සිවිල් යුද ගැටුම් හේතුවෙන් යේමනයේ සිරවී සිටින 100කට ආසන්න ලාංකිකයින් පිරිසක් නිරුපද්‍රිතව එරටින් ඉවත් කර ගැනීමට ඉන්දියාව චීනය සහ ඉන්දුනීසියාව යන රටවල් සහාය පළ කැර ඇතැයි විදේශ නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා කියයි.මේ අතර යේමනයේ සිර වු ශ්‍රී ලාංකිකයින් පිරිසක් චීන ගුවන් යානයකින් සිකුරාදා එතියි බ්‍රිතාන්‍ය ගුවන් විදුලිය කියයි.
ඉන්දියාව මුහුදු මාර්ගය ඔස්සේ නෞකාවකින්ද,චීනය හා ඉන්දුනීසියාව ගුවනින්ද මෙම ලාංකිකයන් නැවත දිවයිනට ගෙන්වා ගැනීමේ කටයුතුවලට සහාය ලබා දෙන බවද එම රටවල් විදේශ කටයුතු අමාත්‍යංශයට දන්වා ඇතැයිද හෙතෙම පවසයි.
ශ්‍රී ලංකා රජය කළ ඉල්ලීමක් පිළිගනිමින් මෙම රටවල් මෙලෙස සහාය දක්වන බවද නියෝජ්‍ය ඇමැතිවරයා කියයි.
ය. මේ වන විට යේමනයේ පවතින යුද ගැටුම් නිසා එරට ශ්‍රමිකයින් ලෙස කටයුතු කළ ලාංකිකයින් හා අරාබි භාෂාව හැදැරීමට ගිය සිසුන් කිහිප දෙනකු
මෙලෙස යේමනයේ සිරවී සිටින ලාංකිකයින් 100 අතර වෙති. අද හෙටම මොවුන් දිවයිනට ගෙන්වන බව අජිත් පී පෙරේරා නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරයි.
රතු මුහුදත් ඒඩන් බොක්කත් සම්බන්ධ කෙරෙන බැබ් ඇල් මැන්ඩාබ් ඇළ මාර්ගය සම්බන්ධ වන පෙදෙසේ පිහිටි යේමන උපක්‍රමික අතින් මර්මස්ථානයක් යේමනයේ පිහිටියේය. ලෝකයේ තෙල් නැව් වැඩි ප්‍රමාණයක් එම ඇළ මාර්ගයේ ගමන් කරයි.
යේමනයේ යුද වැදී සිටින සියා (හවුතිස් ) කැරලිකරුවනට පහරදීම සඳහා සෞදි අරාබිය සුන්නි මුස්ලිම්වරුන්ගෙන් සමන්විත මුස්ලිම් රටවල් 10ක සහයෝගය ලබාගෙන සිටියි. පාකිස්තානය,ඊජීප්තුව,මොරොක්කෝව හා කටාරයේ පමණක් නොව අරාබි එමීර් රාජ්‍යයද යේමනයේ හව්ති කැරැලිකරුවන් හට පහර දීමට හවුල් වි සිටිතියි ඔවුන් බැබ් ඇල් මැන්ඩාබ් ඇළ මාර්ගය අල්ලා ගනිතියි ඊජිප්තුව හා සෞදි අරාබිය බියෙන් සිටියි.
හවුතිස් කැරැලිකරුවන් මරාගෙන මැරෙන තාලේ සටන්කරුවන්ගෙන් සමන්විතය.
යේමනයේ පාලක ඇබ්ද්‍රාබුහ් මන්සුර් හාඩ් ජනපති හවුතිස් නමින් හැදින්වෙන සියා කැරැලිකරුවන්ගේ ප්‍රහාර හමුවේ පෙබරවාරීයේදී සනා පෙබරවාරියේ පලාගියේය. අල්කයිඩා ත්‍රස්තයෝද මෙම සිවිල් යුද්ධයට මැදි වී සිටිති.
2025 දෙසැම්බර් මස 04
721
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
559
1
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
452
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
යේමන ගිය අය ගෙන්න ඉන්දු චීන අත
නිමල් Friday, 03 April 2015 10:24 PM
දැන්ද බය හිතුනේ? ලෝක දේශපාලනය ගැන දැනුමක් හා අවබෝධයක් තිබුනා නම් ,මෙය කලින් අවබෝධ කරගන්න තිබුණා. දැන් ප්‍රමාද වැඩියි (නි)
ඉසුරන්දි Sunday, 05 April 2015 03:27 AM
ඉන්දියාව චීනය වගේ රටවල් ඔය යේමන් සිවිල් යුද්ධය අවිලේද්දීමයි තම තමන්ගේ මිනිස්සු බේරගන්න මේ වැඩේට බැස්සේ.එකට අපේ රටේ උදවිය.(ම)
ලුෂ්පා Saturday, 04 April 2015 03:47 AM
ඉන්දියාවට සහ චීනයට තුති. නමුත් ඒ මිනිස්සුම කරනකම් බලාගෙන ඉන්නේ නැතුව පුළුවන් දෙයක් අපේ පැත්තෙනුත් කලානම් හොඳයි. අඩුම තරමේ ඉන්දියාවට වත් ගුවන් යානයක් යවන්න අපේ රටටම ගෙනත් දෙනකම් ඉන්නේ නැතුව. (නදී)
රවි Saturday, 04 April 2015 08:06 AM
දැන්තම සහය ගන්නේ,චීනේ ඒ රටවල මිනිස්සු සතියකට විතර කලින් ඉවත් කරගත්ත. (ස)
නන්දලාල් ෆ්‍රාන්ස් Friday, 03 April 2015 04:45 PM
ශ්‍රී ලංකාවේ ඉල්ලීම අනුව ඉන්දියාවත් චීනයත් මේ අවස්ථාවේදී අපට උදව් කිරීමට ඉදිරිපත් වීම ගැන අප මේ රටවල් දෙකට ස්තුති කල යුතුයි .... ඒ වගේම අප රටේ මැදිහත් බවත් මෙමගින් මොනවට පැහැදිලි වෙනවා. (ස)