2006 දෙසැම්බර 15 වැනි දා යාපනය මිරුසුවිල්හි මුරුගේසු සත්‍යනන්දන්ට පහරදී ඝාතනය කර එම පුද්ගලයාට අයත් වෑන් රථය පැහැරගැනීමේ චෝදනාවන්ට වරදකරුවන් වූ තිදෙනෙකුට යාපනය මහාධිකරණය අද (18) මරණ දඩුවම නියම කළේය.
වෑන් රථය පැහැරගැනිමේ චෝදනාවට වසර පහක අත් හිටවූ සිරදඩුවම් සහ රුපියල් 10000 ක දඩ ද නියම විය.
සූරියකුමාර් අජන්යාන්, විග්නරාජා සෙල්වෙන්ද්‍රන් සහ ශිවදාසන් දිනේෂන් මරණ දඬුවම ලැබූහ.
අධිකරණය මග හැර විදෙස් ගත වී සිටින දෙවැනි සැකකරු අත්අඩංගුවට ගැනීමට ඉන්ටර්පෝල් සහාය පැතීමට ද මහාධිකරණ විනිසුරු ඊ ඉලංචේලියන් මහතා නියෝග කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය වගේම මිනී මරපු දේශපාලකයන්ටත් දඩුවම් කරන්න (බ)