රොමේෂ් මධුෂංඛ
යාපනය කොටුවේ යුද හමුදා කඳවුරු ස්ථාපිත නොකරන ලෙසටත් යාපනය දිස්ත්‍රීක්කයෙන් යුද හමුදාව ඉවත් විය යුතු බවත් පවසමින් සමස්ත ලංකා දෙමළ කොංග්‍රස පක්ෂ ක්‍රියාකාරීන් පිරිසක් විසින් විරෝධතාවක නිරත වූහ.
පසුගිය දිනයන් හි යාපනය දිස්ත්‍රීක්කයේ කඳවුරු ස්ථාපිත කර සිටින යුද හමුදාවට එම කඳවුරු ඉවත්කර ගන්නා ලෙසින් යාපනයේ දෙමළ දේශපාලන පක්ෂ කිහිපයක් විසින්ම විරෝධතා දැක්වීම නිසාවෙන් යාපනයේ ආරක්ෂක අංශ විසින් අදාළ කඳවුරු ඉවත්කර යාපනය කොටුවේ කඳවුරු ස්ථාපිත කිරීමට අවස්ථාව ලබාදෙන ලෙසට රජයෙන් ඉල්ලා ඇති අතර ඒ සඳහා මෙතෙක් රජයෙන් අවසරය ලැබී නොමැති අතරම පසුගිය දිනක උතුරු ආණ්ඩුකාර රෙජිනොල්ඩ්කුරේ මහතාද සඳහන් කර සිටියේ යාපනය කොටු යුද හමුදා කඳවුරට ගැලපෙන ස්ථානයක් බවයි.
නමුත් යාපනය කොටුව යුද හමුදාවට ලබා නොදිය යුතු බවටත් යුද හමුදාව යාපනය දිස්ත්‍රීක්කයෙන්ම ඉවත්විය යුතු බවටත් පවසමින් සමස්ත ලංකා දෙමළ කොංග්රස් පක්ෂ ක්‍රියාකාරීන් පිරිසක් විසින් යාපනය කොටුව ඉදිරිපිටදී මෙසේ විරෝධතාවයක නිරතව ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක මහ පුදුම විකාර කථාවක්නේ. රටේ ආරක්ෂාවට රටේ ඕනෑම තැනක හමුදා කදවුරු ස්ථාපිත කිරීමටත්, පවත්වාගෙන යෑමටත් හැකි විය යුතුයි. අනිත් දිස්ත්‍රික්ක වලිනුත් හමුදු කඳවුරු ඉවත් කරන්න කියලා උද්ඝෝෂණය කළොත් කඳවුරු ඉවත් කරනවද? නැහැනේ.., රටේ නීති දෙකක් ඇති කරන්න එපා..
විරෝධතාවයක යෙදෙන්න කාටද බැරි? යාපනය කොටුව, යුද හමුදා කඳවුරට ගැලපෙන ස්ථානයක් බව පැහැදිලි දෙයක්. මෙතන හමුදාව උන්නේ අද ඊයේ නොවෙයි.
ශ්‍රී ලංකාව ඒකීය රාජ්‍යයක් බවත්, ශ්‍රී ලංකා හමුදාවට මව්බිමේ ඕනෑම ස්ථානයක කඳවුරු බැඳීමට අයිතියක් තිබෙන බවත් සමස්ථ ලංකා දෙමළ කොන්ග්රසය තේරුම් ගත යුතුය. යාපනය දිස්ත්‍රික්කයෙන් හමුදාව ඉවත් කළොත් එය පූර්වාදර්ශයට ගෙන අනෙකුත් දිස්ත්‍රික්කවල ජනතාවත් වීරුද්ධ වුවහොත් හමුදාව කඳවුරු බඳින්නේ කොතැනකද? දිගු කල සාමකාමී හස්තය සපා කන්න පෙළඹවීමක් විජයකලා කළා වගෙයි.
යාපන කොටුව තියන්නේ ලංකාවේ. ලංකා රජයේ හමුදා ලංකාව තුළ ඉන්නැතුව වෙන කොහේ ඉන්නද?
මොන්ගල් ආණ්ඩු පවතින විට මෙවැනි දේ සිදුවේ..
රටක ආරක්ෂක අංශ සඳහා කඳවුරු ස්ථාපනය කරන ස්ථාන හා පවත්වා ගෙන යන යුද හමුදා කාණ්ඩයේ හෝ බලගණයේ ප්‍රමාණය තීරණය කරන්නේ පළාත් සභා හෝ ප්‍රාදේශීය සභා හෝ රටේ ඉන්න දේශපාලන පක්ෂ හෝ නැත්නම් පළාතේ ඉන්න සිවිල් වැසියන් නෙවේ. ඒ සඳහා අරක්ෂක අංශ ප්‍රධානීන් මෙන්ම බුද්ධි අංශ ප්‍රධානීන් පත්කර තිබෙනවා. ජන කොට්ඨාශය හා ජන ගණත්වය අනුව එය තීරණය කරනවා. තවද ආරක්ෂක අංශ ප්‍රධානී වන ජනපතිගේ අවසර මත රටේ ඕනෑම ස්ථානයක කඳවුරක් පිහිටුවීමේ බලය ඔවුන්ට තිබෙනවා. ඒ නිසා ඔය කෑගහන කිසිම කොටළුවෙක් තඹ සතේකටවත් මායිම් කිරීමට යුද හමුදාවට අවශ්‍ය නැහැ. ආරක්ෂක අංශ ප්‍රධානී වන ජනපතිගේ අවසරය ඇත්නම් ලබා ගන්න බිම කිසිම ජන කොට්ඨාශයකට උන් හිටි තැන් අහිමි නොවේ නම් වගා බිම් පාලු නොවේනම් ප්‍රධාන හා සෙසු මාර්ග පද්ධති අවහිර නොවේ නම් ඔවුන්ට ඒ සඳහා කිසිම බලපෑමක් කරන්න කිසිම බලයක් කිසිම ජන කොටසකට නැහැ. මේ සඳහා බලපෑම් කරන අයවලුන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කර දඬුවම් ලබා දෙන්න.. රට පාලනය කරන්නේ ජනතා බලවේග හෝ ඊනියා ඩයස්පෝරාවන් හෝ දේශපාලන හෙන්චයියන් නොවන බවද රටේ පාලන බලතල ඇත්තේ පවතින රජයට බවද සියලුදෙනා හොඳින් මතක තබා ගන්න.
නියපොත්තෙන් කඩන්න තියෙන දේ පොරොවෙන් කපන්න තිබ්බහම වෙන්නේ මේවා තමයි.
යුධ හමුදා කඳවුරු ඉවත් කරන්න කියන්නේ වෙන මොකටවත් නෙවෙයි. රට බෙදන ත්රස්වාදය යලිත් පන ගන්වා ගන්න. ඒකට ඉඩ දෙනවද නැද්ද කියලා රජයට කොන්දක් තියෙනවානම් රටේ ජනතාවට කෙලින් කියන්න ඕනේ. රටේ නීතිය එක එක්කෙනාගේ දේශපාලන න්‍යාය පත්‍රයට අනුව වෙනස්. ඡන්ද බලාගෙන රට පාවා දෙන එක දැන් සරල දෙයක් වෙලා. උගත් බුද්ධිමත් ජනතා නියෝජිතයින් පාර්ලිමේන්තු යවන්න ඕනේ කියලා සමහරු කියනවා. දැන් ඔය පාර්ලිමේන්තුවට යවලා ඉන්න උගත් බුද්ධිමත් අය තමයි රට කන වැඩ සේරම කරන්නේ. ජනතා නියෝජිතයින් උගත් උනාට වැඩක් නෑ. ඡන්ද දායකයා බුද්ධිමත් වුන දවසට ඔන්න යම් වෙනසක් මේ රටේ වෙයි.
පව් කොටින්ට අපේ විරෝදාර හමුදාව දකිනකොට ඉන්න බැහැලු!
මේ මිනිස්සු කවදා හැදෙයිද මන්දා...? කඳවුරු නොබඳින්න හැකියි මොවුන්ගේ යටිකූට්ටු අදහස් නැත්තම්...
"හිවලුන්ට බලය ලැබුනට - සිංහයින් වෙන්න බැහැ.." ඔවුන් හැසිරෙන්නේ හැමවිටම නිවට හිවලුන් ලෙසයි" අපේ සිංහල ජාතියත් හිවලුන්ගේ ග්‍රහණයට ලක්වෙලා. 2015 ලස්සනට තිබුණු රට දැන් අරාජිකයි..
කෝ මේ සත්‍යපාල සහ පිටිගල උන්නැහේලාගේ ප්‍රතිචාර?
අපේ පැත්තේ කට්ටියක් එකතු කරගෙන මමත් දියතලාවේ යුධ හමුදාව ඉවත් කරගන්න කියලා උද්ඝෝෂණයක් ඕන. ඒ ඉඩම්වල හොටෙල් හදල රැකියා ප්රශ්නය විසදන්න පුලුවන් ඉඩම් නැති අයට ඉඩම් ලබා දෙන්න පුලුවන් නේ. කොච්චර ඡන්ද ගොඩක් ලැබෙයිද ??
රටම ඉවරකරලයි මේ අය පස්ස බලන්නේ...
රටම ඉවරයක් කරලයි මේ අය පස්ස බලන්නේ .....
ඉහත ප්‍රතිචාර දැක්වූ සියලු ඔබ දෙනාම නිවැරදියි. නමුත් මේවා ඇසෙන නායකයෙක් මේ රටේ ඉන්නවද?
අර හමුදාපති කිව්වා නේද සමගියට බාධා කරන අයට හමුදා කදවුරු වලට එන්න දෙන්න එපා කියලා. මම හිතන්නේ මේ උද්ගෝෂණ කරන අයට වෙන්න ඇති. මේක සුළු දෙයක් නෙමෙයි. මුළු යාපනෙන්ම අයින් වෙන්න කියලනේ කියන්නේ.. යුද්දයක් දිනලා , ත්‍රස්තවාදය පරාද කරපු හමුදාවකට මේ දේශපාලුවෝ කරපු වැඩේ. මේ රට කිසිදිනක යුද්දයකින් මුළුමනින්ම පරාජයවී හෝ යටත්වී නැත. නමුත්, හැමදාම ද්‍රෝහීන්ට අහුවෙලා පරාජය උනේ.. ඉංග්‍රීසින්ට කිසිදිනක අපව යුද්දයකින් පරාජය කල නොහැකි වුණා. නමුත් පාවා දෙන්නන් නිසා අපි යටත් වුනා. ඉතිහාසය මතක තියාගත යුත්තේ.. නැවත නැවතත් එකම වරද නොකර සිටින්නටයි.