IMG-LOGO

යාපනයේ සිසුවෙක් ශිෂ්‍යත්වයෙන් 198 ගනී

(සිතුම් චතුරංග සහ රොමේෂ් මධුෂංක)

යාපනය කොක්කුවිල් හින්දු ප්‍රාථමික විද්‍යාලයේ තමිල්සෙල්වම් ගජලක්ෂන් සිසුවා මෙවර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 198 ක් ලබා  ඉහළම සමත් වි ඇත.

ශිෂ්‍යත්ව විභාගයෙන් ඉහල ලකුණු ලබාගත් ගජලක්ෂන් ශිෂ්‍යාගේ මව ගුරුවරියක් වන අතර,පියා ව්‍යාපාරිකයෙකු ලෙස කටයුතු කරනු ලබයි.

සිය ජයග්‍රාහණය සම්බන්ධයෙන් අදහස් දැක්වූ තමිල්සෙල්වම් ගජලක්ෂන් සිසුවා මෙසේ කීය,

මම මහත් සතුටට පත්වනවා මේ ලබාගත් ජයග්‍රහනය සම්බන්ධයෙන්. ජයග්‍රාහණය වෙනුවෙන් උපකාර කළ මාපියන්ට හා ගුරුභවතුන්ට ප්‍රථමයෙන් මා ස්තූතිය පිරිනමනවා.

පැවති කොවිඩ් වයිරසය ව්‍යාප්තිය හේතුවෙන් ඉතා අසීරුවෙන් අධ්‍යාපන කටයුතු ගෙනගියේ. සූම් තාක්ෂණය හා අන්තර් ජාලය ඔස්සේ අධ්‍යයන කටයුතු ලබාගැනීමට කටයුතු කළ අතර  පාසලේ අධ්‍යාපනය ලබාදුන් ගුරුවරුන්ගේ ඉහළ කැපකිරීමක් කොට තමන් ඇතුළු සහෝදර සිසුන්ට අධ්‍යාපනය ලබාදුන් බවද පැවසීය.

අනාගතයේදී තමන් ඉංජිනේරුවරයකු ලෙස ජනතාවට හා රටට සේවයක් කිරීමට බලාපොරොත්තු වන බවද ගජලක්ෂන් සිසුවා වැඩිදුරටත් සඳහන් කළේය.



අදහස් (2)

යාපනයේ සිසුවෙක් ශිෂ්‍යත්වයෙන් 198 ගනී

Jagath Monday, 14 March 2022 07:29 PM

දක්ෂ දරුවෙක්..සතුටුයි..

:       0       45

කිරි පුතා Monday, 14 March 2022 08:01 PM

ඉගෙනගෙන රටට ආදරය කරන දරුවෙක් වුණා නම් එපමණයි. විෂ ඔළුවට දාගන්නේ නැතිව...

:       29       85

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 82 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 310 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 56 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site