වඩමාරච්චි අල්වාර් ශ්‍රී ලංකා පාසලේ ඡන්ද මධ්‍යස්ථානය අසළ පාළු ගෙයක අත්බෝම්බයක් පිපිරීගිය බව පොලිසියට පැමිණිලි කැර ඇත. කිසිවෙකුටත් තුවාලයක් සිදුවී නැත. යාපනයේ ඡන්ද උනන්දුව බෙහෙවින් ඉහළ නැගී ඇති බවත් ඡන්ද මධ්‍යස්ථානය අසළ මාර්ගවල මිනිසුන් නොගැවසෙන බවත් නිරීක්ෂකයෝ කියති. උදේ සිටම ඡන්දය දීමට දැඩි උනන්දුවක් පැවති බව පෙනේ.

දහවල් 11.00 වනවිට සියයට 30ක් ඡන්දය දී තිබූ බව ඡන්ද නිලධරයෝ කියති. ගල්ගමුවේ ද වෙනදා නැති උනන්දුවක් පැවති බව ඡන්ද නිරීක්ෂකයෝ කියති.

අනුරාධපුරයේත් මහරගමත් උදේ සිටම දිග පෝලිම් දක්නට ලැබිණි. මොනරාගල මොනරාගල ඉතා තියුණු තරඟයක් දක්නට ඇති බවත් එක්සත් ජාතික පක්ෂයේ උනන්දුව කැපී පෙනෙන බවත් බොහෝ දෙනෙක් කියති.