(නිමන්ති රණසිංහ)
නිසි බලපත්‍රයක් නොමැතිව වැලිගම මුහුදු තීරයේ දී යානාවක් ගුවන් ගත කර වීඩියෝ කළැයි වරද පිළිගත්, ඉන්දීය ජාතික ධනවත් ව්‍යාපාරික තරුණ යුවළකට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා අද (06) රුපියල් 50,000ක දඩයක් නියම කළේය.
මෙම සැකකරුවන් දෙදෙනා මෙරටට පැමිණ ඇත්තේ මධුසමය ගත කිරිම සදහා බවත් ඔවුන්, වැලිගම මුහුදු තීරයේදී ඩ්‍රෝන යානාවක් ගුවන්ගතකර තම ඡායාරූප සහ දර්ශන වීඩියෝ ගත කරමින් සිටියදී අත්අඩංගුවට ගත් බවත් වැලිගම පොලීසිය අධිකරණයට කරුණු වාර්තා කර තිබිණී.
සිවිල් ගුවන් සේවා පනතේ 103 (03) වගන්තිය උල්ලංඝණය කළැයි සඳහන් කරමින් මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණේ වැලිගම පොලිසිය විසිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ධනවත් යුවලකට රුපියල් 50000 ක් දරාගන්න පුළුවන්ද.. මේවා කරන්න කලින් හිතන්න ඕන... පව් ඒ මිනිස්සු
මෝඩ පොලිසියේ වැඩක්.
සංචාරකයෝ ඒවි වැඩි වැඩියෙන්
දන්නෙ නැතිව කරන්න ඇති. දඩ නැතිව අවවාද කරන්න තිබුනා. ආයෙත් ලංකාව දිහා බලන්නෙවත් නැතිවෙයි. එයාල.
සර් යූ.එස්.ඒ වල ඉඳලා ආවේ ඔරකල් ඩේටා බේස් සිස්ටම් අරගෙන උනාට දැන් ඩ්‍රෝන් එකක් අරිනවටත් බය වෙලානේ..21 වන සියවසේ සෞභාග්‍යයේ දැක්ම නම් පට්ට
සංචාරක ව්‍යාපාරයට හොඳ නැති පුවතක්. මේවා මෙහෙම මාධ්‍යවල දාන්න ඕනෑද? බලධාරින් නම් නීති වෙනස් කරන එකක් නෑ...
ඉතින් ප්‍රමෝට් කරමු අපි... එන්න හිරේ යන්න කියලා...
සමහර සංචාරකයින්ට රටේ කරන්න තහනම් ක්‍රියාවන් සම්බන්ධව දැනීමක් නැහැ.එහෙම නැතිනම් දැනුවත් කරලා නැහැ.සංචාරක ව්‍යාපාරයේ නියුතු අය සංචාරක්යින්ව දැනුවත් කල යුතුයි ඒවා සම්බන්ධව.අත් පත්‍රිකා හෝ දැන්වීම් ප්‍රදර්ශනය කිරීමෙන්
මරු
හොඳ වැඩේ
ගොඩක් දුරට රුපියල් 50000 කියන්නේ ඩ්‍රෝන් එකේ වටිනාකමෙන් 1/5ක් වගේ වෙන්න පුළුවන්. ලංකාවේ කෙනෙක් වෙන රටකට ගිහින් නීති කැඩුවොත් මේ දේම තමයි වෙන්නේ... ගොඩක් රටවල්වල තමන්ට ඕනේ ඕනේ විදිහට ඩ්‍රෝන යවන්න බෑ...