( සිතුම් චතුරංග)
අත්අඩංගුවේ සිටින දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙස ඉල්ලා යාපනය විශ්ව විද්‍යාල සිසුන් පිරිසක් අද(17) උදෑසන විශ්ව විද්‍යාලය ඉදිරිපිට උපවාසයක නිරත වූහ.
අනුරාධපුර බන්ධනාගාරයේ කොටි රැඳවියන් තිදෙනකු විසින් ආරම්භකොට ඇති සත්‍යග්‍රහයට සහාය පළකරමින් යාපනය විශ්ව විද්‍යාල සිසුහු උපවාසය ආරම්භ කළහ.
මෙරට බන්ධනාගාරගත කොට සිටින දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙසත් ත්‍රස්ත ක්‍රියා හේතුවෙන් අනුරාධපුර අධිකරණයන් හි නඩු පවරා ඇති සිරකරුවන්ගේ නඩු විභාග වවුනියාව අධිකරණය වෙත විභාග කිරීමට අවශ්‍ය කටයුතු සලසා දෙන ලෙසද ඉල්ලා විශ්ව විද්‍යාල සිසුහු උපවාසයේ නිරතව සිටිති.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මට තේරෙන්නේ නැහැ ඇයි මේ පොලිසිය නිහඬ කියලා.
දැන් බලාගන්න පුළුවන් කඳුළු ගෑස් සහ ජාල ධාරා විදුන හැටි.
අපරාදේ යුද්දය ඉවර උනේ
ඉගෙන ගන්න ගියානම් ඉගෙන ගන්න එපැයි. නීතියට බලකිරීම් කරන්නේ නැතුව
කෑකෝ ගහමින් මහ පාරේ කලබල කරනවට වඩා මේක හොඳ නැද්ද?
කෝ අර දකුණේ ගහන කඳුලු ගෑස් වතුර එහෙම .......ඉවරද? උතුරට වඩින්නේ නැද්ද?
පොලොස්සියෙ නෝනලා මහත්තුරු බිස්කට් අල්ලන්න එහෙම ගියෙ නැද්ද දන්නෙ නෑ.. මෙහෙ ලමයි කලොත් අට්ටාල කඩලා කදුලු ගෑස් ගහලා පන්නලා..
කවුරු කලත් නීතියට බලපෑම් නොකළ යුතුයි. හැබැයි දකුණේ ශිෂ්‍යයින්ගේ උද්ගෝෂණ සහ ජන ජීවිතයට වෙන බලපෑමයි , උතුරේ ශිෂ්‍යයින්ගේ උද්ගෝෂණ සහ ජන ජීවිතයට වෙන බලපෑමයි මෙම ඡායාරුප මගින් හොඳට පැහැදිලි වෙනවා. මෙහෙ අයත් මේ විදියට උද්ගෝෂණ කලොත් වතුර සහ කඳුළු ගෑස් අවශ්‍ය වෙන එකක් නැ. මම පැත්තක් ගන්නේ නැ පේන දෙයයි කිව්වේ.