
(විනීතා එම් ගමගේ)
දිවයින පුරා රක්ෂිත වනාන්තර ආසන්න ප්‍රදේශයන්හි පෞද්ගලික පරිහරණයේ ඇති යාන්ත්‍රික කියත් පොලිස් ස්ථානවල හෝ වන නිලධාරි කාර්යාලවලට භාරදී අවශ්‍ය අවස්ථාවන්හි දී පමණක් අයිතිකරුවන්ට ලබා ගැනීමට හැකිවන අන්දමේ වැඩ පිළිවෙලක් වනජීවී සහ වන සංරක්ෂණ අමාත්‍යංශය සැලසුම් කර ඇත.
මේ වනවිටත් සියලු යාන්ත්‍රික කියත් පොලිස් ස්ථානවල ලියාපදිංචි කර ඇති අතර, එයින් රක්ෂිත වනාන්තර ආසන්න පදිංචිකරුවන් ගේ යාන්ත්‍රික කියත් හඳුනාගෙන ඒවා ආසන්න පොලිස් ස්ථානයට හෝ වන නිලධාරි කාර්යාලය භාරයට ගැනීමටත් ඒ වෙනුවෙන් හිමිකරුවන්ට අනු අංකයක් ඇතුළත් පතක් නිකුත් කිරීමටත් අදහස් කරන බව වනජීවී සහ වන සංරක්ෂණ අමාත්‍යංශයේ ලේකම් බන්දුල හරිස්චන්ද්‍ර මහතා ලංකාදීපයට අද (20) පැවැසීය.
එම යාන්ත්‍රික කියත් හිමිකරුවන්ට අවශ්‍ය අවස්ථාවල දී ඒවා ලබා ගත හැකි බවත් ඒ සඳහා අවශ්‍යතාව සනාථ කරන ලිපියක් ග්‍රාම නිලධාරීවරයාගෙන් ලබාගෙන ඉදිරිපත් කළ යුතු බවත් හෙතෙම ප්‍රකාශ කළේය.
අවශ්‍ය කාර්යයෙන් පසු යළිත් යාන්ත්‍රික කියත භාර දිය යුතු අතර එය ලබාගත් අවශ්‍යතාව ඉටුකරගෙන ඇත්ද එහි ස්වභාවය කුමක්ද යන්න ග්‍රාමනිලධාරීවරයා විසින් යාන්ත්‍රික කියත භාර දෙන ස්ථානයට ලබා දිය යුතු බවත් කී ලේකම්වරයා වන සංහාර නැවැත්වීමේ එක් පියවරක් ලෙස මෙම පියවර ගන්නා බව ද කියා සිටියේය.
මේ වනවිට කොස්, දෙල් වර්ග, ගැහැණු තල්ගස් හා නැදුන් ගස් කැපීම සම්පූර්ණයෙන් තහනම් වන අතර ගෙවත්තක ඇති ගසක් කපන්නට අවශ්‍ය වුවහොත් ඒ සඳහා බලපත්‍ර ලබා ගත යුතුවේ.
ගෙවතුවල පිහිටි වෙනත් ඕනැම ගසක් කපා ඉවත් කරගත හැකි අතර ඒ සඳහා විශේෂ බලපත්‍ර අවශ්‍ය නොවේ.
කෙසේ වෙතත් වසරකට යාන්ත්‍රික කියත් 30,000 කට ආසන්න ප්‍රමාණයක් මෙරටට ගෙන්වනු ලබන බව රජයේ සංඛ්‍යා ලේඛන වල සඳහන් වන අතර දිවයින පුරා යාන්ත්‍රික කියත් ලක්ෂ හතරකට ආසන්න ප්‍රමාණයක් ඇතැයි විශ්වාස කෙරේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අදහස හොදා. නමුත් යමක් කියන්න ඕන. මේ නිලධාරීන් තම රාජකාරිය හරියට ඉටුකර රටට සේවය කරනවානම් ජනතාව නීති ගරුක වීම වලක්වනු කාටවත් නොහැකිය..
ඔන්න නටවන්න වගේ හදන්නේ.
ඒකත් හොඳ තමා. ඒත් වන ජීවියටත් පොලිසියටත් තම රාජකාරිය හරියට කරනව නම් ඔය වගේ නීති අවශ්‍ය නැහැ. නුවර තට්ටු5 ක් හදනකම් නිළධාරින් ඇස් පියාගෙන හිටියද? ඒ වගේ තමා අනෙක් ඒවත්.
අලි ගොයම් කන එක නවත්වන්න ගෙවල්වල තිබෙන වංගෙඩි ගස්බදින්න කියා කීව කතාව මතක් වෙනවා.
පය බරවායට පිටිකර බෙහෙත් බැදීම... නීතිය හරියට නොකර ලොකු ලොක්කෝ බෙිරගෙන පොඩි එවුන් අහුකරන්න හදන්නේ...
ඊට වැඩිය හරිම ලේසියි තමන්ගෙ දේශපාලන හෙංචයියන්ට කරන අනිසි ව්‍යාපාර ටික නවත්තල දාන්න කියල කිව්වා නම්. මොකද කැලෑ කපන්නෙ වැලි හාරන්නෙ ඔක්කොම නීති විරෝධී පරිසරයට හානි වෙන දේවල් ටික කරන්නෙ ඒ අය නිසා. දෙයක් කරන එක ඉතාම හොඳයි. හැබැයි එහි ප්‍රායෝගිකත්වයක් තිබිය යුතුයි. මේ කියල තියෙන විදියට ගෙවල් වල තියෙන පිහි ටිකත් පොලිසියට වනජීවී එකට දීල එන්න කියයි.
මේ මොනාද මේ... වෙන කරන්න දේවල් නැතුවද මේ දොඩවන්නේ.
ඔය නීති ගේනකොට දැනටමත් මුළු රටේම වනාන්තර වල අවුරුදු 100 ය ගණන් පෞරාණික ගස් කපලා ඉවරයි.
ගෙදර ගහ කපාගන්න අවසර ගන්න ඕන. කැලේ කපන්න අවුලක් නැහැ.
ඔව් ඔව්... නැතිනම් අපි සියලු යාන්ත්‍රික කියත් අත්අඩංගුවට අරං බන්ධනාගාර ගත කරන්න සියලු පියවර ගන්නවා. නොකීවයි කියන්න එපා.
අතීසාරෙට අමුඩ ගහනව වගේ යෝජනා. ඒ කාලෙ වඩමඩු තහනම් කරන්න කතා කෙරුවා. තව ටික කලෙකින් කියයි ගෙදර තියෙන පිහියත් පොලසියට දා, උයන වෙලාවට අරන් යන්න කියලා. මේවට විද්‍යාත්මක විසඳූම් දෙන්න.
මුලින්ම මේක කිව්වේ හිටපු ජනාධිපතිතුමා ඒ දවස්වල ඔයාලම හිනාවුණා.
කැකිල්ලේ රජ්ජුරුවන්ගේ නීති නැවතත් ක්‍රියාවේ යෙදෙන වගක්.
මාර නීතිනේ මේවා...
කියත් මග. සමාන බවක් තියේද..?
වියත් මඟ, ඩෝසර් මඟ වෙලා එළිය, බලිය වෙලා තියෙන්නේ දැන්.
කියත්ටික විතරක් මදි... ඩෝසර් ටිකත් පොලිසියේ ගල් කරන්න.
රක්ෂිත වනාන්තර කපන එක කවම දාකවත් නවත්වන්න බැහැ. එයා දැනුවත් වෙනවා වෙන්න පුළුවන්. මේ තරම් වනාන්තර කපලා කාටද දඬුවම් ලැබුණේ? කැලේ කැපිල්ලට සම්බන්ධ නිලධාරීන්ට මේවන තුරු දඬුවමක් ලැබිලා තියෙනවද? කැලේ කපපු අයට කරපු විනාශයට හරියන දඬුවම් ලැබිලා තියෙනවද? කපාපු ගස්වල වටිනාකම අයකර ගැනීම හෝ ඒ ලී කොහාටද ගියේ කියලා සොයලා බලලා ප්‍රසිද්ධ කළාද? නැහැ අමූලික බොරුවක් කරන්නේ.
අපේ ගෙදර තියෙන පිහිකැති ටිකත් අරගෙන යන්න. හැබැයි උයන වෙලාවට ආයේ ඕනෑ.
මෙයාලට 2/3 දුන්නේ මෙවැකි විහිලු බල බලා ඉන්නද?
අායේ ඒ වලින් අවශ්‍ය වේලාවටවත් ප්‍රයෝජන ගත නොහැකි වේවි. වාහන පොලිසිවල තිබුණාම වෙන දේ කොහොමද..? එක තැන දිරාපත් වෙනවා.