යාපනය කියන්නේ ශ්‍රී ලංකාවේ උතුරු ප්‍රදේශයේ පිහිටි නගරයක් මිස වෙනත් රටක දකුණු ප්‍රදේශයේ පිහිටි නගරයක් නොවෙයි. මම යාපනයට ගියේ රහස් ගමනක් නොවෙයි. විවෘත සංචාරයක් යැයි ශ්‍රී ලංකාවේ චීන තානාපති චී සෙන්ග්හොංග් මහතා පවසයි.

මාධ්‍යවේදීන් පිරිසක් සමග පැවති සුහද සාකච්ඡාවකදී චීන තානාපතිවරයා පසුගියදා යාපනයේ සංචාරය කිරීමට හේතුව කුමක්දැයි මාධ්‍යවේදියකු විමසා සිටි අවස්ථාවේ දී තානාපතිවරයා මේ පිළිතුර දුන්නේය.