යේමනය තුළ සිරවී සිටින ශ්‍රී ලාංකිකයින් පිළිබඳව තොරතුරු ඇත්නම් දන්වන ලෙස විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි. ඒ පිළිබඳව 0112 323 015 යන දුරකථන අංකයට දැනුම්දෙන ලෙස රජය විසින් මෙලෙස ඉල්ලීමක් කරයි.
යේමනයේ පවතින දරුණු ගැටුම් හේතුවෙන් එරට රැකියා වල නිරත ශ්‍රී ලාංකිකයින් 120 දෙනෙකු පමණ මේ වනවිට එරට සිරවී සිටින බව වාර්තා වෙයි. පසුගිය දින කිහිපය තුළ විදේශ අමාත්‍යංශය විසින් මොවුන් බේරා ගැනිමට අවශ්‍ය පියවර ගත්තේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔවුන්ට ඉක්මණින් සියරට එන්න ලැබේවා! (නි)
මම යේමනයේ. අපි සියලුදෙනා මේ වෙනකොට සියලුම තොරතුරු ඕමාන තානාපති කාර්යාලයට දීල තියෙන්නේ. මොනවද මේ විහිළු. ඒ කියන්නේ මේ අය ආම දන්නේ නැතිද මේ දේවල්. එහෙනම් මොකටද අපි විදේස සේවා එකේ රේජිස්ටර් වෙන්නේ. අප කිසිවෙක් මේ වනතුරු අනතුරකට මුහුණපාල නැහැ. නමුත් කිසිම කඩිනම් වැඩ පිළිවෙලක් මේ වෙනකන් නැහැ. සන සහ ඇදෙන නගරවල තත්වය ඉතා දරුනුයි. එම නගරවල ඉන්න බොහෝදෙනා මේ නගරයට(හොදෙඉදහ්) එන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. (ස)
රට විරුවන් මිදේවා යුද ගැටුමින්... (ම)
අපේ රටේ කිසිම තානාපති කර්යයලයකවත් එම රටවලට ඇවිත් වැඩකරන අයගේ දත්ත නැහැ. හදිසියකදී එම රටින් යන්න ඕන වුනාම දෙලෝ රත්වෙනවා. (ස)