(ප‍්‍රදීප් කුමාර)
යාපනය අල්ලයිපිඩ්ඩි පල්ලියක් තුළ තිබී යුද හමුදාව භාවිත කරනු ලබන ජැකට්ටුවක් හා යුද හමුදා කමාන්ඩෝ බලකායේ සෙබළුන් භාවිත කරන ආකාරයේ ජල පුරවනයක් ඇතුළු භාණ්ඩ තොගයක් ආරක්ෂක අංශ මගින් සොයාගෙන තිබේ.
මෙම භාණ්ඩවලට අමතරව ටී-56 අවි සඳහා යොදන පතුරොම් දෙකක් හා රතිඤ්ඤා කරල් කීපයක් සොයාගෙන තිබේ.
මෙම ප‍්‍රදේශවල සෝදිසි මෙහෙයුම් කරනු ලබන ආරක්ෂක අංශ සාමාජිකයින් විසින් අදාළ පල්ලිය පරීක්ෂා කිරීමේදී මෙම ද්‍රව්‍ය සොයාගෙන ඇත.
මේ සම්බන්ධයෙන් ආරක්ෂක අංශ වැඩිදුර පරීක්ෂණ පවත්වයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd