(ටී.කේ.ජී.කපිල)

යුරෝපා සංචාරය නිමා කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද  උදෑසන යළි දිවයිනට පැමිණි බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා සනාථ කළේය .

ජනාධිපතිවරයාගේ පැමිණීම වෙනුවෙන් අද දින අලුයම 05.30 සිට කටුනායක ගුවන් තොටුපොළ තුළ සහ ඒ අවට ප්‍රදේශයේ ද සහ කොළඹ - කටුනායක අධිවේගී මාර්ගය අවට ප්‍රදේශයේ ද දැඩි ආරක්ෂාවක් යොදවා තිබූ අතර , ඒ සදහා පොලිස් නිලධාරීන් මෙන්ම ශ්‍රී ලංකා ගුවන් හමුදා නිලධාරීන් ද යොදවා තිබුණි .