යාපනය නගර සංවර්ධනය වෙනුවෙන් ලෝක බැංකුව ඩොලර් මිලියන 55ක මුදලක් වෙන්කර තිබෙන බව උතුරු ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා පැවසුවේය. ඒ මෙම මුදල් වැය කරමින් යාපන නගර සංවර්ධන ව්‍යාපෘතිය දියත් කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුකාර කර්යයාලයේදී අඟහරුවාදා 24 පැවති විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි.
සාකච්ඡාව සඳහ දෙමළ ජාතික සන්ධාන යාපනය දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එම්.ඒ.සුමන්තිරන්, මාවෙයි සේනාධිරාජා, ඊ.සරවනබවණ්, උතුරු පළාත් සභාවේ සභාපති සී.වී.කේ.සිවක්චානම් ඇතුළු නියෝජිතයින් පිරිසක් මෙන්ම යාපනය දිසා ලේකම් එන්.වේදනායගම් ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක්ද එක්ව සිටියහ.
මෙම සාකච්ඡාව සදහා සහභාගී වන ලෙසට උතුරු මහ ඇමති සී.වී.විග්නේෂ්වරන් මහතාටද ඇරයුම් කළද මහ ඇමතිවරයා එම විසදුම ප්‍රතික්ෂේප කරමින් ඊට සහභාගී නොවූ බව දෙමළ සන්ධාන ආරංචි මාර්ග සදහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලන්න අර මහා ඇමතිගේ එතනත් තියෙන්නේ කුහක කමනේ.(හේ)
ඔක්කොම යාපනයට! (නි)
ඔය දෙමළ සන්ධානය බලය ඇරෙන්න වෙන කිසිම දෙයක් කතා කරන්න කැමති නැහැ. අඩු ගණනේ පාරක් හදන්නවත්. (නි)
සංවර්ධනය කරලා ෆෙඩරලුත් දුන්නනම් ශෝක්! (බ)
යාපනේට පුදුම සැලකිල්ලක්නේ! (බ)