්, ඔබ හරි (නි)
ප්‍රසන්න, ඔබ තව හොඳට බලන්න. ඔබට යමක් තේරුම් ගන්න පුළුවන්. තව පොඩ්ඩක් හිතන්න. (නි)
අදහස් දක්වන අය ආර්ථික විද්‍යාව පිළිබඳ හරියටම දැනගෙන කතා කරන්න කියලා මම කියනවා (නි)
ජිනදාස මත්තයාගේ මොළයේ තරම දැකලා මට අයියෝ ජිනදාස කියලා හිතෙනවා. (නි)
චම්පික මහත්තයෝ, මම මෙතෙක් කල් ඔබතුමාට බොහොම ගරු කළා ඔබතුමාගේ උගත්කමට, නිර්භීතකමට, චතුර බවට. ඒත් චම්පික මහත්තයෝ, ඔබත් දැන් වෛරයේ දේශපාලනය කරනවා කියලා හිතෙනවා අපිට. එසේ නම් කණගාටුයි ඔබ ගැන. (නි)
කස්තුරි.අදිවේගී මාර්ගයේ එක අඩියකට ලක්ස 28 කියල පැහැදිලි භාෂාවෙන් කිව්වොත් තේරෙනවද?මොන මෝඩයද විස්වාස කරන්නේ.මෝඩ කතා කියන්න එපා මනුස්සයෝ. (අ)
බන්දුල , චම්පික රණවක කියන්නේ උගතෙක්. උගතුන්ට හැමදාම තනතුරක් නිසා කසාය බීපු ගොළුවා වගේ ඉන්න ගමන් නුගතුන් පිනුම් ගහන සභාවල රැඳෙන්න බැහැ. (නි)
මෙන්න නියම කොන්දක් තියෙන අපේ කාලයේ බුද්ධිමත් නායකයෙක් වෙන චම්පික මහත්තයා. මගේ පුද්ගලික විස්වාසය නම්, මෙතුමා ඊළඟ ආණ්ඩුවේ අගමැති විය යුතුයි කියලා.අලුත්ගම ප්‍රශ්නෙදි සිංහල මිනිස්සු ගැන ඇත්තටම හොයලා බැලුවේ මෙතුමා විතරයි. චම්පික මහතාණෙනි, ඔබට ජය..!!(හේ)
ප්‍රංසයේ උසස් ප්‍රමිතියට අනුව මංතීරු 6 ක අදිවේගී මාර්ගයක් හදන්නවත් මේ තරම් ධනස්කන්දයක් වියදම් වෙන්නේ නැහැ. (අ)
1970 න් පසු යහපාලනයක් ,හොරකම දුෂණය නැති රජයක් තිබුනේ කවදාද කියලා මතක තියනවද කාට හරි? පක්ෂ දෙකම එකම කාසියේ දෙපැත්ත වගෙයි. අපි හැමදාම රැවටෙන ජාතියක් (නි)
"ආණ්ඩුවේ ඉන්නකොටම කිව්වා නම් ඔය කතාව කොච්චර අගෙයිද?" මෙහෙම කියන අය කියන්නේ අවන්කවම නම්; උත්තරය: ආණ්ඩුවේ හරි ඇමති මණ්ඩලයේ හරි ඉන්නකොට සාමුහික වගකීමට සදාචාරත්මකව හැමෝම බැඳිලා ඉන්න ඕනි. නායකයාගේ හැම වැරද්දටම රන්ඩු කරගන්න බැහැ. හැබැයි සීමාව ඉක්මවා යනවනම්, ඉවත් වෙලා සටන් කරන්න ඕනි. (හේ)
මම ප්‍රවෘත්තිය වගේම අදහසුත් කියවනවා. මෙතන එක කට්ටියක් කියනවා පාලනය දූෂිතයි, නමුත් අපි මෙහෙම ඉඳිමු. මොකද එන අනෙක් අයත් දුෂිත විය හැකි නිසා කියලා. මොකද මේ උදවියට තේරුම් ගන්න බැරි දුෂණය රජ කිරීමෙන් තමන්ගේ පීඩනය වැඩිවෙනවා කියලා. (නි)
නියම කතාව දැන් තමයි කියවුනේ.(හේ)
ආසියාවේ ඉන්දන මිල අඩු රට අපේ රට.(හේ)
අධිවේගී මාර්ගයේ ත්‍රීරෝද විතරක් නෙමෙයි, බයිසිකල්, කරත්තත් යවමු. . අධිවේග හදන්නේ වාහන වලට ඉක්මනට යන්න. අරවගේ වාහන පාරේ යනකොට ඒ පරමාර්ථය ඉෂ්ට වෙන්නේ නැහැ (නි)
කිසිම අවබෝධයක් නැතුව ඉන්න කොටසකට මොනවා කිවුවත් තේරුම් ගන්න බැහැ. එහෙත් යම් විශ්ලේෂණයක් කළහැකි මෙවන් බුද්ධිමතෙක් රටට හෙළිකරන දෙය ඔලුවට අරගෙන අඩු තරමේ මේ කියන්නේ ඇත්තද නැද්ද කියා ඒ ගැන සොයා බලා, රටට ආදරේ නම් අපේ අනාගත දු දරුවන් වෙනුවෙන් ඔවුන් සමඟ එකට එකතු වී වැඩ කරමු. නේද!! (නි)
දැන් ඉතින් මෙහෙම කතා කියනවා! (නි)