ඉහළ රාජ්‍ය නිලධාරීන් සම්පූර්ණ යුරෝපීය ඇඳුම ඇඳීම අනිවාර්ය කරමින් හිටපු ජනාධිපතිවරයකු විසින් නිකුත් කරනු ලැබ ඇති චක්‍රලේඛය තමා අහෝසි කර බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

රාජ්‍ය සේවයේ ඉහළ නිලධාරීන් මින් ඉදිරියට අත්‍යවශ්‍ය අවස්ථාවකදී හැර ටයි පටිය හා කබාය සහිත නිල ඇඳුම ඇඳීම අනිවාර්ය නොවන බව ද ජනාධිපතිවරයා කීවේය.

සිරිසේන මහතා එලෙස පැවසුවේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ අද පැවැති උත්සවයකට එක් වෙමිනි.  රාජ්‍ය අංශයේ ඉදිකෙරෙන නව ගොඩනැගිලි සඳහා හරිත මාර්ගෝපදේශ සංග්‍රහය හා අගැයිම් ක්‍රමවේදය එළි දැක්වීමට මෙම උත්සවය පැවැත්විණි.

‘පහුගිය දෙසැම්බර් 31 වැනි දා මම  පොලොන්නරුවේ වාර්ෂික පිරිත් පිංකමට ගියා. මම යද්දි රෑ 11 ට විතර ඇති. එතකොටත් අපේ ප්‍රාදේශීය ලේකම්තුමා ටයි එකක් එහෙම දාගෙන පිරිත් අහනවා.  මම ඇහුවා රෑ වෙලා නේද? ටයි එක එහෙම දාගෙන මොකද කියලා. මම නම් හිතන්නේ එතුමට අර චක්‍රලේඛය බලපාන්න ඇති.‘ යැයි ද ජනාධිපතිවරයා කීවේය.

RDS_1018 RDS_1045 RDS_1060