
(ටී.කේ.ජී.කපිල)
ශ්‍රී ලාංකිකයන් යුරෝපා රාජ්‍යයන් වෙත පළා යෑම සදහා භාවිතා කරන නවතම ක්‍රමයක් අනාවරණය කර ගැනීමට කටුනායක ගුවන් තොටුපළ තුළ සේවය කරන ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් සමත් වී තිබේ.
බොහෝ යුරෝපා රටවල තානාපති කාර්යාල සහ එම නිලධාරීන් ශ්‍රී ලංකාව තුළ නොසිටින අතර ,ඔවුන් ඉන්දියාව තුළ සිටිමින්, ශ්‍රී ලංකාවට අදාළ සිය රාජකාරී කටයුතු ද සිදු කරමින් සිටිති.
මෙම අවස්ථාව යොදා ගනිමින් ඉන්දියාව වෙත ගමන් ගන්නා ශ්‍රී ලාංකිකයන්, එහිදී තැරැව්කරුවන් මගින් ව්‍යාජ තොරතුරු ඇතුළත් කර කූඨ ලෙස වීසා බලපත්‍ර සකස් කර ගෙන , ඒවා මගින් යුරෝපා රටවල් වෙත පළා යෑම මෙම නවතම ක්‍රමයයි.
ඒ අනුව එවැනි කූඨ ලෙස සකස් කළ මෝල්ටා රාජ්‍යයේ වීසා බලපත්‍රයක් සහිතව ඉන්දියාව වෙත ගමන් කිරීමට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි ශ්‍රී ලාංකික තරුණයකු අත් අඩංගුවට ගැනීමට කටුනායක ගුවන් තොටුපළ පිටත්වීමේ පර්යන්තයේ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් කටයුතු කර තිබුණි.
ඔහු දෙහිවල ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි තරුණයෙකි .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යකෝ කූට හරි මොන මගුලක් හරිහදාගෙන යන්න දීපියවු. ඔය මිනිස්සු රට ඇරල අමාරුවෙන් හරි යන්නෙ, බැරිම තැන.
වීසා එකක් හොරට හැදිය නොහැක. එහෙම කලේ වීසා සීල් ගහපු කාලේ. දැන් වීසාවල ජීවදත්ත (බයෝඩේටා) මිනි චිප් එකකත් අනෙක් වැදගත් තොරතුරු කිව් ආර් කෝඩ් එකකත් අඩංගුයි. ගොඩක් වීසා අදාල එම්බසියේ ඇතුලෙන්ම දත්ත වෙනස්කර හැදෙනවා විවිධ ආකාරයට. ඉන්පසු ආගමන විගමනේද උදව් ඇතිව ලංකාවෙන් පිටවෙනවා. මෙවැනි ගමන්වලදී ට්‍රාන්සිට් නැතිව ඩිරෙක්ට් යන තරමට හොදය.
මොන දුකක් විදල හරි හොඳ රටකට ගිහින් ජීවිතේ හදාගන්ට කොල්ලො ට්‍රයි කරන්නෙ මෙ හරක් ඒකට ඉඩක් දෙන්නෙත් නැහැ ,අරගල කොරල හොරු පන්නන්ට හැදුව එකත් කෙලවුන පුදුම රටක් ඕයි.
පනින ක්‍රමය නෙමෙයි ඇයි පනින්නේ කියලා හොයපල්ලා
ඩොලර් ගෙන්නලු, යන්න දෙන්නෙත් නෑ ...
මොල්ටා කියන රටෙවීසා ස්ටිකර් එක හොරට ප්‍රින්ට් කරල ගහල ට්‍රන්සිට් ෆ්ලයිට් වලින් යන එක 2002 කාලෙත් තිබ්බ පරන ක්‍රමයක්. දුර ගමන් යන ෆලයිට් වල ට්‍රාන්සිස්ට් වෙන රටට ට්කට් අරන් සුද්දෙක් හොරට දාල ට්‍රන්සිට් රටෙදි හොර ස්ටිකර් ගහපු පාස්පෝට් එක මාරු කරගෙන බහින සීන් එක දන්නෝ දනිති.
ඉතින් පැනපුවාවේ රටට හොදක් රටේ ජිවත් වෙන්ඩ ඔය අල්ලන එවුන් දෙනවද අනිත් එවුන්ට ජිවත්වෙන්ඩ සල්ලී. අල්ලපියව් ඔය රටේ මහා හොර හැත්ත
ඉන්න දෙන්නෙත් නැහැ යන්න දෙන්නෙත් නැහැ. ඔතන ආගමන විගමන එවුන්ට අත මිට මොලවපු ගමන් අලියෙක් වුනත් යවනවා. ගුවන් සේවා සමාගමේ වනචර දශකයේ හිටපු අධ්‍යක්ෂක ශාලිත විජේසුන්දර මාට්ටු වුනේ LTTE කාරයන්ගෙන් සල්ලි අරන් ප්ලේන් එකට දාද්දි.
මොන මගඩියක් කරලා හරි මේ නරා වලෙන් පැනගන්න වෙරදරන අයට වල කපන්නේත් මේ රටේ නරුමයින්ම තමයි. හැබැයි මේ නරුමයින්ගේ අතට ගානක් දුන්නා නම්, ඕනෑම ජරාවැඩක් කරන්න උදව්කරයි. ඔය පැනගන්න හදන හැමකෙනාම කොහේ හරි රටකට පැනගෙන කඹුරලා මේ නරාවලේ නරුමයින්ගේ පැවැත්මට ඩොලර් තමයි එවන්නේ. අනෙකාගේ මග අහුරලා මහා ලොකු වැඩක් කලයි කියලා සතුටු වෙයල්ලා නරුම මිනිසුනේ...!!
හොරෙන් හරි යන්නේ මොකද කියලා හොයපල්ලා .එච්චරටම රට දැන් හොඳයි
යකෝ මොන විදියකට හරි යන එකෙකුට යන්න දෙන්න ඕනෙ. අඩු තරමෙ ඌ හරි ගොඩයයි. කොහෙද ඉතින් අපේ උන්, මේකෙ ජීවත් වෙන්නත් නෑ වෙන තැනකට යන්නත් නෑ. අනේ කාලෙ වනේ වාසේ කිව්වලු
මෙතන වෙලා තියෙන්නේ ඉන්දියන් කාරයෙක් ලංකාවේ අහිංසක මිනිස්සුන්ව රවට්ටලා අමාරුවේ දාපු දෙයක්. ලංකාවේ මිනිස්සුන්ගේ අසරණ කමින් පිටරට එවුනුත් ප්‍රයෝජන ගන්නවා. යනවා නම් විශ්වාසවන්ත ක්‍රමයකට යන්න...
යන්න දෙන්න එපා එකෙකුටවත්... මේ රටේ මොන අඩුවක් පාඩුවක් කියලද මුන්ට මොන කසිල්ලකටද මේ රැල්ලකට අහුවෙලාවගේ රට යන්න දගලන්නේ?මේ රටේ 100% ක් නීතිය ක්‍රියාත්මක වෙනවා.. හැමෝටම බය නැතිව නීතිය ඉදිරියට ගිහින් සර්ව සාදාරනය ඉෂ්ට කරගන්න පුළුවන්.. රස්සා ඕනේ තරම්... සාදාරන වැටුප්.. අඩුම මිලකින් පහසුවෙන් ජීවත්වෙන්න පුළුවන්.... නායකයන් ආදර්ශයක් විදියට සරලව ජීවත්වෙනවා... අනාගතේ සුරක්ෂිතයි.. මුන්ට පිස්සුද රට යන්නේ... ගුවන් තොටුපල නිලදාරීන්ට උපහාරයක් පුදනවා
මොන මගුලක් මාර්ගයෙන් හරි වුන්ට යන්න දිපියව් . වුන් යන්නෙ රටට ඩොලර් සොයන්න . කුහකයින් වෙන්න එපා.
ඩයනා ගමගේ ඇමතිතුමියට හා විමල් වීරවංශට මේ නිතිය නැහැ
දෙමළ ඩයස්පෝරාවේ සල්ලි වියදම් කර දෙමළ ජනතාව මේ විදිහට රටින් පනින්නේ බටහිර රටවල්වල නිලධාරින් හට පගාව දීලා...
කොහොම හරි මේකෙන් එළියට පනින්න... හිඟාකන්න වුණත් කමක් නැහැ. මේ වලෙන් ගොඩට පලයල්ලා... මෙයාලා කැමැති මෙයාලාටම සෙට්වෙලා මේ ගොල්ලොත් එක්ක ඉන්නවට..