හය මාසයකට පමණ පසු එළවළු මිල පහත වැටෙන ලකුණු අද පහළ විය.
යාපනයේ එළවළු අස්වැන්න 26 දින විශාල වශයෙන් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ලැබී තිබේ . ඒ අනුව විශාල වශයෙන් අමු මිරිස් ,බිට් ,අර්තාපල් අල , කැරට් කෙසෙල් ,බෝංචි ,වම්බටු ,ආදී කිලෝ 50000ක් පමණ ලැබී ඇති බව වෙළෙන්දෝ කියති .
පසුගියදා රු210 ට අලෙවි වූ කැරට් කිලෝව රු 150 දක්වා ද රු 210 ට අලෙවි වූ බිට් කිලෝව රු 100 දක්වාද රු 700/800ට අලෙවි වූ අමුමිරිස් කිලෝව රු 300 දක්වාද 120 කට අලෙවි වූ අර්තාපල් කිලෝව රු 80 දක්වාද 210 අලෙවි වූ බෝංචි කිලෝව රු 70 දක්වාද ,රු 110 ට අලෙවි වූ වම්බටු කිලෝව 50 දක්වාද 190 ට අලෙවි වූ කරවිල කිලෝව 70 දක්වාද පහත වැටි තිබිණි .
දඹුල්ලේ වෙළෙන්ඳන් කීවේ යාපනයේ ගොවින් විසින් තම අස්වැන්න දඹුල්ලට ගෙනවිත් රටේම එළවළු මිල පහත දැමු බවයි ,යාපනයේ සිට දඹුල්ලට පැමිණි ගොවින් කියා සිටියේ ඉදිරි දින කීපයේ තව විශාල වශයෙන් එළවළු ලැබීමට නියමිත බවය.









COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇන්ටන් ඔබේ බුධිමත් ප්‍රතිචාරයට මාගේ උපහාරය..!සුරේන් වැනි මෝඩයන්ගේ, මුග්ධ භාවය ගැන කීමට යමක් ඉතුරුව නැත. (බ)
ඇත්ත දහම් ඔබට තේරෙන දේ රටේ හුග දෙනෙකුට නොතේරෙන එකනේ හේතුව. (අ)
සතුටුදායක පුවතක්..!දිරිය ගොවීන්ගේ මහන්සියේ ප්‍රතිපල.අතරමැදියන්ට ගසාකන්නට ඉඩ නොදී පාරිභෝගිකයාට සාධාරණ මිලකට මේ එළවලු වර්ග මිලදී ගන්නට හැකියාවක් තිබේ නම්, ගොවියාටත් සාධාරණයක් ඉටුවෙනවා නේද...? (ම)
දැන්වත් මේ ගොවීන්ට පොහොර සහනාධාරයක් දීල ඔවුන් තවත් දිරිමත් කරන්න බලමු රටේ සංවර්ධනය සදහා. (බ)
වතුර පෝර , සහනාදාර, අරක මේක ඉල්ලලා වර්ජන, තර්ජන, උද්ගෝශන,ටයර් පිච්චිලි, අමුඩ ගහගෙන පාගමන් , අට්ටාල උඩ උපවාස අනම් මනම් මේ දිරිමත් ගොවියො ලග නෑ,..තමන්ගේ වගාවට උපරිමයෙන්ම දායක් වෙලා හොද අස්වෑන්නක් ලබාගෙන ඒකට සරිලන මුදල ලබාගෙන කට වහගෙන ඉන්න ජාතියක්. ඒකට අපේ අනික් පලාතවල ගොවිතෑන් කරන අය...මිල පහත වෑටුනා කියලා වගාව හරක්ට අලින්ට කන්න විසිකරන ජාතියක් (රේ)
ඔය කියන තරම් එළවලු වල මිල නම් අඩු නෑ.(හේ)
හැමෝම පින් දෙන්න ඕනේ රණවිරුවන්ට. දෙමල ජනතාවට දැන් තේරුම් යනවා ඇති සාමයේ වටිනාකම. (කෞ)
යාපනේ ගොවියෝ වහල්ලු ,ගොවිතැන් කරන අයට වෙන ක්‍රමයක් නෑ,ඒ තියෙන කුල පීඩනයේ පරම්පරා ගානක විශේෂ පුහුණුව තමයි උන්ව මෙච්චර දක්ෂ ගොවියෝ කළේ ,ඇන්ටන් වගේ අය ඉන්නේ අපේ අයගෙම දොස් දකින්නනේ (බ)
ජාතිවාදී අදහස් දක්වමින් තමන්ගේ මුග්ද භාවය පෙන්වන පුද්ගලයන්ට මෙහි අදහස් දැක්වීමට ඉඩ දිය යුතුද? (බ)
මෙතන අදහස් පලකල කිසිම කෙනෙක්ට නොතේරෙන දෙයක් තියනවා යාපනේ මිනිස්සු වවන එළවලු අැයි දඹුල්ලට ගේන්නේ විකුනන්න මොකද යාපනේ මිනිස්සුන්ට විතරක් විකුණන්නේ නැත්තේ ,හේතුව සිංහල මිනිස්සුනතිව එයාලට ගමනක් යන්නබරිනිසයි (කෞ)
ගොවි ජනතාවට මගේ ප්‍රණාමය (ම)
පින් දීපල්ලා මහින්දට. කොටි ඉවර නොකළා නම් ඔහෙලා තාම කඳුළුයි බතුයි කනවා. (බ)
ලංකාවේ මිනිස්සු හැමෝම එකතු වුණොත් ලංකාව පාරාදීසයක් වෙන එක කාටවත් වළක්වන්නට කාටත් බැහැ නමුත් ජාති ආගම කියල බලන්නේ නැතුව, අන් ආගම්වල දුර්වලතා අපි තේරුම්ගෙන ඒවා කියාදෙන්න ගිහින් ඔවුන්ගේ මනස රිද්දන්නේ නැතුව, අනුන්ගේ අාගම් විනාශ කරන්නත් යොමු නොවී ඉන්නවනම් (බ)
දහම්, දැන් වත් මොලයක් තියෙන බව පෙන්නුවොතින් තමයි හොඳ. (බ)
ලකාවේ ජාතිවාදීන්ට හොද පාඩමක් යාපනෙන් කියාදෙයි දෙමළ මිනිසුන් සිංහලය වගේ කව්රුත් දෙනකන් කට ඇරගෙන බලා ඉන්නේ නැත මේකයි වෙනස. (බ)