(සිතුම් චතුරංග)
යාපන විශ්ව විද්‍යාලයේ සිසුන් දෙදෙනකු යාපනය කොක්කුවිල් ප්‍රදේශයේදි වෙඩිතබා ඝාතනය කිරිමේ සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් කර සිටි පොලිස් නිලධාරීන් පස් දෙනා ඇප මත මුදාහරින ලෙස යාපන මහාධිකරණ විනිසුරු එම්.ඉලන්චේලියන් මහතා අද (14) නියෝග කළේය.
එක් සැකකරුවකු වෙනුවෙන් රුපියල් 15,000 බැගින් මුදල් ඇපයක් හා රුපියල් ලක්ෂ දෙක බැගින් වූ ශරීර ඇප දෙකක් නියම කෙරිණ.
ඉකුත් ඔක්තෝබර් 20 වැනි දා කුලප්පිඞ්ඩිහිදී යතුරු පැදියකින් ගමන්කරමින් සිටි යාපන විශ්ව විද්‍යාලයේ කලා පීඨයේ විජයකුමාර් සුලක්ෂන්(24) සහ නඩරාජා කජන් (23) යන සිසුහු දෙදෙනා පොලිස් වෙඩි ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්වූහ.
සාපරාධී සාවද්‍ය මනුෂ්‍ය ඝාතනය සහ කරුණු වසන්කිරීම, ඇතුළු චෝදනා නවයක් ඔස්සේ පොලිස් නිලධාරීන්ට එරෙහිව නඩු පවරා තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd