IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


යුරෝපා ගුවන් ගමන් දිගටම

සුරිච්, මිලාන් හා රෝමය ඇතුළු යුරෝපීය ගමනාන්ත සඳහා වන ශ්‍රී ලංකන් ගුවන් ගමන් නියමිත කාල සටහන අනුව දිගටම සිදුවන බව එම සමාගම කියයි. ඉන්ධන මිල හා නඩත්තු ගාස්තු ඉහළ යාමත් සමග යුරෝපා ගමන් තාවකාලිකව නතර කිරීමට කලින් ගත් තීරණය අවලංගු කළ බවත් දැන් සුපුරුදු පරිදි මිලානෝ හා රෝමයේ ශ්‍රී ලංකන් ටිකට් කාර්යාලවලින් එරට ශ්‍රී ලාංකිකයනට හා වෙනත් අයට සිය ගමන් බිමන් සඳහා පහසුකම් සලසා ඇති බවත් ශ්‍රී ලංකන් ගුවන් සේවය පවසයි.



අදහස් (0)

යුරෝපා ගුවන් ගමන් දිගටම

චින්තක Wednesday, 25 April 2012 01:59 AM

යුරෝපයේ ජීවත්වෙන සමහර අයට ලාංකික හැගීමක් නැහැ, යුරෝ 10 යේ ලාබයට අරාබි රටවල් හරහා දුක් විදගෙන ලංකාවට එන්නේ.

:       0       0

පී.කුරුප්පු Wednesday, 25 April 2012 02:16 AM

නියම වෙලාවට ගුවන් ගමන් ආරම්භ කරලා සියළු දෙනාට හොද සේවයක් කළොත් පාඩු වෙන්නේ නෑ. ලාභ ලබන්න පුළුවන්.

:       0       0

ප්‍රසන්ග Wednesday, 25 April 2012 07:46 AM

ශ්‍රී ලංකන් එයා ලයින් එකෙන් යුරෝපයට යන්න තියෙන මිළ ගණන් ගොඩක් වැඩියි. ඒ නිසා ශ්‍රී ලාංකිකයො පවා යන්නේ ඉන්දියන් ගුවන් සේවා වල. මේ ගැන අවධානය යොමු කළොත් හොදයි නේද?

:       0       0

කල්‍යානි(මිලානෝ) Wednesday, 25 April 2012 10:11 AM

ලාංකිකයො ගොඩක් දෙනෙක් එයාර් ලංකා එකෙන් යන්න අකමැති වෙන්න හේතු වෙලා තියෙන දුර්වලතා ඉක්මනින් හදා ගත්තොත් හොදයි නේද?

:       0       0

ජනක Wednesday, 25 April 2012 10:57 AM

හ්‍රී ලංකන් එයා ලයින් එකේ අපේ ලංකාවේ අයට සලකන විදිය මම නම් අනුමත කරන්නේ නෑ

:       0       0

කේ.මෙන්ඩිස් Wednesday, 25 April 2012 11:22 AM

යුරෝ 10 යේ ලාබයට අරාබි රටවල් හරහා ලංකාවට යන්නෙ නැහැ.ශ්‍රී ලංකන් එයා ලයින් එකෙන් යුරෝපයට යන්න තියෙන මිළ ගණන් ගොඩක් වැඩියි.(යුරෝ 200/300)අනික අරාබි රටවල් හරහා යන ගුවන් සේවා ශ්‍රී ලංකන් එයා ලයින් එකට කලින් ලංකාවට එන්නේ.මේ දේවල් ගැනත් අවධානය යොමු කළොත් හොදයි.

:       0       0

එල්.එච්.විජේසිංහ Tuesday, 24 April 2012 02:16 PM

මේ ගමන් වලින් පාඩු වෙන්න බැහැ හැමදාම යන්න එන්න සෙනග ඉන්නවා කරන්න තියෙන්නේ යන එන ශ්‍රී ලාංකිකයින්ට හොදට සලකන එකයි ඒ හන්දා ශ්‍රී ලාංකිකයින් හොදට සේවය කර අපේ ගුවන් ගමන් ආයතනය රැක ගමු ලාබ ලබන ආයතනයක් කරමු කල කිරිලා වෙනත් ගුවන් ගමන් ආයතනය කරා ගිය මගීන් නැවත ‍ගෙන්වා ගෙන මේ ආයතනය දියුණු කරමු

:       0       0

ඒ.පී.එස්. Tuesday, 24 April 2012 06:11 PM

මල්පෙන්සා ගුවන් තොටුපොලේදී ලංකාවෙ අයට සලකන හැටි නම් අනුමත කරන්න බෑ.ඒකට පිලියමක් යෙදුවා නම් මීට වඩා ලාංකිකයින් ශ්‍රී ලංකන් ගුවන් සේවය වෙත ගෙන්න ගන්න පුලුවන්...

:       0       0

සුනෙත් Tuesday, 24 April 2012 06:12 PM

අපිට අපේ ගුවත් සේවාව ගැන ආඩම්බරයි. මොකද ඒ අපේ දෙයක් නිසා. අපි අපේ දේ රැක ගත යුතුයි.

:       0       0

ඩී.සිල්වා Tuesday, 24 April 2012 07:05 PM

වෙනත් ගුවන් සේවාවල යන ජනතාවත් ශ්‍රී ලංකන් ගුවන් සේවයට අරන් අපේ ජාතික සේවය ශක්තිමත් කරන්න ඕනි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 303 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 200 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 998 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site