( රොමේෂ් මධුෂංඛ)
යාපනයේ ක්‍රියාත්මක ආවා කල්ලියට අමතරව අයි නමින් හැඳින්වෙන කල්ලියක සාමාජිකයින් 13 දෙනෙකු පලෙයි පොලීසියේ මෙහෙයුමකින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය ප වසයි.
කොඩිකාමම් එලුදුමට්ටුවාල් ප්‍රදේශයේදී පසුගියදා අත්අඩංගුවට පත් තරුණයින් දෙදෙනෙකුගෙන් කොඩිකාමම් පොලීසිය විසින් සිදු කළ ප්‍රශ්න කිරීම් වලදී අදාල නව කල්ලිය පිළිබඳව තොරතුරු අනාවරණය වී ඇති අතර ඒ බව පලෙයි පොලීසියට කරන ලද දැනම් දීමකට අනුව පලෙයි මරදන්කේනි ප්‍රදේශයන්හි අදාලයේ සාමාජිකයින් 13 දෙනෙකු පලෙයි පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් පිරිස සමීපයේ කඩු ඇතුලු තියුණු ආයුද කිහිපයක් හා පොලු මුගුරුද තිබූ බවටත් අත්අඩංගුවට ගත් පිරිසෙන් ඇතැම් පිරිස් ආවා ක්‍රියාකාරකම් වලට හවුල් කරුවන්ව සිට ඇති අතර පසුව එම පිරිස් විසින්ම අයි නැමති කල්ලියක් නිර්මානය කරමින් පුද්ගල පහරදීම් කිහිපයක් සිදු කොට ඇති බවට පොලීසිය විසින් අනාවරණය කර ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් පිරිස අද (25) දිනයේදී අධිකරණයට ඉදිරිපත් කිරීමට පලෙයි පොලීසිය විසින් පියවර ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආවා කල්ලියයි, අයි කල්ලියයි කරන්නේ සාමාන්‍ය ජන ජිවිත අපහසුවට පත් කිරීමයි. දේශපාලකයින්ට කොටි සංවිධානය යලි ගෙනෙන්න යෝජනා කරන්නට ඉඩ සලසාදීමයි. මෙම මැරයින් ලත් තැන ලොප් කර දැමිය යුතුය.
යාපනයේ මත්පැන් මත් ද්‍රව්‍ය මැර කල්ලි අපරාධ මන් කොල්ලකෑම් ස්ත්‍රී දුෂණ වැඩි වෙමින් පවතින බව ඒ පළාතේ මිනිස්සු කියනවා. කඩු කිනිසි අරගෙන යතුරුපැදි වලින් මැර කල්ලි හිටිගමන් පාරවල් වල යනවලු. දකුණේ ආණ්ඩුවේ මතය නම් ඒවා එච්චර ගණන් ගන්න තරම් දේවල් නෙමෙයි වගෙයි. තව පැත්තකින් හමුදාව අඩු කරනවලු. පොලිසියට තනියම ඔක්කොම පාලනය කරගන්න අමාරු වෙනවා. මතක තියාගන්න ඔන්න අපේ රට ආයෙත් අවාසනාවන්ත තත්ත්වෙකට පත්වෙන්න පුළුවන්. එක වෙන්නේ මේ මැර පිඩාවට ලක්වෙන මිනිස්සුන්ව ඉතා සුක්ෂම ලෙසට මොලය සේදීමකට ලක් කරලා. සිවාජිලින්ගම්ලා හදන්නේ ඔය තත්ත්වේ කොටි ඉන්න කොට තිබුනේ නැහැ කියල උන්ගේ අවතාර ආයේ ගෙන්නන්න. විග්නේශ්වරන් ව්ජයකලා ආදී තව පිරිසක් හදන්නේ දෙන්න අපිට අපේම ද්‍රවිඩ පළාත් පොලිසියක් අපි කරගන්නම් කියල ෆෙඩරල් පිම්මක් පනින්න. ඒ නිසා රටේ ජනතාව මේ ප්‍රවණතාව එන්නේ මොකටද කියල හරියට වටහා ගෙන රට බේරා ගත යුතුයි..........