(සිතුම් චතුරංග)

යාපනය විශ්ව විද්‍යාලයේ සියලුම පීඨයන් හි අධ්‍යන කටයුතු අද (04) සිට නැවත දැනුම්දෙනතුරු වසා දැමීමට පියවරගත් බව යාපනය විශ්ව විද්‍යාලයේ පාලනාධිකාරිය පවසයි.

ඒ අනුව වෛද්‍ය පීඨයේ අවසන් වසර සිසුන්ට පමණක් විභාග සහ අධ්‍යන කටයුතු වල නිරතවීමට හැකිය.

නේවාසිකාගාරවල රැදී සිටින අනෙකුත් සිසුන්ට නිවෙස්වලට යන ලෙස දැනුම්දී  ඇති බව ද  විශ්ව විද්‍යාල පාලනධිකාරිය  කියයි.

යාපනය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය සී.සිරිසරගුණරාජා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවකින් අනතුරුව රටේ වත්මන් තත්වය හමුවේ මෙම තීරණය ගත් බවද විශ්ව විද්‍යාල පාලනාධිකාරිය පැවසීය.