IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


යාපනයේ ඡන්ද නිරීක්ෂකයන්ටත් ප්‍රහාර

යාපනය  දෙමළ ජාතික සන්ධානයේ අපේක්ෂිකා ආනන්දි ශෂිධරන් ගේ අරියාලේ නිවසට අද අලුයම ප්‍රහාරයක් එල්ල වී ඇති බව ද, ආනන්දි නිවසේ නොසිටි බව ද, එහි ගිය ස්වාධීන මැතිවරණ නිරීක්ෂකයකුට ද පහර දී ඔහු පැමිණි වාහනයේ ටයර් කපා දැමීම නිසා තුවාලකරුවන් පොලිස් ආරක්ෂාව සහිතව රෝහල් ගත කළ බව ද කැෆේ සංවිධානය කියයි.

ආනන්දි ශෂිධරන් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ හිටපු කොටි දේශපාලන අංශ නායක එලීලන්ගේ බිරිඳයි.

නිල ඇඳම් හැදගත් හමුදා නිලධාරීන් විශාල පිරිසක් එම ස්ථානයට පැමිණෙන මාර්ගයේ සිටි බව සිද්ධිය වන අවස්ථාවේ යාපනයේ සිටි කැෆේ ජාතික සංවිධායක අහමඩ් මනාස් මහතා පැවසීය.

ප්‍රහාරයෙන් පුද්ගලයන් අට දෙනකු තුවාල ලබා ඇත. ඒ අතර ජ්‍යෙෂ්ඨ ස්වාධීන මැතිවරණ නිරීක්ෂකයකු ද වෙයි. ප්‍රහාරය එල්ල කළ පුද්ගලයන් ජංගම දුරකතන සහ සිම් කාඩ්පත් ද පැහැර ගෙන ඇතැයි කියති.

 



අදහස් (0)

යාපනයේ ඡන්ද නිරීක්ෂකයන්ටත් ප්‍රහාර

බන්දුල පෙරේරා Friday, 20 September 2013 08:30 PM

අපි නම් දන්නා විදියට අහවලාගේ එකේ මැතිවරණ නිරීක්ෂකයෝ නැහැ. (නි)

:       0       0

උපාලි Friday, 20 September 2013 11:43 AM

සිම් කාඩ් පැහැර ගත් නිසා මේ සිද්ධිය වාර්තා කරන්න නිරීකෂකයින්ට බැරිවෙයි නේද? අපේ රටේ නම කැත වෙන්නේ නැහැ නේද එහෙනම්? (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 583 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 286 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1088 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site