අතුරුගිරියේදී අනතුරට පත් වු ඇන්ටොනොව් ගුවන් යානයේ ගුවන් නියමුවන් දෙදෙනෙකු, කාර්ය මණ්ඩලය ඇතුලු පස් දෙනෙකු සිටි බව ගුවන් හමුදාව කියයි.
යානය කටුනායක ගුවන් හමුදා කඳවුරේ සිට රත්මලාන ගුවන් හමුදා කඳවුර වෙත පැමිනෙද්දී අනතුර සිදුව ඇත.
රත්මලාන ගුවන් පතය පැහැදිලි නැති බව අවසක් වරට ගුවන් නියමුව ගුවන් පාලක මැදිරියට දැනුම් දී ඇත.
ගුවන් හමුදාව පවසන්නේ ඥාතීන් දැනුම්වත් කිරීමෙන් අනතුරුව මිය ගිය අයගේ විස්තර ලබා දෙන බවයි.
මේ පිළිබඳ මාධ්‍ය හමුවක් අද උදෑසන 10.30 ට ගුවන් හමුදා මාධ්‍ය කේන්ද්‍රයේදී පැවැත්වේ.
කෙසේ වෙතත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසන්නේ හතර දෙනෙකු මිය ගිය බවත් එක් අයෙකු රෝහල් ගත කළ බවයි.



















COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගුවන් අනතුරු අධික අවුරුද්දක් වගේ. කණගාටුදායක පුවතක්. (නි)
හරිම කණගාටුදායකයි, මාගේ ශෝකය. (නි)