යාපනය දිස්ත්‍රික්කයෙන් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට එළවළු ලැබීමත් සමග විශාල වශයෙන් මිල පහත වැටි තිබේ .
අද (30 ) දින වනවිට යාපනයෙන් ගෝවා , මිරිස් ,බිට් ,වම්බටු ,කැරට් ,මැකරල් ,අර්තාපල් අල ,ලුනු මල් ,කරවිල ,එළබටු ,අලු කෙසෙල් ආදී එළවළු වර්ග රැසක් ලැබී ඇති බව කළමනාකාර ක්‍රිස්ටි විජේරත්න මහතා පැවසිය .
සති තුනකට පෙර රුපියල් 1300 කට පැවැති අමුමිරිස් කිලෝව 240ක් දක්ව ද 140 තිබු වම්බටු 70 දක්වාද ,280කට අලෙවි වූ කැරට් 160 දක්වාද අඩුවී ඇත .යාපනයේ එළවළු ලැබෙන ආකාරය සමග දඹුල්ලේ එළවළු මිල තවත් අඩු වනු ඇතැයි වෙළෙන්දෝ කියති.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔව් ලොකු දෙයක් නදිනි වගේ අනෙක් අයටත් හිතන්න පුළුවන් නම්. නැත්නම් මේ රට ගොඩගන්න එක බොරු තමයි (නි)
ත්‍රස්තවාදය නරක අතට හැරුනේ 77 නිදහස් ආර්ථික ක්‍රමය වැටුනට පස්සේ. ඒ කියන්නේ යාපනය ගොවියාගේ නිෂ්පාදන සදහා මිලක් නොමැති වීමක් නිසා නරක අතට හැරුනා. ඔවුන්ගේ නිෂ්පාදන වලට තැනක් දෙනවා කියන්නේ ඔවුන් අපි සැබවින්ම ශ්‍රී ලංකිකයෝ සේ ජීවත්වෙනවා.(හේ)
මගේ අදහස අගය කළ ඔබ සැම දෙනාට ස්තුතියි!(හේ)
යාපනයේ ජනතාව යුද්ධයෙන් පසුව වැපිරු බීජවල අස්වැන්න මේ වනවිට නෙළා තිබෙන බව පේනවා. එත් දකුණේ ජනතාව යුද්ධයෙන් පසුව සමාජයට වැපුරුවේ මොනවද? මේ වන විට ඒවායේ අස්වැන්නත් අපිට හොඳ හැටි නෙළාගන්න හැකිවී තිබෙනවානේ. (නි)
අපේ අය පුරුදුවෙලා ඉන්නේ අනුන්ගේ දේවල් කඩාවඩා ගන්නනේ. (නි)
මේවාට හේතුව ලංකාවේ මිනිසුන්ගේ අවංකබාවය එකමුතුකම නැතිවීමත්, තණ්හාව සහ බල ලෝබයත්ය. මේවා සියල්ල අවබෝධ කරගන්නවා නම් ලෝකයේ හොඳම රට ලංකාවයි. (නි)
අපිත් ගෙවත්තේ පුංචි බෝගයක් වවාගන්න උත්සාහ කරමු (නි)
එළවලු මිල අඩුඋනාට කුනුකොල්ලයටම ගන්න යන්න එපා. වවන ගොවිමහතුන්ටත් ජීවත්වෙන්න පුළුවන් මිලක් ලබාදෙන්න සතොස හෝ එනවා නම් හොදයි. (ර)
මම මිරිස් හිටෙවුවා. අනේ! ඔක්කොම මැරුණා. (නි)
හැමෝගෙම වැරදි හදාගෙන අපි හැමෝම රට දියුණු කරමු. (නි)
දැන් අර මෛත්‍රි මහත්තය දිනුවේ දෙමල ඡන්ද වලින් කියන අය දෙමල අය හදපුවා හින්දා මේ එළවලු කන්නේ නැද්ද? (ර)
යාලුවනී! මේ කොමෙන්ට් ටික බලනවිට හෙට දිනය ගැන පුදුම සතුටක් දැනෙනවා. එකමුතු කමින් යමු පෙරටම. අපි ඔක්කොම ශ්‍රී ලාංකිකයෝ. (ර)
නදිනි, සිංහල හැමෝම ඔයාගේ අදහසට සියයට සියයක් එකඟවිය යුතුයි. ඒ අපි සැබෑ ශ්‍රී ලාංකිකයෝ නම්. අපේ දමිළ සොහොයුරන් කවදත් තද අවුව මැද්දේ වතුරත් නැතුව ගොඩක් දුක්විඳලා මහන්සි වෙලා ජීවත්වුණා. අපේ සිංහල අය ලෙහෙසියෙන් ජීවත්වෙන්න හිතුවා. ජාති බේදය පරදා අපි සිංහල, දමිල, මුස්ලිම් හැමෝම සමගියෙන් සහෝදරත්වයෙන් රට ගොඩගනිමු. සැබෑ බුදුදහම එය බව තේරුම්ගනිමු. (නි)
මෙහි පළවී ඇති ප්‍රතිචාර කියවීම මා ප්‍රමෝදයට පත්කරයි. අපි ලාංකිකයෝ වශයෙන් ආඩම්බරයට පත්වෙමු. (නි)
නදිනි, මේකට නොලියා ඉන්නන අදහස් කළත් ඔබගේ සුන්දර අදහස දැක්කහම ස්තුති නොකිය ඉන්න බැරිවුණා. කටමැත කියවන්නේ නැතුව විදේශ ණයවලින් කන්නේ නැතුව මේ රටේම ජන කොටසක් වන සුන්දර දෙමළ මිනිසෙකුගෙන් හරි ඉගෙනගන්න බලන්න මිනිසුනේ! (නි)
දන්නා තරම තමයි. යාපනයට වැස්ස අඩු බව දන්නේ නැද්ද ? මොකටද නොදන්නා දේට ප්‍රතිචාර දාන්නේ (නදී)
රසික ඔයා හරි දඹුල්ලේ මුදලාලිලගේ එළවලු මාෆියාව මේ ලාබය ජනතාවට ලැබෙන්න දෙන්නේ නැහැ (නදී)
නදිනි, ඔබ කියන්න ඕනෑ දේ හොඳට කිවුවා. (නි)
සිංහල මිනිස්සු මහා කම්මැලියි. නිකම් ඉඳලා පඩි ගන්න පුළුවන් රස්සාවල්මනේ ඉල්ලන්නේ. සමහරු හිතාගෙන ඉන්නේ අයවැය කියන්නේ පඩි වැඩිකරන දෙයක් බවයි.පඩි වැඩි කළවිට කම්කරුවා පවා ගාන වැඩිකර ගන්නවා. එවිට බඩු වැඩිවෙනවා.අන්න එවිටයි නිෂ්පාදන වියදම වැඩිවෙන්නේ. එවිට අපනයනය කඩාවැටෙනවා. (නි)
නදිනි රණවීර හා සමාන අදහස් තිබූ යුගයක් මටත් තිබුණා. නමුත් 'ඇනිමල් ෆාම්' හෙවත් සත්ව ගොවිපල' යන පරිවර්තිත දේශපාලන ආර්ථික හා දාර්ශනික පොත කියවූ පසු එහි එන 'අශ්ව චරිතය' වීමට කොහොමටවත් හිත හදාගන්න බැරි නිසා බල්ලෙක් ඌරෙක් නොවී බූරුවෙක් වීමට තීරණය කලෙමි. (නදී)
නදිනි, ඔබගේ අදහසට මම හිස නවනවා (නි)
අත් දෙක පොරවාගෙන ඉදල පිනට කන්න හිතාගෙන, නකුට වනාගෙන දේශපාලකයින් පස්සේ දුවන සිංහල මිනිසුනේ, හොඳට හිතල බලන්න යාපනයේ මිනිසුන්ගේ ශක්තිය, උත්සාහය හා දහිරිය රටක සෞභාගයට අවශ්‍ය වන්නේ මෙවැනි දිරිමත් මිනිසුන්. රටේ ජාතිබේදය වපුරවමින් අහසට දෑස යොමා කටින් බතල හිටවන පින්ගුත්තරයින්ට මේ පින්තුර ටික දැකලවත් හැදෙන්න කියලයි මම ප්‍රර්ථනා කරන්නේ. (නදී)
නදිනි, ඔයාට මගේ ස්තුතිය (නි)
නදිනි, ඔබ දක්වා ඇති අදහස් සිතේ කිසිම කුහකකමක් නැති, දියුණුවට කැමති, යථාර්ථය තේරුම් ගන්න සියලුම යහපත් මිනිසුන් බොහොම සතුටින් පිළිගන්නවා ඇත. කිසිම දෙයක් වගානොකර ඉඩම් ඔහේ පාලුවට හැර හන්දියක් හන්දියක් ගානේ රස්තියාදු ගගහා ඉන්න අය මෙය ආදර්ශයට ගෙන අඩුතරමේ තමන්ගේ ප්‍රයෝජනය සඳහා හෝ යම්දෙයක් වගා කරන්නට දැන්වත් අදිටන් කර ගන්නවා නම් යහපතකි. (නි)
අපට කන්න දෙන යාපනයේ ගොවි රජවරු (නදී)
මෙයාලට ලංකාවේ දේශපාලනය වගේම එළවලු මිලත් පාලනය කරන්න පුළුවන්. දැක්ක නේද. (නදී)
නදිනි ඔය හරි. කොච්චර ඉඩකඩ තිබුනත් අපේ අය මිරිස් පැලයක් වවා ගන්නවත් හිතන්නේ නැති එකනේ පුදුමේ.(නදී)
අපිට ලොකු සහනයක් දුන් හැමෝටම ස්තුතියි. (නි)
නදිනි පළකළ අදහස අගය කරමි. (නි)
යහපාලනයට සොබා දහම ආශිර්වාද කරනවා. ජාතින් අතරත් සමගිය ඇතිවෙනවා. සැමට සතුට (නදී)
යාපනය දුන්නොත් පාලනය ඒ අයට සිංගප්පුරුවක් කරයි අවුරුද්දකින්. නදිනි ලිව්වා වගේ මට ලියන්න තියෙන්නෙත් දේශපාලුවන්ගේ පස්සේ ගිහින් රට හදන්න හදනවට වැඩියේ සියලු දෙනාම උත්සහ කොලොත් අපි ගොඩ.(නදී)
කොහොමද අපේ උතුරේ වැසියන් අපේ ආර්ථිකයට දායකවෙන හැටි? ඔබ සියලු දෙනාට දේවාශිර්වාදය ඉත සිතින් පතමි! (නි)
ඒ වුනාට රටේ අනිත් මිනිස්සුන්ට ඒ සහනය නෑ.(හේ)
නදිනි ඔය ගැන කවුරු මොනවා කිව්වත් ඔයා කියන දේ තමයි ඇත්ත.(හේ)
නදිනි, නියමෙට කිව්වා!(හේ)
අපේ ගොවියන්ට යාපනේ ගොවියන්ගෙන් ඉගෙනගන්න දේවල් ගොඩක් තියෙනවා. නදිනි කියන දේවල් හරියටම හරි. මම යාපනයේ දක්ෂ ගොවි සොයුරන්ට සුබ පතනවා. (නි)
පොල් රුප්පාවෙන්,තල් රුප්පාවට ගිය යාල්දේවිය කොමල ලීලා.. මොරසන් සුරන වෙඩි වරුසා තුරල් වී නිදහස් අරුණල් වැටෙන හිමිදිරියට... බලයට කෑදර සමහර දේශපාලුවන් නැවතත් ගිනි අවුලන සේයා පෙනේ.. (නි)
දඹුල්ලේ එළවලු මාෆියාව මේ ලාබය ජනතාවට ලැබෙන්න දෙන්නේ නැහැ. (හේ)
නදිනි අපේ යාපනයේ මිනිසුන්ට කුරිරු ත්‍රස්තයන්ගෙන් නිදහසක් ලැබුන නිසා අද සමස්ත ශ්‍රී ලංකා වාසීන්ම එයි ප්‍රතිපල බුක්ති වින්දිනවා .එසේ නොවන්නට එම බිම්වල තවමත් එළවලු වෙනුවට බෝම්බ පැල ව් තිබෙන්නට තිබුනා.(හේ)
මේ සේරම කරන්න පුලුවන් උනේ යුද්ධය ඉවර කළ නිසා (නදී)
සිංහලින් උත්සහ කරන්නේ නිකන් කන්න. යාපනේ මිනිසුන් ආදර්ශයට ගන්න. හැමදාම ජාතිවාදය අවුස්සනේ නැතිව.(හේ)
රටේ අනෙකුත් ප්‍රදේශ වල ගොවි මහතුන්ට අපහාස කරන්න එපා. යාපනෙන් මොකුත්ම එන්නෙ නැති කාලෙත් ඒ මිනිස්සු වගාකරලා මේ රටේ මිනිසුන්ට මිරිස් එළවලු හැම දෙයක්ම සැපයුවා. මේ සැරේ ඒ මිනිසුන්ගේ වගා පාලුවුණා. සිංහල මිනිස්සු ඔයතරම් කම්මැලි නම් කොහොමද මුළු ලංකාවටම බත සපයන්නේ? මෙතන ජාති බේදයක් නොවෙයි, හැම ගොවියම මහන්සි වෙනවා. (නි)
මේ වගේ දෙයකටත් ජාතිවාදය වක්‍රව හෝ ඈඳා ගන්නේ නැතිව ශ්‍රී ලාංකික සියඵ ජනකොටස් එකිනෙකා අවබෝධයෙන් සමඟියෙන් එක් වුනොත් අපිට ලෝකය ඉදිරියේ අභිමානයෙන් ජිවත් විය හැක. දැන්වත් එක එක අවස්ථාවාදීන්ගේ බහට නොරැවටී සිංහළ,දෙමළ,මුස්ලිම් බේදයකින් තොරව අපි අපේ රට ස්වයංපෝෂිත කරමු. ඒ අතර අන්තවාදයට අපි සියල්ලන් එරෙහිව නැගී සිටිමු. (නදී)
යාපනයේ මිනිස්සු ඉගෙනීමටත් ගොවිතැන්වලටත් ඉතාම දක්ෂයි. අපි සිංහල අය බොහෝ විට උදාසීනයි. අපි ලැජ්ජා විය යුතුයි (නදී)
නදිනි රණවීර ඔබ හරියටම හරි. සිංහලයා දන්නේ අනුන්ට වල කපන ගමන් තමන්ගේම වල කපා ගන්න එක විතරද? දේශපාලකයන්ගේ කසිප්පු ටිකට මරාගන්න මෝඩයෝ. පහුගිය ටිකේ ඒක තවත් ප්‍රදර්ශනය උනා. රටේ වාසනාවකට ඒක තවත් ව්‍යසනයක් නොවී යන්තම් බේරුනා (නදී)