යාපනය දෙමළ ජාතික සන්ධානයේ අපේක්ෂිකා ආනන්දි ශෂිධරන් ගේ අරියාලේ නිවසට අද අලුයම ප්‍රහාරයක් එල්ල වී ඇති බව ද, ආනන්දි නිවසේ නොසිටි බව ද, එහි ගිය ස්වාධීන මැතිවරණ නිරීක්ෂකයකුට ද පහර දී ඔහු පැමිණි වාහනයේ ටයර් කපා දැමීම නිසා තුවාලකරුවන් පොලිස් ආරක්ෂාව සහිතව රෝහල් ගත කළ බව ද කැෆේ සංවිධානය කියයි.
ආනන්දි ශෂිධරන් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ හිටපු කොටි දේශපාලන අංශ නායක එලීලන්ගේ බිරිඳයි.
නිල ඇඳම් හැදගත් හමුදා නිලධාරීන් විශාල පිරිසක් එම ස්ථානයට පැමිණෙන මාර්ගයේ සිටි බව සිද්ධිය වන අවස්ථාවේ යාපනයේ සිටි කැෆේ ජාතික සංවිධායක අහමඩ් මනාස් මහතා පැවසීය.
ප්‍රහාරයෙන් පුද්ගලයන් අට දෙනකු තුවාල ලබා ඇත. ඒ අතර ජ්‍යෙෂ්ඨ ස්වාධීන මැතිවරණ නිරීක්ෂකයකු ද වෙයි. ප්‍රහාරය එල්ල කළ පුද්ගලයන් ජංගම දුරකතන සහ සිම් කාඩ්පත් ද පැහැර ගෙන ඇතැයි කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි නම් දන්නා විදියට අහවලාගේ එකේ මැතිවරණ නිරීක්ෂකයෝ නැහැ. (නි)
සිම් කාඩ් පැහැර ගත් නිසා මේ සිද්ධිය වාර්තා කරන්න නිරීකෂකයින්ට බැරිවෙයි නේද? අපේ රටේ නම කැත වෙන්නේ නැහැ නේද එහෙනම්? (ස)